බොලිවුඩ් තරුවකට ජාතියක් වෙනස් කළ හැකි ද? මෙවර අමීර් ඛාන්ගේ රුව රැගත් ටයිම් සඟරාව ඔහු ගැන ලියමින් අපෙන් අසන පැනය එයයි.
වර්ෂ 1988 දී සිහින් කඩවසම් තරුණයෙක් ‘ක්යාමත් සේ ක්යාමත් තක්’ සිනමාපටයෙන් දොරට වැඩියේය. ඉලෙක්ට්‍රික් ගිටාරයක් රැගෙන ඔහු ගැයූ පළමුවැනි ගීතමය රංගනය ‘පපා කෙහෙතේ හේන් බඩා නාම් කරේගා’යි. ගීතයේ අරුත වූයේ ‘පියා පවසනවා මං කවදා හරි ලොකු නමක් තියෙන කෙනෙක් වෙනවා. ඒත් කවුරුවත් දන්නෙ නැහැ මං කොහෙද යන්නෙ කියලා’ යන්නයි. ගීතය, තිරයට පැමිණි නැවුම් කඩවසම් යෞවනයා, එක් රැයකින්ම මිලියන ගණනකගේ හදවත් සොරා ගත්තේය.
බොබී බෝෂ් නම් මූම්බායි ලේඛකයා ටයිම් සඟරාව වෙනුවෙන් මූම්බායි හී පාලි හිල් හී පිහිටි නිවාස සංකීර්ණයට ගොඩ වැදී අමීර්ගේ කාර්යාලයට ගියේය. අමීර් පද්මාසනයට සමවැදී සිටියේය. ඒ දෑස සමාධියෙන් මිදුණු සැනින් බෝෂ්ගේ ප්‍රශ්න කිරීම ඇරැඹිණි.
* විනෝදය සපයන්නකුගේ කාර්යය භාරය කුමක්ද?
මිනිසුන් සිතන පතන ආකාරය වෙනස් කිරීමෙන් සමාජය ශක්තිමත් කිරීමයි.
ඔහුගේ පිළිතුර සැබෑ සිනමා තරුවකගේ අභිප්‍රායයි. එහෙත් ඉන්දියාවේ අති සාර්ථක නළුවකු වූ හතළිස් හත් හැවිරිදි අමීර්ට සිය අරමුණ කරා යන ගමන රෝස මල් ඇතිරූ යහනාවක් නොවෙයි. පසුගිය දශකයන්හී ඔහු රැඟුවේය. සිනමාපට අධ්‍යක්ෂණය, නිෂ්පාදනය කළේය. ඒවා කලාත්මක බවින් පරිපූර්ණ, වාණිජ වශයෙන් අති සාර්ථක සිනමාපට විය. දැන් ඔහුගේ නම දේශයේ රැව් පිළිරැව් දෙන්නේ ‘සත්යමේ ජායතී’ රියැලිටි රූපවාහිනී වැඩසටහනත් සමඟයි. මෙබඳු වැඩසටහනකින් විප්ලවවාදී කාර්යයක නියැළෙන පළමු සුපිරි තරුව අමීර්ය.
වැඩසටහනින් කතා කෙරෙන්නේ ඉන්දියානු සමාජයේ තිත්ත ඇත්තය. වැඩසටහනේ නිර්මාපකයා, නිෂ්පාදකයා මෙන්ම ඉදිරිපත් කරන්නා ද ඔහුය. මේ සිය තරු බලයෙන් ඔහු කරන හොඳම ආයෝජනයකි. මිලියන ගණනක ජනතාවගේ හද බැඳි වීරයා වූ ඔහු ගැහැනු කලල ගබ්සා කිරීම, ළමා ලිංගික අපචාර, කාන්තා හිංසනය ගැන නොබියව කතා කළේය.
2009 වසරේදී අති සාර්ථක ලෙස තිරගත වූ අමීර් රැඟූ ‘ත්‍රී ඉඩියට්ස්’ සිනමාපටයේ අධ්යක්ෂවරයා වූ රාජ්කුමාර් හිරානි, අමීර්ගේ රියැලිටි වැඩසටහන ගැන අර්ථ දක්වන්නේ මෙසේයි. ‘ඛාන් රසිකයන් තමන්ගෙන් විනෝදයට වැඩි බරපතළ යමක් බලාපොරාත්තු වන බව දන්නවා. මෙවැනි අභියෝග භාර ගන්නා නළුවන් අඩුයි.’
ජූලි 29 දා විකාශය වූ වැඩසටහනේ පළමු අදියරේ දහතුන් වැනි සහ අවසන් වැඩසටහන් පමණක් මිලියන පන්සියයකට අධික ජනකායක් නරඹා තිබේ. ඉන්දියාවේ නිදහස් උත්සවය නිමිත්තෙන් අගෝස්තු 15 වැනිදා විකාශය කෙරුණු 14 වැනි විශේෂ වැඩසටහන රූපවාහිනියෙන් නැරැඹූ, ගුවන් විදුලියෙන් ඇසූ, පුවත්පත් මගින් කිය වූ ජනතාව මෙපමණකැයි කියා ගණන් බැලීමට නොහැකිය.
ළමා ලිංගික අපචාර ගැන කතාබහ කෙරුණු වැඩසටහන විකාශය වූ පසු ඉන්දියානු පාර්ලිමේන්තුවේ පහළ සභාව මගින් එවැනි දරුවන් රැක ගැනීමට විශාල මුදලක් අනුමත කරන ලදී. තවත් පෙරැළිකාර වැඩසටහනක් වූයේ අඩු කුලේ කියා සම්මත ඉන්දියානුවන් සමඟ අගමැති මන්මෝහන් සිංට කතා කිරීමට සැලැස් වූ වැඩසටහනයි. වංචාකාර වෛද්‍යවරුන් ගැන කළ කතාබහෙන් පසු එවැනි වෛද්‍යවරුන් ගැන සෙවීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලදී. ගැහැනු කලල ගබ්සා කිරීම ගැන කතා කෙරුණු වැඩසටහන ද පෙරැළිකාර ප්‍රතිඵල ලබා දුන්නකි. වැඩසටහනින් පසු රාජස්ථාන් ප්‍රාන්තයේ බුදනියා නම් කුඩා ග්‍රාමයේ ප්‍රධානියා ස්ත්රීන්ට ඇති විෂමතාවට සහ ගබ්සා කිරීම්වලට එරෙහිව ආචාරධර්ම පද්ධතියක් පනවන ලදී.
අමීර් ඛාන්ට වැඩසටහන නිසා සැම විටම ධනවාදී ප්‍රතිඵල පමණක් භුක්ති විඳීමට සිදු වූවා කියා සිතුවොත් වැරැදිය. වෛද්‍ය සංගමය වරක් ඔහුට වෛද්‍යවරුන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස අණකර සිටියේය. එහෙත් ඔහු ඒ අණ ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වුවත් ඔහු සමාජයේ පවතින රෝග සඳහා හොඳම ඖෂධ නිර්දේශ ලබා දෙන, තුවාල වුණු සිත් සුව කරන ‘ගුරු’ බවට පත් වී අවසන්ය. මාධ්‍යවේදීන් ද දැන් අන් කවරදාටත් වැඩි උද්යෝගයකින් සමාජ ප්‍රශ්න ගැන ලිවීමට පෙළැඹී සිටිති. අමීර්ගේ තරු බලය මිනිසුන්ට දෙපයින් සිට ගෙන සවන් දීමට අවස්ථාව උදාකර දී තිබේ.තරුවකට බිලියන 1.2 ක ජනකායකට බලපෑම් කළ හැකි ද? සැබැවින්ම එය ඉන්දියාවේදී අසීරු අභියෝගයක් නොවෙයි. ඒ සුපිරි තරුවකට කළ නොහැකි බලපෑමක් නැති නිසාය.
ඉන්දියානුවන් නිරන්තර සිනමා රසිකයන්ය. සිනමාපට එක් රැස් කරන්නන්ය. වසරකට එරට බිලියන 4 කට වැඩි සිනමා ප්‍රවේශපත් ප්‍රමාණයක් අලෙවි කෙරේ. දුසිම් ගණනකින් ඇති භාෂාවලින් නරඹන සිනමාපට ගණන 1,200 ඉක්මවයි. (හොලිවුඩයේ සුපිරි චිත්රාගාරවලින් පසුගිය දශකයේ සිනමාපට 180 කට වඩා නිපද වූයේ කලාතුරකිනි. අමෙරිකානුවන් වසරකට මිලදී ගන්නා ප්‍රවේශ පත් සංඛ්‍යාව බිලියන 1.28 කි). ඉන්දියානු දිනපතා පුවත්පත්වල පිටු 8 – 16 ක් වෙන් වී ඇත්තේ සිනමාවට සහ තරු තොරතුරුවලටයි. තරු වන්දනාව ඉන්දියාවට අලුත් දෙයක් නොවෙයි. එහෙත් මෙවැනි අභියෝග භාර ගන්නා තරු නම් විරලය. ස්වභාවික විපතකින් පසු විපතට පත් ජනතාවට පිහිටවීමට තරු කලඑළි බසින්නේ දෙවරක් නොසිතාය.
‘බොහොමයක් ඉන්දියානු තරුවලට හොඳ හදවතක් තිබෙනවා. එහෙත් ඔවුන් අර්බුදකාරී ප්‍රශ්නවලට අතගසන්නේ නැහැ. සමහරු නිහඬව, අප්රසිද්ධියේ මැදිහත් වෙනවා.’ එසේ පවසන්නේ ඒඩ්ස් රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කරන, මූම්බායි මුඩුක්කුවාසීන් වෙනුවෙන් සේවය කරන විශිෂ්ට රංගන ශිල්පිනියක වූ ශබානා ආස්මිය.
අමෙරිකාවේ කතා රැජන ඔප්රා වින්ෆ්‍රේ මෙන් අමීර් රියැලිටි වැඩසටහනෙන් සෞඛ්‍ය උපදෙස්, සූප ශාස්ත්‍ර උපදෙස්, තරු කථාබස් ගෙන එන්නේ නැත. ‘සත්යමේ ජායතී’ වැඩසටහන් පිරී ඉතිරී යන්නේ බරපතළ සමාජ ගැටලුවලිනි. මේ වැඩසටහන, අමීර් ඛාන්ගේ මංගල රූපවාහිනී වැඩසටහනයි.
වැඩසටහන කැමරාගත කෙරෙන්නේ ඔහුගේ කිසිදු ඉරියව්වක් කප්පාදු නොකරමිනි. ඔහු ජනතා ගැටලුවලට සංවේදී වී තිරයෙන් පිටුපසට ගොස් කඳුළු පිස දමන අවස්ථා පවා කැමරා කාචයට හසුකර ගනී. අමීර් ඛාන් කියන්නේ තමන් මාධ්‍යවේදියකු නොව කතා කියන්නකු බවයි. ‘මට ඔබව කෝප ගස්සවන්න පුළුවන්. දුකක් ඇති කරවන්න පුළුවන්. සතුටින් තබන්නත් හැකියාව තිබෙනවා . . . ඒ මගේ දක්ෂතා එකතුවයි.’ අමීර් එසේ පවසද්දී නව පරපුරේ අධ්යක්ෂවරයකු වන අනුරාග් කාශ්‍යප් පවසන්නේ අමීර් භාවිත කරන්නේ බොලිවුඩයේ භාෂාව කියායි.
‘සත්යමේ ජායතී’ අමීර් ඛාන්ගේ සැබෑ වූ සිහිනයකි. සමාජයට මෙහෙවරක් කළ හැකි වැඩසටහනක් කිරීමේ සිතිවිල්ල ඔහුට ආවේ මීට කලකට පෙරය. ඔහුගේ පියා තහීර් හුසේන් ද සාර්ථක ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරයකි, නිෂ්පාදකයෙකි. ඔහු ද සමාජ පණිවුඩ රැගත් සිනමාපට නිපදවූවෙකි.
පෙරැළිකාර සිනමා ජීවිතයකට අමීර් මුල පිරුවේ 2001 දී ලගන් සිනමාපටයෙනි. හොඳම විදෙස් සිනමාපටය සඳහා එය ඇකඩමි සම්මානයට ද නිර්දේශ විය. තාරා සමීන් පර්, ත්‍රී ඉඩියට්ස් සමාජ ප්‍රශ්න කතා කළ සිනමාපටයි.
රියැලිටි වැඩසටහන පුංචි තිරයේ ඔහු කරන පෙරැළියයි. මෙහි අධ්යක්ෂ හිරාණිය. වැඩසටහන විවිධ භාෂාවල උප සිරැසි සහිතව හා දෙබස් කවා විකාශය කෙරෙයි. ප්‍රධාන පුවත්පත්වල සතිපතා මේ ගැන තීරු පළ වෙයි. ඔහුගේ වැඩසටහන විකාශය කෙරෙන ඉරිදා පෙරවරු 11, රටේම නෙත් සත්යමේ ජායතී සඳහා යොමු වී තිබේ.
වැඩිම පිරිසක් නරඹන වෙලාවක තම වැඩසටහනට අනවශ්‍ය බව අමීර්ගේ අදහසයි. වැඩසටහන නරඹා කෑම මේසයේදී පවුල්වල සාමාජිකයන්ට මේ මාතෘකා ගැන කම්පාවට පමණක් පත් නොවී වැඩිදුරටත් ඒ ගැන කතා කළ හැකි නම් සිය අරමුණ ඉටු වූ බව ඔහු පවසයි.
නිෂ්පාදක කණ්ඩායම මුලදී මෙය මෙතරම් සාර්ථක වේ යැයි කියා සිතුවේ නැත. ඉරිදා උදෑසන ඉන්දියානුවන්ට කාර්ය බහුලය. වැඩසටහනින් සාකච්ඡා කෙරෙන්නේ වැඩි දෙනකු පාපිස්ස යට සඟවා තබා ගැනීමට වෙර දැරූ ප්‍රශ්නයි. එහෙත් වැඩසටහන ඇරැඹූ අලුතම එය මිලියන 90 ක ජනකායකගේ හදවතට සමීප විය.
source- http://www.sarasaviya.lk
වර්ෂ 1988 දී සිහින් කඩවසම් තරුණයෙක් ‘ක්යාමත් සේ ක්යාමත් තක්’ සිනමාපටයෙන් දොරට වැඩියේය. ඉලෙක්ට්‍රික් ගිටාරයක් රැගෙන ඔහු ගැයූ පළමුවැනි ගීතමය රංගනය ‘පපා කෙහෙතේ හේන් බඩා නාම් කරේගා’යි. ගීතයේ අරුත වූයේ ‘පියා පවසනවා මං කවදා හරි ලොකු නමක් තියෙන කෙනෙක් වෙනවා. ඒත් කවුරුවත් දන්නෙ නැහැ මං කොහෙද යන්නෙ කියලා’ යන්නයි. ගීතය, තිරයට පැමිණි නැවුම් කඩවසම් යෞවනයා, එක් රැයකින්ම මිලියන ගණනකගේ හදවත් සොරා ගත්තේය.

* විනෝදය සපයන්නකුගේ කාර්යය භාරය කුමක්ද?
මිනිසුන් සිතන පතන ආකාරය වෙනස් කිරීමෙන් සමාජය ශක්තිමත් කිරීමයි.
ඔහුගේ පිළිතුර සැබෑ සිනමා තරුවකගේ අභිප්‍රායයි. එහෙත් ඉන්දියාවේ අති සාර්ථක නළුවකු වූ හතළිස් හත් හැවිරිදි අමීර්ට සිය අරමුණ කරා යන ගමන රෝස මල් ඇතිරූ යහනාවක් නොවෙයි. පසුගිය දශකයන්හී ඔහු රැඟුවේය. සිනමාපට අධ්‍යක්ෂණය, නිෂ්පාදනය කළේය. ඒවා කලාත්මක බවින් පරිපූර්ණ, වාණිජ වශයෙන් අති සාර්ථක සිනමාපට විය. දැන් ඔහුගේ නම දේශයේ රැව් පිළිරැව් දෙන්නේ ‘සත්යමේ ජායතී’ රියැලිටි රූපවාහිනී වැඩසටහනත් සමඟයි. මෙබඳු වැඩසටහනකින් විප්ලවවාදී කාර්යයක නියැළෙන පළමු සුපිරි තරුව අමීර්ය.
වැඩසටහනින් කතා කෙරෙන්නේ ඉන්දියානු සමාජයේ තිත්ත ඇත්තය. වැඩසටහනේ නිර්මාපකයා, නිෂ්පාදකයා මෙන්ම ඉදිරිපත් කරන්නා ද ඔහුය. මේ සිය තරු බලයෙන් ඔහු කරන හොඳම ආයෝජනයකි. මිලියන ගණනක ජනතාවගේ හද බැඳි වීරයා වූ ඔහු ගැහැනු කලල ගබ්සා කිරීම, ළමා ලිංගික අපචාර, කාන්තා හිංසනය ගැන නොබියව කතා කළේය.
2009 වසරේදී අති සාර්ථක ලෙස තිරගත වූ අමීර් රැඟූ ‘ත්‍රී ඉඩියට්ස්’ සිනමාපටයේ අධ්යක්ෂවරයා වූ රාජ්කුමාර් හිරානි, අමීර්ගේ රියැලිටි වැඩසටහන ගැන අර්ථ දක්වන්නේ මෙසේයි. ‘ඛාන් රසිකයන් තමන්ගෙන් විනෝදයට වැඩි බරපතළ යමක් බලාපොරාත්තු වන බව දන්නවා. මෙවැනි අභියෝග භාර ගන්නා නළුවන් අඩුයි.’
ජූලි 29 දා විකාශය වූ වැඩසටහනේ පළමු අදියරේ දහතුන් වැනි සහ අවසන් වැඩසටහන් පමණක් මිලියන පන්සියයකට අධික ජනකායක් නරඹා තිබේ. ඉන්දියාවේ නිදහස් උත්සවය නිමිත්තෙන් අගෝස්තු 15 වැනිදා විකාශය කෙරුණු 14 වැනි විශේෂ වැඩසටහන රූපවාහිනියෙන් නැරැඹූ, ගුවන් විදුලියෙන් ඇසූ, පුවත්පත් මගින් කිය වූ ජනතාව මෙපමණකැයි කියා ගණන් බැලීමට නොහැකිය.
ළමා ලිංගික අපචාර ගැන කතාබහ කෙරුණු වැඩසටහන විකාශය වූ පසු ඉන්දියානු පාර්ලිමේන්තුවේ පහළ සභාව මගින් එවැනි දරුවන් රැක ගැනීමට විශාල මුදලක් අනුමත කරන ලදී. තවත් පෙරැළිකාර වැඩසටහනක් වූයේ අඩු කුලේ කියා සම්මත ඉන්දියානුවන් සමඟ අගමැති මන්මෝහන් සිංට කතා කිරීමට සැලැස් වූ වැඩසටහනයි. වංචාකාර වෛද්‍යවරුන් ගැන කළ කතාබහෙන් පසු එවැනි වෛද්‍යවරුන් ගැන සෙවීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලදී. ගැහැනු කලල ගබ්සා කිරීම ගැන කතා කෙරුණු වැඩසටහන ද පෙරැළිකාර ප්‍රතිඵල ලබා දුන්නකි. වැඩසටහනින් පසු රාජස්ථාන් ප්‍රාන්තයේ බුදනියා නම් කුඩා ග්‍රාමයේ ප්‍රධානියා ස්ත්රීන්ට ඇති විෂමතාවට සහ ගබ්සා කිරීම්වලට එරෙහිව ආචාරධර්ම පද්ධතියක් පනවන ලදී.
අමීර් ඛාන්ට වැඩසටහන නිසා සැම විටම ධනවාදී ප්‍රතිඵල පමණක් භුක්ති විඳීමට සිදු වූවා කියා සිතුවොත් වැරැදිය. වෛද්‍ය සංගමය වරක් ඔහුට වෛද්‍යවරුන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස අණකර සිටියේය. එහෙත් ඔහු ඒ අණ ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වුවත් ඔහු සමාජයේ පවතින රෝග සඳහා හොඳම ඖෂධ නිර්දේශ ලබා දෙන, තුවාල වුණු සිත් සුව කරන ‘ගුරු’ බවට පත් වී අවසන්ය. මාධ්‍යවේදීන් ද දැන් අන් කවරදාටත් වැඩි උද්යෝගයකින් සමාජ ප්‍රශ්න ගැන ලිවීමට පෙළැඹී සිටිති. අමීර්ගේ තරු බලය මිනිසුන්ට දෙපයින් සිට ගෙන සවන් දීමට අවස්ථාව උදාකර දී තිබේ.තරුවකට බිලියන 1.2 ක ජනකායකට බලපෑම් කළ හැකි ද? සැබැවින්ම එය ඉන්දියාවේදී අසීරු අභියෝගයක් නොවෙයි. ඒ සුපිරි තරුවකට කළ නොහැකි බලපෑමක් නැති නිසාය.

‘බොහොමයක් ඉන්දියානු තරුවලට හොඳ හදවතක් තිබෙනවා. එහෙත් ඔවුන් අර්බුදකාරී ප්‍රශ්නවලට අතගසන්නේ නැහැ. සමහරු නිහඬව, අප්රසිද්ධියේ මැදිහත් වෙනවා.’ එසේ පවසන්නේ ඒඩ්ස් රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කරන, මූම්බායි මුඩුක්කුවාසීන් වෙනුවෙන් සේවය කරන විශිෂ්ට රංගන ශිල්පිනියක වූ ශබානා ආස්මිය.
අමෙරිකාවේ කතා රැජන ඔප්රා වින්ෆ්‍රේ මෙන් අමීර් රියැලිටි වැඩසටහනෙන් සෞඛ්‍ය උපදෙස්, සූප ශාස්ත්‍ර උපදෙස්, තරු කථාබස් ගෙන එන්නේ නැත. ‘සත්යමේ ජායතී’ වැඩසටහන් පිරී ඉතිරී යන්නේ බරපතළ සමාජ ගැටලුවලිනි. මේ වැඩසටහන, අමීර් ඛාන්ගේ මංගල රූපවාහිනී වැඩසටහනයි.
වැඩසටහන කැමරාගත කෙරෙන්නේ ඔහුගේ කිසිදු ඉරියව්වක් කප්පාදු නොකරමිනි. ඔහු ජනතා ගැටලුවලට සංවේදී වී තිරයෙන් පිටුපසට ගොස් කඳුළු පිස දමන අවස්ථා පවා කැමරා කාචයට හසුකර ගනී. අමීර් ඛාන් කියන්නේ තමන් මාධ්‍යවේදියකු නොව කතා කියන්නකු බවයි. ‘මට ඔබව කෝප ගස්සවන්න පුළුවන්. දුකක් ඇති කරවන්න පුළුවන්. සතුටින් තබන්නත් හැකියාව තිබෙනවා . . . ඒ මගේ දක්ෂතා එකතුවයි.’ අමීර් එසේ පවසද්දී නව පරපුරේ අධ්යක්ෂවරයකු වන අනුරාග් කාශ්‍යප් පවසන්නේ අමීර් භාවිත කරන්නේ බොලිවුඩයේ භාෂාව කියායි.
‘සත්යමේ ජායතී’ අමීර් ඛාන්ගේ සැබෑ වූ සිහිනයකි. සමාජයට මෙහෙවරක් කළ හැකි වැඩසටහනක් කිරීමේ සිතිවිල්ල ඔහුට ආවේ මීට කලකට පෙරය. ඔහුගේ පියා තහීර් හුසේන් ද සාර්ථක ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරයකි, නිෂ්පාදකයෙකි. ඔහු ද සමාජ පණිවුඩ රැගත් සිනමාපට නිපදවූවෙකි.
පෙරැළිකාර සිනමා ජීවිතයකට අමීර් මුල පිරුවේ 2001 දී ලගන් සිනමාපටයෙනි. හොඳම විදෙස් සිනමාපටය සඳහා එය ඇකඩමි සම්මානයට ද නිර්දේශ විය. තාරා සමීන් පර්, ත්‍රී ඉඩියට්ස් සමාජ ප්‍රශ්න කතා කළ සිනමාපටයි.
රියැලිටි වැඩසටහන පුංචි තිරයේ ඔහු කරන පෙරැළියයි. මෙහි අධ්යක්ෂ හිරාණිය. වැඩසටහන විවිධ භාෂාවල උප සිරැසි සහිතව හා දෙබස් කවා විකාශය කෙරෙයි. ප්‍රධාන පුවත්පත්වල සතිපතා මේ ගැන තීරු පළ වෙයි. ඔහුගේ වැඩසටහන විකාශය කෙරෙන ඉරිදා පෙරවරු 11, රටේම නෙත් සත්යමේ ජායතී සඳහා යොමු වී තිබේ.
වැඩිම පිරිසක් නරඹන වෙලාවක තම වැඩසටහනට අනවශ්‍ය බව අමීර්ගේ අදහසයි. වැඩසටහන නරඹා කෑම මේසයේදී පවුල්වල සාමාජිකයන්ට මේ මාතෘකා ගැන කම්පාවට පමණක් පත් නොවී වැඩිදුරටත් ඒ ගැන කතා කළ හැකි නම් සිය අරමුණ ඉටු වූ බව ඔහු පවසයි.
නිෂ්පාදක කණ්ඩායම මුලදී මෙය මෙතරම් සාර්ථක වේ යැයි කියා සිතුවේ නැත. ඉරිදා උදෑසන ඉන්දියානුවන්ට කාර්ය බහුලය. වැඩසටහනින් සාකච්ඡා කෙරෙන්නේ වැඩි දෙනකු පාපිස්ස යට සඟවා තබා ගැනීමට වෙර දැරූ ප්‍රශ්නයි. එහෙත් වැඩසටහන ඇරැඹූ අලුතම එය මිලියන 90 ක ජනකායකගේ හදවතට සමීප විය.
source- http://www.sarasaviya.lk
No comments:
Post a Comment