ඈ අතිශයින්ම රූමත්ය. රූ රැජිනකට නොදෙවෙනි අයස්කාන්ත රූප සම්පත්තියකට උරුමකම් කියූ ඈ දුටුවෙක් නැවත කීප වාරයක් ඈ දෙස බලන තරම් රුවින් අග තැන්පත් වූවාය. එහෙත් අරුමය නම් බටහිර රටක සිටියත් ඇය තවමත් යොවුන් කන්‍යාවියක ද වීමයි. එමතු ද නොව ළමා වියේ පටන් අනාවැකි කීමේ ගුප්ත ශක්තියක් ද ඈ සතු විය.
කාඩ් කුට්ටමක ඇති කොළ අනුසාරයෙන් යමකුගේ ජීවිතයේ අනාගත තතු කියා පෑමේ ඒ අපූරු හැකියාව ඈ උපතින් ලත් සුවිශේෂ දායාදයක් විය. එහෙත් අවාසනාවකට දෝ ඇයගේ භාරකාරත්වය හිමිව තිබුණේ කනන්ගා නමැති දූෂිත දේශපාලනඥයකුටය. කැරිබියානු ජාතිකයකු වු ඔහු ‘සැන් මොනික්’ දූපතේ ඒකාධිපති පාලකයා ලෙසත් ‘හාර්ලම්’ හි මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයකු ලෙසත් දෙබිඩි ජීවිතයක් ගත කරන කෝටිපතියකු වූයේය. ‘සැන් මොනික්’ හි අක්කර ගණනාවක් පුරා පැවති ‘පොපී’ වගාව කේන්ද්‍ර කොටගෙන ඔහුගේ හෙරොයින් නිෂ්පාදන කටයුතු සිදු කෙරුණු අතර අමෙරිකාවේ ලුසියානා හි ‘ෆිලට් ඔෆ් සෝල්’ නමින් සමාජ ශාලා ජාලයක් පවත්වාගන ගියේ ‘මිස්ටර් බිග්’ යන අන්වර්ථ නාමයෙනි.
අමෙරිකානු කළු ජාතිකයින්ගේ නීති විරෝධී සංවිධාන හරහා දියත් වූ අපරාධ රැල්ලක ප්‍රතිඵල වශයෙන් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා ඒජන්තවරු තිදෙනෙක් පැය 24 ක් තුළදී ඝාතනය වීමෙන් පසු එම අඹිරහස් ඝාතන පිළිබඳ පරික්ෂණ පැවැත්වීමට ජේම්ස් බොන්ඩ් ලුසියානා වෙත පැමිණෙන්නේ මෙම අපරාධ රැල්ලේ සුල මුල සොයා ගැනීමටයි.
ඒ සුරූපී පේනකාරිය ‘සොලිටෙයාර්’ ජේම්ස් බොන්ඩ් හට මුණ ගැසෙන්නේ කනන්ගා සතු ‘ෆිලට් ඔෆ් සෝල්’ සමාජ ශාලාවක පැවැත්වෙන අනාවැකි කීමේ සැසියකදීයි. පළමු හමුවීමෙන් පසු දෙදෙනා අතර ඇසුරක් ගොඩ නැගෙන නමුදු ඇයගේ පේන කීමේ සුවිශේෂ හැකියාව රඳා පවතින්නේ ඇය කන්‍යාවක වන තාක් කල් පමණි. එහෙත් දෙදෙනාගේ ඇසුර පමණ ඉක්මවා දුර දිග ගිය පසු . . .?
‘ඩයමන්ඩ්ස් ආ ෆො එවර්’ චිත්‍රපටයේ රඟපෑමට කොනරි එක් වුණේ කාගේත් බලවත් ඇවිටිල්ල සහ ඔහු වෙත පිරිනැමූ අති විශාල මුදල් කන්දරාව හේතු කොට ගෙනයි. එහෙත් නැවත බොන්ඩ් චරිතය රඟපෑම ඔහු මුළුමනින්ම ප්‍රතික්ෂේප කළෙන් අලුත් බොන්ඩ් කෙනකු සෙවීම සඳහා නැවත වරක් වෙහෙස වීමට නිෂ්පාදකවරුන්ට සිදු විය.
චරිතය සඳහා අමෙරිකානුවකු යොදා ගැනීමට අදහස් කළ ඔවුන්ගේ ඉලක්කය යොමු වුණේ එවකට ‘ඩර්ටි හැරී’ චිත්‍රපට මාලවේ රහස් පරීක්ෂකයකුගේ චරිතය රඟපෑමෙන් උපරිම ජනප්‍රියත්වයට පත්ව සිටි ක්ලින්ට් ඊස්ට්වුඩ් වෙතයි. එහෙත් ක්ලින්ට් ඇරයුම ප්‍රතික්ෂේප කළේ බොන්ඩ් චරිතයට සුදුසු වන්නේ අනිවාර්යයෙන්ම බ්‍රිතාන්‍ය ජාතික නළුවකු බව ප්‍රකාශ කරමින්.
යුනයිටඩ් ආටිස්ට් සමාගම වඩාත් නැඹුරුතාවයක් දැක්වූයේ බර්ට් රෙනෝල්ඩ්ස්, පෝල් නිව්මන් සහ රොබට් රෙඩ්ෆෝඩ් වැනි අමෙරිකානු නළුවන් වෙතටයි. එහෙත් බ්‍රිතාන්‍ය නළුවකු වූ රොජර් මුවර් බ්රොකොලිලාගේ එකම තේරීම වූ අතර යම් හෙයකින් ඔහු චරිතය ප්‍රතික්ෂේප කළහොත් මයිකල් බිලිංටන් වෙත බොන්ඩ් චරිතය පැවරීම ඔවුන්ගේ අදහස විය. අවසානයේ රොජර් මුවර් තෝරාගත් අතර තිර කතා රචක මැන්කිවිස් මුවර්ගේ චරිතයට සරිලන පරිදි තිර කතාව නවීකරණය කොට නැවත සකස් කරන ලදී.
ප්‍රධාන නිළි චරිතය වූ ‘සොලිටෙයාර්’ සඳහා මැන්කිවිස් අදහස් කරගෙන සිටියේ කළු ජාතික නිළි ගායිකාවක් වූ ඩයනා රොස් යොදා ගැනීමටයි. එහෙත් බ්රොකොලි ගේ තේරීම වූයේ ‘වන්ඩින් ලයින්’ නම් ටෙලි කතා මාලාවේ රඟපෑ සුරූපී ජේන් සිමෝ නම් නිළියයි.
ප්‍රධාන ප්‍රතිවාදී කනන්ගා හෙවත් මිස්ටර් බිග්ගේ චරිතය නිරූපණය කළේ යැෆට් කෝටෝ නමැති කළු අමෙරිකානු නළුවායි. ක්ලිෆ්ටන් ජේම්ස් විසින් රඟපෑ පොලිස් නිලධාරී ජේ. ඩබ්ලිව්. පෙපර් ගේ චරිතය මැන් කිවිස් විසින් තිර රචනයට එක්කරන ලද්දේ චිත්‍රපටයට හාස්‍යජනක දර්ශන වැඩි ප්‍රමාණයක් ඇතුළත් කිරීම සඳහායි. සුරූපී මැඩලීන් ස්මිත් චිත්‍රපටයේ ආරම්භක දර්ශනවලදී බොන්ඩ්ගේ සුරතලිය ලෙස රඟපෑවා.
ඈ වරෙක ප්‍රකාශ කළේ දර්ශන තලයේ මුවර්ගේ බිරිඳ රූගත කිරීම් දෙස බලා සිටියදී ඔහු සමඟ අඩ නිරුවතින් යහන්ගතවීමේ සමහර ජවනිකාවල රඟපෑම තමාට මහත් අපහසුතාවයක් ගෙන දුන් බවයි. ප්‍රථම වරට බොන්ඩ් කළු ජාතික තරුණියක් වන ග්ලෝරියා හෙන්ඩ්රි සමඟ රඟපාන පෙම් ජවනිකා කිහිපයක් ද මෙම චිත්‍රපටයට ඇතුළත් වනවා. සෑම බොන්ඩ් චිත්‍රපටයකම පොදු වූ ‘එම්’ සහ මිසිස් මනිපෙනි ගේ චරිත සිරිත් පරිදි බර්නාඩ් ලී සහ ලොයිස් මැක්ස්වෙල් විසින් නිරූපණය කෙරුණු අතර මිස්ටර් ‘කිව්’ ගේ චරිතය මෙම චිත්‍රපටයට ඇතුළත් කර නොතිබීම විශේෂත්වයකි.
‘ගෝල්ඩ් ෆින්ගර්’ අධ්‍යක්ෂණය කළ ගයි හැමිල්ටන් මෙහි අධ්‍යක්ෂකවරයා වෙයි. කැමරාකරණයෙන් ටෙඩ් මුවර් ද, සංස්කරණයෙන් බර්ට් බේට්ස්, රේමන්ඩ් පෝල්ටන් සහ ජෝන් ෂර්ලි ද දායකත්වය ලබා දුන්නේය. චිත්‍රපටයේ තේමා ගීතය ලියා සංගීතවත් කොට ගායනය කරන්නේ ලෝ පතල ‘බීට්ල්ස්’ කණ්ඩායමේ හිටපු සංගීත ශිල්පී පෝල් මැකාට්නි සහ බිරිඳ ලින්ඩා මැකාට්නි යුවළ ප්‍රධාන ‘වින්ග්ස්’ සංගීත කණ්ඩායමයි. පසුගිය බොන්ඩ් චිත්‍රපට සියල්ලම සංගීතයෙන් හැඩ ගැන්වූ ජෝන් බැරී වෙනුවට මෙහි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ජෝජ් මාටින් විසිනි.
ප්‍රධාන රූගත කිරීම් 1972 ඔක්තෝබර් මස ලුසියානාහිදී ආරම්භ වුණා. නිෂ්පාදක කණ්ඩායම නොවැම්බර් මස ජැමෙයිකාවටත් ඉන් පසු හාර්ලම්වලටත් සංක්‍රමණය වෙමින් අවසානයේ ලන්ඩනයේ පයින්වුඩ් චිත්‍රාගාරයේ රූගත කිරීම්වලින් චිත්‍රපටයේ වැඩ කටයුතු හමාර කළා.
කිඹුලන් පිරි තටාකයක් තුළ සිර කෙරෙන බොන්ඩ් උන්ගේ ඇඟ මතින් පනිමින් දිව ගොස් බේරී යන දර්ශනය රූගත කරද්දී ඔහු වෙනුවෙන් රඟපෑ අතිරේක නළුවාගේ පාද කිඹුලන්ගේ සපා කෑමට ලක්වුණා. චිත්‍රපටයේ එන අවදානම් දර්ශන අතර ලුසියානා කලපුවේ රූගත කළ බෝට්ටු ලුහුබැඳීම ප්‍රධාන තැනක් ගත්තා.
මේ සඳහා ග්ලැස්ටර්න් බෝට්ටු සමාගම විසින් බෝට්ටු 26 ක් නිෂ්පාදනය කළ අතර පුහුණුවීම් අතරතුර ඉන් 17 ක්ම විනාශ වුණා. චිත්‍රපටයේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය තදින් දිනාගත් දර්ශනයක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි. විසකුරු සර්පයින් යොදා ගනිමින් රූ ගත කළ දර්ශන පෙළක් ද මේ චිත්‍රපටයට ඇතුළත් වෙනවා. ප්‍රධාන නිළි ජේන් මෙම දර්ශන රූ ගත කිරීමේදී බලවත් අපහසුතාවයට පත්වූවේ අන් හැම තරුණියක් මෙන්ම ඇය ද සර්පයන් කෙරේ දැක් වූ ඉමහත් බිය හේතු කොට ගෙනයි. මෙම ජවනිකා රූගත කිරීම් නැරඹීමට ඇලෙක්සැන්ඩ්රා කුමරිය ද දර්ශන තලයට පැමිණ සිටියා.
චිත්‍රපටය ප්‍රසිද්ධ මහජන ප්‍රදර්ශනය සඳහා උත්සවාකාරයෙන් විවෘත කෙරුණේ 1973 ජූලි 6 දා ලන්ඩනයේ ලිසිස්ටර් චතුරස්රයේ ඕඩියන් ශාලාවේදීය. අමෙරිකාවේ ප්‍රදර්ශනය ඊට දින කිහිපයකට කලින් එනම් 1973 ජූනි 27 වනදා ආරම්භ වුණා. ඩොලර් මිලියන 7 ක පිරිවැයකින් නිපද වූ චිත්‍රපටයේ ආදායම් වාර්තාව ඩොලර් මිලියන 37 ඉක්මවා ගියා. ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලත් ආදායම ඩොලර් මිලියන 161 කි. 1980 වසරේදී බ්‍රිතාන්‍ය ටෙලිවිෂන් පාඨකයින් මිලියන 23 හමාරක සංඛ්‍යාවක් චිත්‍රපටය නරඹා තිබූ බවට වාර්තා නිකුත් වී තිබුණා.
බොහෝ සිනමා විචාරකයින්ගේ මතය වූයේ කොනරි ගොඩ නඟා තිබූ ප්‍රතිරූපය අභිබවා යන රඟපෑමක් මුවර් වෙතින් පළ නොවූ වගයි. ඇතැමකු පැවසුවේ කොනරි සහ ලැසන්බි මිට මෙල වූ අතින් මුදා හල බලය වෙනුවට මුවර් සිදු කළේ ඇහිබැම ඉහළට එසවීම පමණක් බවයි. බොන්ඩ් චිත්‍රපටයක ආ දුර්වලම ප්‍රතිවාදියා කනන්ගා බව සමහර විචාරකයින්ගේ අදහස වුණා.
කනන්ගා චරිතය රඟපෑ යැෆට් කෝටෝ එසෙ දෝෂ දර්ශනයට ලක් වෙද්දී මෙතෙක් බොන්ඩ් චිත්‍රපටයක පෙනී සිටි ලස්සනම බොන්ඩ් කෙල්ල ලෙස ජේන් සිමෝ බොහෝ දෙනකුගේ පැසසුමට ලක්වුණා. ‘ලිව් ඇන්ඩ් ලෙට් ඩයි’ චිත්‍රපටය ඔබත් නැරඹුවොත් එහි ඇත්ත නැත්ත තීරණය කිරීමට ප්‍රේක්ෂක ඔබට ද අවස්ථාවක් ලැබෙනු නොඅනුමානයි. ‘මෑන් විත් ද ගෝල්ඩන් ගන්’ චිත්‍රපටයත් සමඟ නැවත හමු වෙමු.
source- http://www.sarasaviya.lk

අමෙරිකානු කළු ජාතිකයින්ගේ නීති විරෝධී සංවිධාන හරහා දියත් වූ අපරාධ රැල්ලක ප්‍රතිඵල වශයෙන් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා ඒජන්තවරු තිදෙනෙක් පැය 24 ක් තුළදී ඝාතනය වීමෙන් පසු එම අඹිරහස් ඝාතන පිළිබඳ පරික්ෂණ පැවැත්වීමට ජේම්ස් බොන්ඩ් ලුසියානා වෙත පැමිණෙන්නේ මෙම අපරාධ රැල්ලේ සුල මුල සොයා ගැනීමටයි.
ඒ සුරූපී පේනකාරිය ‘සොලිටෙයාර්’ ජේම්ස් බොන්ඩ් හට මුණ ගැසෙන්නේ කනන්ගා සතු ‘ෆිලට් ඔෆ් සෝල්’ සමාජ ශාලාවක පැවැත්වෙන අනාවැකි කීමේ සැසියකදීයි. පළමු හමුවීමෙන් පසු දෙදෙනා අතර ඇසුරක් ගොඩ නැගෙන නමුදු ඇයගේ පේන කීමේ සුවිශේෂ හැකියාව රඳා පවතින්නේ ඇය කන්‍යාවක වන තාක් කල් පමණි. එහෙත් දෙදෙනාගේ ඇසුර පමණ ඉක්මවා දුර දිග ගිය පසු . . .?

චරිතය සඳහා අමෙරිකානුවකු යොදා ගැනීමට අදහස් කළ ඔවුන්ගේ ඉලක්කය යොමු වුණේ එවකට ‘ඩර්ටි හැරී’ චිත්‍රපට මාලවේ රහස් පරීක්ෂකයකුගේ චරිතය රඟපෑමෙන් උපරිම ජනප්‍රියත්වයට පත්ව සිටි ක්ලින්ට් ඊස්ට්වුඩ් වෙතයි. එහෙත් ක්ලින්ට් ඇරයුම ප්‍රතික්ෂේප කළේ බොන්ඩ් චරිතයට සුදුසු වන්නේ අනිවාර්යයෙන්ම බ්‍රිතාන්‍ය ජාතික නළුවකු බව ප්‍රකාශ කරමින්.
යුනයිටඩ් ආටිස්ට් සමාගම වඩාත් නැඹුරුතාවයක් දැක්වූයේ බර්ට් රෙනෝල්ඩ්ස්, පෝල් නිව්මන් සහ රොබට් රෙඩ්ෆෝඩ් වැනි අමෙරිකානු නළුවන් වෙතටයි. එහෙත් බ්‍රිතාන්‍ය නළුවකු වූ රොජර් මුවර් බ්රොකොලිලාගේ එකම තේරීම වූ අතර යම් හෙයකින් ඔහු චරිතය ප්‍රතික්ෂේප කළහොත් මයිකල් බිලිංටන් වෙත බොන්ඩ් චරිතය පැවරීම ඔවුන්ගේ අදහස විය. අවසානයේ රොජර් මුවර් තෝරාගත් අතර තිර කතා රචක මැන්කිවිස් මුවර්ගේ චරිතයට සරිලන පරිදි තිර කතාව නවීකරණය කොට නැවත සකස් කරන ලදී.
ප්‍රධාන නිළි චරිතය වූ ‘සොලිටෙයාර්’ සඳහා මැන්කිවිස් අදහස් කරගෙන සිටියේ කළු ජාතික නිළි ගායිකාවක් වූ ඩයනා රොස් යොදා ගැනීමටයි. එහෙත් බ්රොකොලි ගේ තේරීම වූයේ ‘වන්ඩින් ලයින්’ නම් ටෙලි කතා මාලාවේ රඟපෑ සුරූපී ජේන් සිමෝ නම් නිළියයි.
ප්‍රධාන ප්‍රතිවාදී කනන්ගා හෙවත් මිස්ටර් බිග්ගේ චරිතය නිරූපණය කළේ යැෆට් කෝටෝ නමැති කළු අමෙරිකානු නළුවායි. ක්ලිෆ්ටන් ජේම්ස් විසින් රඟපෑ පොලිස් නිලධාරී ජේ. ඩබ්ලිව්. පෙපර් ගේ චරිතය මැන් කිවිස් විසින් තිර රචනයට එක්කරන ලද්දේ චිත්‍රපටයට හාස්‍යජනක දර්ශන වැඩි ප්‍රමාණයක් ඇතුළත් කිරීම සඳහායි. සුරූපී මැඩලීන් ස්මිත් චිත්‍රපටයේ ආරම්භක දර්ශනවලදී බොන්ඩ්ගේ සුරතලිය ලෙස රඟපෑවා.
ඈ වරෙක ප්‍රකාශ කළේ දර්ශන තලයේ මුවර්ගේ බිරිඳ රූගත කිරීම් දෙස බලා සිටියදී ඔහු සමඟ අඩ නිරුවතින් යහන්ගතවීමේ සමහර ජවනිකාවල රඟපෑම තමාට මහත් අපහසුතාවයක් ගෙන දුන් බවයි. ප්‍රථම වරට බොන්ඩ් කළු ජාතික තරුණියක් වන ග්ලෝරියා හෙන්ඩ්රි සමඟ රඟපාන පෙම් ජවනිකා කිහිපයක් ද මෙම චිත්‍රපටයට ඇතුළත් වනවා. සෑම බොන්ඩ් චිත්‍රපටයකම පොදු වූ ‘එම්’ සහ මිසිස් මනිපෙනි ගේ චරිත සිරිත් පරිදි බර්නාඩ් ලී සහ ලොයිස් මැක්ස්වෙල් විසින් නිරූපණය කෙරුණු අතර මිස්ටර් ‘කිව්’ ගේ චරිතය මෙම චිත්‍රපටයට ඇතුළත් කර නොතිබීම විශේෂත්වයකි.
‘ගෝල්ඩ් ෆින්ගර්’ අධ්‍යක්ෂණය කළ ගයි හැමිල්ටන් මෙහි අධ්‍යක්ෂකවරයා වෙයි. කැමරාකරණයෙන් ටෙඩ් මුවර් ද, සංස්කරණයෙන් බර්ට් බේට්ස්, රේමන්ඩ් පෝල්ටන් සහ ජෝන් ෂර්ලි ද දායකත්වය ලබා දුන්නේය. චිත්‍රපටයේ තේමා ගීතය ලියා සංගීතවත් කොට ගායනය කරන්නේ ලෝ පතල ‘බීට්ල්ස්’ කණ්ඩායමේ හිටපු සංගීත ශිල්පී පෝල් මැකාට්නි සහ බිරිඳ ලින්ඩා මැකාට්නි යුවළ ප්‍රධාන ‘වින්ග්ස්’ සංගීත කණ්ඩායමයි. පසුගිය බොන්ඩ් චිත්‍රපට සියල්ලම සංගීතයෙන් හැඩ ගැන්වූ ජෝන් බැරී වෙනුවට මෙහි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ජෝජ් මාටින් විසිනි.

කිඹුලන් පිරි තටාකයක් තුළ සිර කෙරෙන බොන්ඩ් උන්ගේ ඇඟ මතින් පනිමින් දිව ගොස් බේරී යන දර්ශනය රූගත කරද්දී ඔහු වෙනුවෙන් රඟපෑ අතිරේක නළුවාගේ පාද කිඹුලන්ගේ සපා කෑමට ලක්වුණා. චිත්‍රපටයේ එන අවදානම් දර්ශන අතර ලුසියානා කලපුවේ රූගත කළ බෝට්ටු ලුහුබැඳීම ප්‍රධාන තැනක් ගත්තා.
මේ සඳහා ග්ලැස්ටර්න් බෝට්ටු සමාගම විසින් බෝට්ටු 26 ක් නිෂ්පාදනය කළ අතර පුහුණුවීම් අතරතුර ඉන් 17 ක්ම විනාශ වුණා. චිත්‍රපටයේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය තදින් දිනාගත් දර්ශනයක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි. විසකුරු සර්පයින් යොදා ගනිමින් රූ ගත කළ දර්ශන පෙළක් ද මේ චිත්‍රපටයට ඇතුළත් වෙනවා. ප්‍රධාන නිළි ජේන් මෙම දර්ශන රූ ගත කිරීමේදී බලවත් අපහසුතාවයට පත්වූවේ අන් හැම තරුණියක් මෙන්ම ඇය ද සර්පයන් කෙරේ දැක් වූ ඉමහත් බිය හේතු කොට ගෙනයි. මෙම ජවනිකා රූගත කිරීම් නැරඹීමට ඇලෙක්සැන්ඩ්රා කුමරිය ද දර්ශන තලයට පැමිණ සිටියා.
චිත්‍රපටය ප්‍රසිද්ධ මහජන ප්‍රදර්ශනය සඳහා උත්සවාකාරයෙන් විවෘත කෙරුණේ 1973 ජූලි 6 දා ලන්ඩනයේ ලිසිස්ටර් චතුරස්රයේ ඕඩියන් ශාලාවේදීය. අමෙරිකාවේ ප්‍රදර්ශනය ඊට දින කිහිපයකට කලින් එනම් 1973 ජූනි 27 වනදා ආරම්භ වුණා. ඩොලර් මිලියන 7 ක පිරිවැයකින් නිපද වූ චිත්‍රපටයේ ආදායම් වාර්තාව ඩොලර් මිලියන 37 ඉක්මවා ගියා. ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලත් ආදායම ඩොලර් මිලියන 161 කි. 1980 වසරේදී බ්‍රිතාන්‍ය ටෙලිවිෂන් පාඨකයින් මිලියන 23 හමාරක සංඛ්‍යාවක් චිත්‍රපටය නරඹා තිබූ බවට වාර්තා නිකුත් වී තිබුණා.
බොහෝ සිනමා විචාරකයින්ගේ මතය වූයේ කොනරි ගොඩ නඟා තිබූ ප්‍රතිරූපය අභිබවා යන රඟපෑමක් මුවර් වෙතින් පළ නොවූ වගයි. ඇතැමකු පැවසුවේ කොනරි සහ ලැසන්බි මිට මෙල වූ අතින් මුදා හල බලය වෙනුවට මුවර් සිදු කළේ ඇහිබැම ඉහළට එසවීම පමණක් බවයි. බොන්ඩ් චිත්‍රපටයක ආ දුර්වලම ප්‍රතිවාදියා කනන්ගා බව සමහර විචාරකයින්ගේ අදහස වුණා.
කනන්ගා චරිතය රඟපෑ යැෆට් කෝටෝ එසෙ දෝෂ දර්ශනයට ලක් වෙද්දී මෙතෙක් බොන්ඩ් චිත්‍රපටයක පෙනී සිටි ලස්සනම බොන්ඩ් කෙල්ල ලෙස ජේන් සිමෝ බොහෝ දෙනකුගේ පැසසුමට ලක්වුණා. ‘ලිව් ඇන්ඩ් ලෙට් ඩයි’ චිත්‍රපටය ඔබත් නැරඹුවොත් එහි ඇත්ත නැත්ත තීරණය කිරීමට ප්‍රේක්ෂක ඔබට ද අවස්ථාවක් ලැබෙනු නොඅනුමානයි. ‘මෑන් විත් ද ගෝල්ඩන් ගන්’ චිත්‍රපටයත් සමඟ නැවත හමු වෙමු.
source- http://www.sarasaviya.lk
No comments:
Post a Comment