කපිලවස්‌තු සර්වඥ ධාතූන් සොයාගැනීමේ
පුරාවිද්‍යාත්මක මෙහෙයුම
බෞද්ධයන් ගේ පරම පූජනීයත්වයට පත් කපිලවස්‌තු සර්වඥ ධාතූන් වහන්සේලා යළිදු වතාවක් වන්දනාමාන කර ගැනීමේ භාග්‍යය ශ්‍රී ලාංකිකයන්ට උදා වී ඇත. අවු වැසි නො තකමින් දහස් ගණනින් නො ව ලක්‌ෂ ගණනින් පිරිස පෙළ ගැසෙනුයේ සර්වඥ ධාතූන් කෙරෙහි උපන් අනුපමේය වූ ශ්‍රද්ධා භක්‌තියකිනි.
ශ්‍රද්ධාව ඇති වනුයේ පිළිගැනීම නිසාවෙනි. සැතපුම් දහස් ගණනක් දුර ඈත පස් ගොඩැල්ලක තිබී හමු වූ කර`ඩුවක් අරභයා මේ සා පිළිගැනීමක් ලැබීම දක්‌වා කථාන්දරය ධාතූන් වන්දනාව කෙරෙහි පෙළ ගැසෙන ජන ග`ගට ද වඩා දිගු වූවකි.
බ්‍රිතාන්‍ය හිරු නො බසින අධිරාජ්‍යය සිය සාඩම්බර භූමි හිමිකාරත්වය යටතට ආසියාවේ නේක භූමීන් ඈඳා ගත් අතීතයේ දී ඒ කථාවේ ආරම්භය සිදු වෙයි. යටත්විජිත ගොඩනංවන ප්‍රාථමික අවධියේ දී යුරෝපීයයන් ගේ විශ්වාසය වූයේ ලතින් ඇමෙරිකාව, අප්‍රිකාව හා ආසියාවේ නො දියුණු, ශිෂ්ටාචාරගත නො වූ ජනතාව ශීෂ්ටාචාරගත කිරීම සිය පරම යුතුකම ලෙසිනි. එය සුදු මිනිසා ගේ වගකීමක් ලෙස හැඳින්විණි. ඉංග්‍රීසි හමුදා මගින් අල්ලා ගත් ශිෂ්ටාචාරගත නො වූ ප්‍රදේශ පාලනය හා පරිපාලනය පිණිස බ්‍රිතාන්‍ය සිවිල් සේවක පිරිසක් එම ප්‍රදේශවලට එවනු ලැබිණ. ඔක්‌ස්‌ෆර්ඩ්, කේම්බ්‍රිඡ් වැනි උසස් අධ්‍යාපන ආයතනවලින් ලත් දැනුමෙන් පොහොසත් ව පෙර කී ශිෂ්ටාචාරගත නො වූ ප්‍රදේශවලට පැමිණි බ්‍රිතාන්‍ය සිවිල් සේවකයන් දුටුවේ සිය පූර්වගාමීන් නො දුටු දෙයකි. තම යුරෝපීය සංස්‌කෘතියෙන් ඉඳුරා වෙනස් නමුත් ආසියානු යටත් විජිතවල අමුතු ම වර්ගයක දියුණු සභ්‍යත්වයක් පැවැති බව ඔවුහු ඉක්‌මනින් ම වටහා ගත් හ. යූරෝපීය උගත් සිවිල් සේවකයන් ගේ කුහුල මින් වර්ධනය විය. සැ`ගවුණු, ගුප්ත දැ සොයා යැමේ නොතිත් ආශාවෙන් ඔවුන් විසින් සිය යටත් විජිතවල අතීත සභ්‍යත්වය හාරා අවුස්‌සන ලදී. තවත් කල් යත් ම බ්‍රිතාන කිරීටයේ අභිමානය ද ඉන් වර්ධනය විණි.
වසර දහස් ගණනක් පැරැණි සෞභාග්‍යවත් ප්‍රදේශ සිය කිරුළ යටතේ පැවතීම ඔවුන් ගේ ඉමහත් ආශ්වාදයට හේතු විය. එබැවින් ඓතිහාසක ස්‌ථාන සොයා යැම, පැරැණි වාර්තා මූලාශ්‍ර කියවීම, හමු වන කෞතුක වස්‌තූන් සිය මවු රටේ කෞතුකාගාරවලට යෑවීම බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරින් ගේ මූලික කටයුතු අතරට වැටිණි.
ඉන්දියාව ද, ශ්‍රී ලංකාව ද ඓතිහාසික වාර්තාවලින් පොහොසත් රටකි. මහාවංශය, රාජාවලිය වැනි අපේ වාර්තා මෙන්ම කාශ්මීරයේ රාජ තරංගනිය ද වැදගත් මූලාශ්‍රයකි. බෞද්ධ හා ජෛන මූලාශ්‍ර ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට එක සේ වැදගත් වෙයි. මෙකී මූලාශ්‍ර කියවා ඒවායේ සඳහන් නගර සොයා යැම කලෙක බ්‍රිතාන්‍ය යටත් විජිත නිලධාරීන් ගේ මූලික අභ්‍යාසයක් තත්ත්වයට පත් විය. ශ්‍රී ලංකාවේ අනුරාධපුරය, සීගිරිය, තිස්‌සමහාරාමය වැනි නගර නැවත නැවත මූලාශ්‍ර සම`ග සැසඳෙද්දී ඉන්දියාවේ එකී උද්යෝගය ඊට සිය ගුණයකට වැඩියෙන් දැල්වී තිබිණි.
මෙකී නගර සොයා යැමේ මූලික ඉලක්‌ක අතුරින් එක් ඉලක්‌කයක් වූයේ ශාක්‍යයන් ගේ කපිලවස්‌තුව සොයා ගැනීමයි. කපිලවස්‌තුව බෞද්ධ සාහිත්‍යය තුළ අතිශය වැදගත්කමක් උසුලන නගරයකි. සිදුහත් කුමරු කපිලවස්‌තුවේ ඔටුන්න හිමි කුමරු ලෙස ඉපිද අභිනිෂ්ක්‍රමණය කරන විට එහි රජ පදවිය දැරීම ද, ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ලේ ඥතීන් ගේ නගරය ලෙස ද එය බෞද්ධ සාහිත්‍යය තුළ අතිශය වර්ණිත ය. 'කිඹල්වත දෙසින් හමනා මඳ නල ද මා හට සැපදායක යෑයි' බුදුරජාණන් වහන්සේ වරෙක වදාළ හ.
ශාක්‍යයන් ගේ කිඹුල්වත් පුරය නොහොත් කපිලවස්‌තුව අරභයා අනුමාන ඉදිරිපත් කිරීම්, ප්‍රතික්‌ෂේප කිරීම්, තර්ක විකර්ක ඉදිරිපත් වනුයේ මෙවන් පසුබිමක ය. යම් කාරණයක් සමාජයේ පොදු විශ්වාසයක් බවට පත් වීමට එය යම් විධි ක්‍රමයකින් ඔප්පු කිරීමට අවශ්‍ය යෑයි පැවසෙයි. (එහෙත් කුමන හෝ විධි ක්‍රමයකින් එය ඔප්පු කළ ද ඊට අදාළ සමාජ, සංස්‌කෘතික, දේශපාලනික කාරණා ද සැපිරෙන්නේ නම් පමණක් ඊට සමාජ පිළිගැනීමක් ලැබෙන බව විදුසර පාඨකයෝ හොඳින් ම දනිති). කිඹුල්වත ඔරිස්‌සා ප්‍රදේශයේ පිහිටිය හැකි යෑයි ද, එය ශ්‍රී ලංකාවේ තැනක පිහිටියේ යෑයි ද විවිධ කණ්‌ඩායම්වලින් පැවසිණි. එසේ පැවසිSම කෙරෙහි ද විවිධ දේශපාලන, සමාජ මෙන්ම ආර්ථික හේතුන් ද බලපා තිබිණි. එහෙත් ඒවා සමාජයේ පොදු පිළිගැනීම් බවට පත් නො විණි. එවැනි මත මූලිකව ම ප්‍රතික්‌ෂේප වීමට හේතු වූයේ පිළිගත හැකි විධි ක්‍රමයක් තුළ තර්ක ඉදිරිපත් නො වීම ය.
සාධාරණ තර්කමය පසුබිමක් තුළ කිඹුල්වත පිහිටිය යුත්තේ උතුරු ඉන්දියාවේ කෙළවර හා නේපාලයේ දේශසීමා ආසන්න ප්‍රදේශවල කොතැනක හෝ බවට විශ්වාසයක් මුල පටන් ම පැවතිණ. උත්තර ප්‍රදේශයට අයත් ගොරොක්‌පූර් ප්‍රදේශය බෞද්ධ සාහිත්‍යය සම`ග කදිමට සැසඳෙන ප්‍රදේශයක් වූයේ ය. ලාසන් විසින් කපිලවස්‌තුව ගොරොක්‌පුරය ආසන්නයේ ස්‌ථානයක් බවට මත පළ කරනු ලැබුවේ 1858 තරම් ඈතක දී ය. 1863 දී කනිංහැම් විසින් එම ශූද්ධ නගරය අවුරංගාබාද් ආසන්නයේ පිහිටා ඇති බවට මත පළ කරන ලදී. මේ දශකයන් තුළ පුරාවිද්‍යාඥයන් ගේ මූලික අවධානය ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ උතුරු සීමා කරා යොමු වී පැවතිණි.
කපිලවස්‌තුව සොයා යැමේ කාර්යයේ තීරණාත්මක සන්ධිස්‌ථානයක් වූයේ 1896 දී ලුම්බිණිය නිශ්චිතව හඳුනාගැනීමයි. ඒ සඳහා පාදක වූයේ එම ස්‌ථානයේ තිබෙන අශෝක ස්‌ථම්භයයි. අශෝක ගේ සුප්‍රසිද්ධ සංචාර තුළ දී තමා බුදුන් උපන් ස්‌ථානයට ද පැමිණි බව දැක්‌වෙන ලිපියක් සහිත එකී ස්‌ථම්භය ලුම්බිණිය නිවැරැදිව තහවුරු කළේ ය. (තවමත් සුළුතර කණ්‌ඩායමක් අශෝක ගේ ලිපියේ ඇති කරුණු නො පිළිගන්නා බව ද පැවසිය යුතු ය). ලුම්බිණිය පිහිටි ස්‌ථානයට සාපේක්‌ෂව කිඹුල්වත පිහිටි ස්‌ථානය සොයාගැනීමේ කාර්යය මීළ`ගට ඇරඹිණි. ඒ සඳහා සුප්‍රසිද්ධ දේශ සංචාරක බෞද්ධ භික්‌ෂුවක් වූ ෆාහියන් ගේ වාර්තා මෙන්ම හියුං සෑන් භ්‍රමණ වෘතාන්තය ද උපයෝගි කර ගැනිණ. ෆාහියන් හිමියන් ගේ වාර්තා අනුව කපිලවස්‌තුව වර්තමාන පිප්රාවා බවට ද, හියුං සෑන් හිමි සඳහන් කරන කපිලවස්‌තුව කිලවුරාකොට් බවට ද මත දෙකක් ඉදිරිපත් කෙරිණි. චීන වාර්තා පදනම් කරගත් බැවින් එම ස්‌ථාන දෙක සඳහා ම සුවිශේෂ පිළිගැනීමක් ලැබිණ. (අදට ද ලුම්බිණිය වන්දනා කරනු ලබන බැතිමතුන්ට අදාළ කපිලවස්‌තු පුරයන් දෙක ම පෙන්වීමට ඇතැම් ම`ගපෙන්වන්නෝ කටයුතු කරති). 1896 සිට 1962 දක්‌වා අඩ සියවසකට ද වැඩි කාලයක් පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් කපිලවස්‌තුවේ පිහිටීම පිළිබඳව මත දෙකක් ඉදිරිපත් කිරීමෙන් කපිලවස්‌තු පුරයන් දෙකක් පවතින බවට මතයක් තහවුරු විය. 1962 දී ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ අංශයේ විද්‍යාඥවරියක වූ දේබාලමිත්‍ර විසින් කපිලවස්‌තු ගැටලුව නිරාකරණය කිරීමේ කාර්යයට අත තබන ලදී. ඇය ගේ ගවේෂණ අනුව කපිලවස්‌තු ශූද්ධ නගරය ලෙස වැඩි සම්භාවිතාවකින් හඳුනා ගැනෙනුයේ පිප්රාන ප්‍රදේශයයි.
ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ අංශය පිප්රාවා කපිලවස්‌තු පුරය ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව එය තහවුරු කිරීම සඳහා කැණීම් ආරම්භ කිරීමට යෝජනා විය. පිප්රාවා කපිලවස්‌තුව බව පුරාවිද්‍යාත්මකව තහවුරු කිරීමේ එකී කැණීම් 1971 දී ආරම්භ විය.
මේ කැණීම් ආරම්භ කිරීමට ප්‍රථම පිප්රාවහි තවත් කැණීමක් සිදු කර තිබිණි. ඒ 1898 දී ඩබ්ලිව්. ඩී. පෙප් විසින් සිදු කරනු ලැබූ සුප්‍රසිද්ධ කැණීමයි. එකී කැණීමේ දී අභිලේඛනයක් අඩංගු කර`ඩුවක් එහි ස්‌ථූපයෙන් හමු විය. අභිලේඛනය අනුව කර`ඩුවේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේලා බවට තහවුරු විය. එහෙත් එකී කැණීමෙන් හමු වූ ධාතූන් වහන්සේලා කුමන කාල වකවානුවක තැන්පත් කරන ලද්දේ ද යන්න තබා ස්‌ථූපය කුමක් ද යන්න වත් තහවුරු කර නො තිබිණි. එබැවින් පෙප් ගේ සොයා ගැනීම පුරාවිද්‍යා ක්‌ෂේත්‍රයට මිස බෞද්ධ ලෝකයට සිත් අලවාලන ප්‍රවෘතියක් නො වී ය. බුද්ධාගම පැවැති ඕනෑ ම ප්‍රදේශයක කණිනු ලබන ස්‌ථූපයක බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේ ලා අඩංගු විය හැකි ය. එනයින් පෙප් ගේ සොයා ගැනීම සාමාන්‍ය සොයා ගැනීමක් විය.
1971 ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදු කළ කැණීම්වල දී ස්‌ථූපය වඩාත් විධිමත් ලෙස අභ්‍යන්තරයට කණින ලදී. 1973 වන විට චෛත්‍යය අභ්‍යන්තරයෙන් එහි පතුල කරා ළ`ගා වී පර්යේෂණ සිදු කිරිමට පුරාවිදාඥයෝ සමත් වූ හ. එහි පතුලේ තිබී ටෙරාකොටා හෙවත් පිළිස්‌සූ මැටි මුද්‍රා රාශියක් සොයා ගැනීමට ඔවුහු සමත් වූ හ. එම මුද්‍රා අතර කපිලවස්‌තු යන නම සඳහන් මුද්‍රා ද පැවතිණි. එමෙන් ම කපිලවස්‌තු යනුවෙන් සටහන් තබන ලද භාජනයක පියනයක් ද මේ ස්‌ථානයෙන් සොයා ගැනිණ. 1973 - 1974 වසරවල දී එකී අභිලේඛනමය සාක්‌ෂි සහිතව නිවැරැදි කපිලවස්‌තුව හඳුනා ගැනීමට ඉන්දීය පුරාවිද්‍යාඥයෝ සමත් වූ හ.
1971 ආරම්භ කරනු ලැබූ කැණීම්වල දී ස්‌ථූප ගොඩනැඟිල්ලේ මීටර් හයකට පමණ යටින් පැවති ගඩොල් කුටීරයක තැන්පත් කරනු ලැබූ කර`ඩු දෙකක් සොයා ගන්නා ලදී. එම කර`ඩු දෙක සොයා ගැනීමේ ගෞරවය කේ. එම්. ශ්‍රී වාස්‌තවට හිමි වේ.
එනයින් කපිලවස්‌තු යනුවෙන් නිවැරැදිව හඳුනා ගනු ලැබූ පිප්රාව ස්‌ථූපයෙන් ධාතූ කර`ඩු තුනක් පමණ හමු වී තිබේ. මින් ධාතූන් වහන්සේලා ස්‌ථිර වශයෙන් ම බුදුරජාණන් වහන්සේ ගේ බවට තහවුරු වූයේ පෙප් විසින් සොයා ගන්නා ලද ධාතු කර`ඩුවයි. ඒ එහි කොටා තිබූ අභිලේඛනය ම`ගිනි. ශ්‍රී වාස්‌තව විසින් පසුව සොයාගන්නා ලද ධාතූන් වහන්සේ ලා ද බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් බවට විශ්වාස කෙරිණි.
එම ධාතු කර`ඩු තැන්පත් ව පැවතියේ පෙප් විසින් සොයාගන්නා ලද කර`ඩුව තැන්පත් ව පැවැති ස්‌ථරයට බොහෝ පූර්වකාලීන ස්‌ථරයක වීම වැදගත් ය. වසර දහස් ගණනක් පවතින ස්‌ථූපයක් නොයෙක් වර ප්‍රතිසංස්‌කරණයට ලක් වෙයි. එමෙන් ම නැවත බිඳවැටීම්වලට ද ලක් විය හැකිය. පාහියන් හිමියන් කපිලවස්‌තුව පසු කරද්දී පවා එය නටබුන් නගරයක් බව වාර්තා කර තිබේ. මෙලෙස අබලන් වන ගොඩනැංවෙන ස්‌ථූපවල නොයෙක් වර ධාතූන් වහන්සේලා තැන්පත් විය හැකි ය. එබැවින් පෙප් විසින් සොයාගැනුණු කර`ඩුව පසුකාලීනව තැන්පත් වූ කර`ඩුවක් බවට ද 1971 දී සොයාගත් කර`ඩුව දාගැබ පළමු ඉදි කිරීමේ දී තැන්පත් කළ කර`ඩුව බවට ද අනුමාන කෙරිණ. චෛත්‍යය ගොඩනංවා ඇත්තේ ක්‍රි. පූ. 5 ශත වර්ෂයේ බවත් ධාතූ කර`ඩු තැන්පත් ව පැවැති කුටීරය ක්‍රි. පූ. 5 ශත වර්ෂයට අයත් බවත් තහවුරු කෙරිණි. එනයින් ශ්‍රී වාස්‌තව සොයාගත් ධාතූ කර`ඩු දෙක ක්‍රි. පූ. 5 වැනි ශතවර්ෂවල දී කපිල වස්‌තු ස්‌ථූපය ගොඩනංවද්දී තැන්පත් කළ ධාතූ කර`ඩු බව තහවුරු කෙරිණි.
බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතු තැන්පත් කොට කපිලවස්‌තු දාගැබ ඉදිකරනු ලැබූයේ ශාක්‍යයන් බව බෞද්ධ සාහිත්‍යය පවසයි. බුදුරජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් අනතුරුව ආදාහනය සිදු කරනු ලැබුවේ කුසිනාරාවේ මල්ල රජදරුවන් බවත් ඔවුන් ශාරීරික ධාතූන් වෙනත් කිසිවකුට ලබා දීමට මැළි වූ බවත් මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙයි. අජාසත් වැනි ප්‍රබල රජවරු ද, බුදුරජාණන්වහන්සේ ගේ ලේ ඥතීන් වූ ශාක්‍යයෝ ද වශයෙන් කණ්‌ඩායම් අටක් බුදුරජාණන් වහන්සේ ගේ ධාතූ අරභයා යුද්ධයකට පිළිපන්නෝ ය. මේ අවස්‌ථාවේ දොaන බමුණා ධාතූන් කොටස් අටකට බෙදා සම සේ පිරිස අතර බෙදා දෙන ලදී.
රෝහිණි නදිය අසබඩ සිය කුඩා ජනපදය ඉදි කරගෙන ජීවත් වූ ශාක්‍යයන් ජම්බුද්වීපය හා සැසඳීමේ දී ඉතා කුඩා කණ්‌ඩායමකි. එහෙත් සිය අභිමානය පණ මෙන් සුරැකි ප්‍රෙෘඪ ජනකායකි. සිය කුඩා බිම් කඩෙන් විශ්වීය අවකාශයකට පියමං කළ ශේෂ්ඨතම ලේ ඥතියා ගේ ශාරීරික ධාතු තැන්පත් කළ ශාක්‍යයෝ කපිලවස්‌තුවේ ස්‌ථූපය ඉදි කළ හ. ශ්‍රී වාස්‌තව විසින් සොයාගන්නා ලද ධාතූ කර`ඩුවෙහි තැන්පත් ව ඇත්තේ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් මෙන්ම ශාක්‍යයන් ගේ අභිමානය පිළිබඳ සංකේතයයි.
අනුරාධපුර යුගයේ පටන් ම සිංහල රජවරු සිය අභිලේඛනවල සිංහලයන් ගේ ශාක්‍ය ඥතීත්වය පිළිබඳව ඉමහත් අභිරුචියකින් සඳහන් කළ හ. ශ්‍රී ලංකාවෙන් සැතපුම් දස දහස් ගණනක් ඈත දුරක අදින් වසර දහස් ගණනකට ප්‍රථම හුන් ස්‌වකීය ඥතී වර්ගයා ගේ අභිමානය කැටි කරගත් හැ`ගීමෙන් ද ශාක්‍යසිංහ වූ බුදුරජාණන්වහන්සේ කෙරෙහි ඇති කරගත් අනුපමේය භක්‌තියෙන් ද යුත් සැදහැතියෝ කපිලවස්‌තු ධාතූ වන්දනා පිණිස නැවතත් ඉත සිතින් පෙළ ගැසෙති.

http://www.vidusara.com/

No comments:
Post a Comment