එහෙත් හොංකොං තාක්‌ෂණ විශ්වවිද්‍යාලයයේ ඩෙන්ග්ෆොන් ගියන් හා ජයදීප් සෙන්ගුප්ත යන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙලෙස තමන් ම රෝග ලක්‌ෂණ හරහා රෝගය තීරණය කරන්නට යැමෙන් අනවශ්‍ය ගැටලු මතු වන බවයි. එවැනි එක් ගැටලුවක් වන්නේ ඉතා සුළු ඉක්‌කාවක් පවා ඇතැම් විට භයානක පපුවේ අමාරුවක් ලෙස වරදවා වටහා ගැනීමයි.
ඔවුන් දෙපළ මේ පිළිබඳව කළ අධ්‍යයනයෙහි ප්‍රතිඵල ජර්නල් ඔෆ් කන්සියුමර් රිසර්ච්හි පළ වේ.
අජීර්ණ තත්ත්වයක දී පවා ඇතැම් විට කෙනකුට තමා උග්‍ර පපුවේ අමාරුවකට ගොදුරු ව ඇතැයි සිතෙන්නට පු`ඵවන. එසේ වන්නේ මේ රෝගී ලක්‌ෂණ වැරැදි ලෙස තමා ම අර්ථකථනය කරන්නට යැමෙනි.
එහෙත් වෙනත් කෙනකුට අජීර්ණ රෝග ලක්‌ෂණ පහළ වූ විට එය නිවැරැදිව වටහා ගන්නට අපට හැකි ය.
"ඔබ මේ වගේ අවස්‌ථාවකට මුහුණ දෙන්න ඕනේ බොහො ම බුද්ධිමත් ව. ඒකට ක්‍රමයක් අප කියා දෙන්නම්. පළමුවෙන් ම ඔබ හිතන්න ඕනේ මේ රෝග ලක්‌ෂණය පහළ වී ඇත්තේ වෙන කෙනකුටයි කියා. කැස්‌ස, උණ, නහය බර වීම, හිසරදය ඇති වූ ගමන් ඔබ බය වෙනවා, ඔබට සූකර උණ කියලා. ඒත් ඔබ හිතන්න මේ ලක්‌ෂණ ඇති වුණේ වෙන කෙනකුටයි කියා. එහෙම නම් ඔබ ඒ අනෙක් කෙනාට උපදෙස් දෙනවා ද එයාට සූකර උණ කියලා. නැහැ. ඔබ වඩාත් නිවැරැදිව තීරණය කරනවා අනෙක් කෙනකු ගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන්. රෝග ලක්‌ෂණ සම්බන්ධයෙනුත් එහෙමයි.
ඔබ ඔබ ම විදිහට හිතුවොත් ඔබට වැරදී යන්නට තියෙන ඉඩකඩ වැඩියි. ඔබ වෙන කෙනෙක් විදිහට හිතන විට රෝග ලක්‌ෂණ හරහා රෝගය නිවැරැදිව නිශ්චය වන සම්භාවිතාව වැඩියි. ඔබ ඔබේ රෝගය වැරැදි විදිහට හඳුනාගත් විට අනවශ්‍ය විදිහට වෛද්‍ය ප්‍රතිකාර ගන්නට යොමු වනවා."
මෙලෙස වැරැදි ලෙස වෛද්‍ය ප්‍රතිකාර ගන්නට යොමු වීමෙන් කීප ආකාරයකින් ම හානි ගෙන දේ. එක් අතකින් එය රෝගියාට අනවශ්‍ය වියදමකි. කාලය හා ශ්‍රමය නාස්‌ති වෙයි. ලෙඩේ හොඳ වන්නේ ද නැත.
සමාජයක් ලෙස සැලකුව හොත් වන්නේ ද අවැඩකි. නැති සෞඛ්‍ය ගැටලු ජනිත කරන්නට වැරැදි ලෙස ලෙඩ රෝග හඳුනාගෙන ප්‍රතිකාර ගැනීම හේතු වේ. මේ තත්ත්වය වහා ම නිවැරදි කරගත යුතු බව පර්යේෂකයෝ තම අධ්‍යයන ම`ගින් වැඩිදුරටත් පෙන්වා දෙති.
"මේ ගැටලුවෙන් මිදෙන්නට ඇති පහසු ම ක්‍රමය නම් "ඩොක්‌ටර් ගූගල්" වෙතින් බෙහෙත් නො ගෙන සැබෑ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු වෙත යොමු වීමයි." ඒ පර්යේෂකයන් ගේ උපදෙසයි.
http://www.vidusara.com/
No comments:
Post a Comment