If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Friday, August 3, 2012

රාජේශ් ඛන්නාගේ මරණය සමඟ හෙළිදරව් වන අබිරහස

ඔහුගේ ප්‍රේම පත්‍රයෙහි තවදුරටත් එක් ප්‍රේමවන්තියකගේ නමක් ලියන්නට තරම් වත් හිස් තැනක් ඉතිරි වී නැත. පළමු සුපිරි තරුව, රාජේශ් ඛන්නාගේ ජීවිතයේ අවසන් වසර අටේදී, ඔහු සමඟ දුක සැප බෙදා ගත් අවසාන කාන්තාව වී සිටින්නේ පනස් හැවිරිදි අනිතා අද්වානිය.
රාජේශ් ඛන්නාගේ මරණය සමඟ උපන් මේ නම අද ක්ෂේත්‍රයේ වැඩිපුරම කතාබහට ලක්වන චරිතයයි. ‘ආශිර්වාද්’ මන්දිරය කෞතුකාගාරයක් කිරීමට යන බව ට්වින්කල් ඛන්නා පැවසූ පසු අනිතා අද්වානි නම් කාන්තාව තමන්ට ඛන්නා පවුලේ සාමාජිකයන් උන්හිටි තැන් අහිමි කරන බව පවසා නඩු මඟට බැස්සාය. මේ නම රට පුරා ලැව් ගින්නක් මෙන් පැතිරුණේ ඉන් පසුවයි.
ජූලි 19 වැනිදා පැවැති ආදාහන උත්සවයේදී රාජේශ්ගේ දේහය රැගත් රථයට අනිතා අද්වානි ද නඟින්ට උත්සාහ දරා තිබේ.
එය දුටු අක්ෂේ කුමාර්, වාහනයට නඟින්න දෙන්නේ පවුලේ සාමාජිකයන්ට පමණයි කියා පවසා ඇය රථයෙන් බලෙන්ම බස්සවා ඇත.
අනිතා, ඛන්නා පවුලේ සාමාජිකයන්ට හිසරදයක් වී සිටින්නේ කලක පටන්ය. අනිතාට ‘ආශිර්වාද්’ හී ගෙවූ අවසන් දින කීපය කටුක අත්දැකීමකි. ‘අන්තිම කාලයේදී රාජේශ් මාව තල්ලු කළා. සමහර දවස්වල ඔහු පවුලේ අය සමඟවත් කතා කළේ නෑ. ඛන්නා පවුල මාව තනි කළා. මට යන්න කිසි තැනක් නැහැ’ ඇය පවසන්නීය.
‘කවුරු ද මේ අනීතා?’ දැන් බොහෝ දෙනකුට ඇති ප්‍රශ්නය එයයි. පුදුමය නම් රාජේශ්ගේ නීත්‍යානුකූල බිරිය ඩිම්පල් හා එකට ජීවත් වූ කාන්තාව වූ අනීතා එකම චිත්‍රපටයක කලකට පෙර රඟපා තිබීමයි.
ඒ 1988 දී තිරගත වූ ‘සාෂිස්’ සිනමා පටයේයි. මෙහි මිතුන්ගේ පෙම්වතිය වූයේ ඩිම්පල්ය. මිතුන්ගේ සොයුරිය වූයේ අනිතායි (එවකට අනිතා රාජ්). අනිතා අධ්‍යක්ෂ, රාජ් කුමාර් කෝලිගෙන් චරිතය ඉල්ලාගෙන රැඟූ බවට ද රාවයක් පවතී. ‘සාෂිස්’ට පසු ඇයගේ සිනමා දිවිය ද අවසන් වී තිබේ.
අනිතා පිලිපීනයේ හිටපු ජනපති, ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ ලේලියයි. ළමා වියේ සිටම ඇය සුපිරි තරුවගේ රසිකාවකි. මිතුරියකි. වසර තිස් දෙකක් පුරා ඇය ඔහු දන්නීය. ඔහු හා තමන් අතර පැවතුණේ ලෝකය දකින ආදරයක් නොව ශුද්ධ වූ ප්‍රේමයක් බව ඇය කියා සිටින්නීය. ජූලි 18 වැනිදා ඔහු අවසන් හුස්ම හෙළූ පසු ඇය මුලු දවස පුරාම නොකා නොබී හඬමින් කාලය ගතකර තිබේ.
මේ අතර ජූලි 25 වැනි දින ජීවිතයේ හැත්තෑ පස් වැනි සැතපුම් කණුව පසු කෙරූ ජ්‍යෙෂ්ඨ නළු මනෝජ් කුමාර් (මිස්ටර් භාරත්) කියන්නේ අනිතා ප්‍රසිද්ධියේ තමන්ගේ අපිරිසුදු රෙදි සෝදා නොදැමිය යුතුª බවයි. දෙපාර්ශවයම නිහඬ වීම තම හිත මිතුරු රාජේශ්ට දැක්විය හැකි හොඳම උපහාරය බව ඔහු කියයි.
සුපිරි තරුවක් ජීවත්ව සිටියදී මෙන්ම මියගිය පසුවත් පුවත් මවයි. අද ඔහු ජීවත් වූ මන්දිරය ද පුවත් මවන මන්දිරයක් වී ඇත.
මනහර මූදු වෙරළක දසුනක් ද නෙතට ගෙනෙන ආශිර්වාද් මන්දිරය නොබෝ දිනකින් කෞතුකාගාරයක් බවට පත්වන්නට ඉඩ තිබේ.
මේ ආශිර්වාද් බංගලාවට ද අපූරු ඉතිහාසයක් ඇති අතර එය හොල්මන් මැඳුරක් ලෙස ද ප්‍රකටය. ‘ආශිර්වාද්’ ජනප්‍රිය නළු රාජේන්ද්‍ර කුමාර්ගෙන්, රාජේශ් ඛන්නා මිලදී ගත් මැඳුරකි. ඔහු ලක්ෂ තුනහමාරක් ගෙවා මැඳුර මිල දී ගෙන තිබේ.
මැඳුරට ගෙවදීමට පෙර රාජේශ් ඛන්නා පූජාවක් පවත්වා තිබේ. එකල කාටර් වීදියේ තිබී ඇත්තේ සුවිසල් මැඳුරු කිහිපයක් පමණයි. ප්‍රදේශවාසී ජනතාව ආශිර්වාද් හඳුන්වා ඇත්තේ ‘භූත බංගලාව’ නමිනි.
රාජේශ් අන්තිම දින කිහිපයේදී හුදකලාව සිටි අතර ඔහුට භූතයන්ගෙන් බලපෑමක් තිබූ බව ද කියවෙයි. එයටත් වැඩි පුදුමය නම් රාජේන්ද්‍ර කුමාර් ‘ආශිර්වාද්’ මැඳුරට දී තිබුණු නම ‘ඩිම්පල්’ වීමය.
රාජේශ් ඛන්නා මැඳුරට ප්‍රවේශවන විට තමන් විවාහ වන්නේ ඒ නමම ඇති කාන්තාවක සමඟ බව දැන නොසිටියේය. ඔහුට ‘ඩිම්පල්’ නම දිගටම භාවිත කිරීමට අවශ්‍ය වුණත් රාජේන්ද්‍ර ඊට අකැමැති වූ නිසා (රාජේන්ද්‍ර සිය නව නිවෙසට ද තබා තිබුණේ ‘ඩිම්පල්’ නමයි) අදහස වෙනස් කර ගත්තේය. ‘ආශිර්වාද්’ නම ඔහු ඊට තැබුවේය.
‘හොල්මන් මැදුර’ ලෙස ප්‍රකට වුණත් රාජේශ් මෙය මිල දී ගන්නට ඇත්තේ රාජේන්ද්‍ර කුමාර් මෙහි ජීවත්වෙමින් රැඟූ සෑම සිනමා පටයක්ම වාගේ ආදායම් වාර්තා පිහිට වූ නිසා විය හැකියි.
කෙසේ වුවත් අද ‘ආශිර්වාද්’ රාජේශ් ඛන්නා නම් පළමු සුපිරි තරුවගේ සියලු මතකයන් රැඳි මන්දිරය ලෙස රසික හදවතෙහි නිදන්ගත වී පවතී.
source- http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com