If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Friday, August 3, 2012

සිරි දළදා ගමනය වැඩ නිමයි

අනුරපුරවරයේ රූගතවන සිරි දළදා ගමනය නම් ඓතිහාසික සිනමා සිතුවමේ දර්ශනවාර අතරතුර දී තෙවන ඇසෙහි සටහන් වූ සේයාරූ කිහිපයක චමත්කාරයයි මේ. සිංහල සිනමාවේ සුරූපිනිය ගීතා, දිගු කලකට පසු රඟන මෙය සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙයි. මෙහි නිෂ්පාදකවරුන් ලෙස ඊ. ඒ. පී. සමාගම වෙනුවෙන් ආචාර්ය සෝමා එදිරිසිංහ සමඟ පූජ්‍ය අකරවිට සංසානන්ද හිමියන් එක්ව සිටිති.
දන්ත කුමරු හේෂාන් සහ හේමමාලා කුමරිය, ප්‍රසාදිකා. දන්ත කුමරුගේ විවාහය සිදු වූයේ මේසේය.
ශ්‍රියන්ත රජ වී තේජාන්විතව සිංහාසනාරූඪව. කසාවතින් සැරසී මේ සිටින්නේ සුප්‍රසිද්ධ ගායක මධුමාධව අරවින්දයි.
රංගනයේ දැවැන්තයන් දෙදෙනෙක් ගෞරවාන්විතව දන්ත ධාතූන් වහන්සේ භාරගත් මොහොත ජීවන් සහ ශි‍්‍රයන්ත. ශි‍්‍රයන්ත මෙහි පණ්ඩු මහ රජුගේ චරිතය රඟයි. බුහසීව රජු දන්ත ධාතූන් වහන්සේ මාළිගාවට තැන්පත් කිරීම සඳහා රැගෙන යයි.
සනත්ගේ පෙර සිනමා සිතුවම මහින්දාගමනයේ මෙන්ම නැවත ජීවන් සහ දිල්හානි බුහසීව රජ සහ රැජන වී. සිරි දළදා ගමනයට යොදාගත් තාවකාලික මාළිගාවයි මේ.
දන්ත කුමරුගේ විවාහය සිදු වූයේ මේසේය. සිරි දළදා ගමනයෙහි අඩක් සිය කැමරාවේ සටහන් කර ගනිමින් සදහටම නික්ම ගිය ප්‍රවීණ කැමරා ශිල්පි සුමින්ද වීරසිංහ.
මේ සිරි දළදා ගමනයෙහි නිෂ්පාදක කණ්ඩායමයි.
ඉතා දීර්ඝ කාලයකට පසු රිදී තිරයට සපැමිණි සිංහල සිනමා සුරූපී ලස්සන කෙල්ල, ගීතා කුමාරසිංහ බ්‍රහ්මදත්ත රජ බිසව ලෙසින්.
  source-http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com