* කලකට පසු කමල්ගේ ආකර්ෂණීය රංගන ප්‍රතිභාව නැවතත්
* ඉසුරු වීරසිංහගේ නිර්මාණය
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() |
ආදිත්‍යගේ සිතුවම්වලට වශී නොවූයෙකු වේ නම් ඔහු මිනිසත් කුලයේ නොවන්නේය. ඒ තරමටම මනස්කාන්ත අන්දමින් සිතුවම් අඳින්නට ඔහු හපනෙකි.
ආදිත්‍ය මීට ප්‍රථම කිසිදු දිනෙක මෙවන් ප්‍රදර්ශනයක් පවත්වන්නට උත්සුක නොවූයෙකි. රසික රසිකාවන්ගේ දැඩි ඉල්ලීමයන් මත සංවිධානය වූ මෙය සඳහා මෙතරම් පිරිසක් පැමිණේවි යැයි ඔහු සිහිනෙකින් හෝ නොසිතුවේය.
කලා භවනේ දොරටුව අභියස ආදිත්‍යගේ හොඳම සිතුවමකි. එය එතැන ඉදිරියේ වූ මගෙහි යන්නන්ට තබා ඇති ආරාධනා පත්‍රයක් වැනිය. එයින් ආරම්භව ඇතුළට යත්ම ආදිත්‍ය පුංචි කාලයේ සිට මේ දක්වා ඇඳි සිතුවම් ක්‍රමානුකූලව පිළිවලකට අසුරා තිබිණ. අවට ඇති විදුලි පහන්හි ළා එළිය ඒවා මතට වැටී දිස්නයකින් ඔපමට්ටම් වී බැබලිණ. එක තැනක නිසල කඳුවැටියක චිත්රයකි. රේඛාවලින් මැවුණු අසම්මත ආදරයක් ගැන කියවෙන්නක් ඊට එහායිනි.

‘ආදිත්‍ය මට බලන්න ඕනේ’ ඇගේ තොල් එලෙස මිමිණුවාය.
අවට සෝදිසි කළ සංකලනි ,ආදිත්‍ය සිටින තැන සොයා ගත්තාය. ප්‍රදර්ශනයට පැමිණියවුන් ඔහුව කවාකාරව වට කොට සිටියෝය. ඔවුන් අතරින් රිංගා ආදිත්‍යව හමුවීමට ඇය උත්සාහ කළ ද ඒ අවස්ථාව ද ව්යාර්ථය. කිහිප දෙනෙකු එහා මෙහා වනතෙක් හිඳ ලද ඇසිල්ලෙන් සංකලනි ආදිත්‍යව හමු වූවාය.
‘ඔයාගෙ චිත්‍ර හරි ලස්සනයි’
එය ආදිත්‍ය නිතර අසන සාම්ප්‍රදායික කියමනක් වුව ද මෙවර නම් එහි විශේෂත්වයක් දැනිණ.
‘ඔයා කවුද?’
‘මං සංකලනි. මට හෝටලයක් තියනවා. මට ඒකේ තියන්න මෙතන තියනවාට වඩා වෙනස්ම චිත්‍රයක් ඕනේ.’
තනිකඩයකු වූ ආදිත්‍යගේ සිත අමුතුම හැඟීමකින් පිරිණ. ඔවුන් දෙපොළ දසහසකුත් දෙනා මධ්‍යයේ සිතුවිලි අතර මිනිත්තු කිහිපයක් ගත කළෝය.
‘මේ එඩ්රස් එකට එන්න. මෙතන තමා මං ඉන්නේ.’
සංකලනිට ආදිත්‍යගේ කුටිය සොයා ගැනීමට අපහසු නොවීය. ඔහු හැකියාව අතින් පොහොසතකු වුව ද මුල්‍යමය පැත්තෙන් තරමක දිලින්දෙකු බව අවට ඇති සංඥා ඇයට ප්‍රතිඥා දුනි. ප්‍රදර්ශනයේ සිතුවම් අක්‍රමවත්ව තැනින් තැන තබා තිබිණ. මඳ අඳුරු කුටියෙහි ආලෝකමත් වූ තැනක ආදිත්‍ය සිටියේය. මෙතරම් ඉක්මනින් තමා බලාපොරොත්තු වූ තැනැත්තියව දැකීමේ වික්ශිප්තයෙන් ආදිත්‍ය ඇය දෙස බලා හුන්නේය.
‘මගේ චිත්‍රය ඇන්දද?’
‘නැහැ’
ආදිත්‍ය පිළිතුරු දුන්නේ සෙමිනි.
‘මං එහෙනම් වෙන දවසක එන්නම්’
මං දැන්මම මෙයාගෙ චිත්‍රය අඳින්නේ නැහැ. තව දවස් දෙක තුනක්ම මෙහාට ගෙන්න ගන්න ඕනේ.
ඇය කුටියෙන් නික්ම ගිය පසු ආදිත්‍යට සිතිණ. ඔහු ඒ සිතුවිල්ල දවස් ගණනාවක් ක්‍රියාත්මක කළේය.

‘අපි දැන් බඳින කලේ හරි නේද?’
ඇයගේ වදනින් ආදිත්‍ය උද්දාමයට පත් වුණේය.
‘මට නම් ඉතින් කාත් කවුරුවත් නැහැනේ. අපි ඔයාලගේ පැත්තෙන් ආශිර්වාදය ගමු.’
ආදිත්‍යගේ කීම පරිදි සංකලනි ඇග් මවුපියන්ට ආදිත්‍යව හඳුන්වා දුන්නාය. ‘අප්පච්චි, මෙයාට අපිට වගේම සල්ලි තියනවා. අපිට හොඳටම ගැළපෙනවා.’
‘නැහැ නැහැ, මේ සේරම සංකලනි උපයලා දීපුවා. මට තියෙන්නේ චිත්‍ර අඳින්න හැකියාවක් විතරයි. සංකලනිගේ වදන්වලට ආදිත්‍යට කලකිරිණ.
මෙයා ආදරේ කරලා තියෙන්නේ සල්ලිවලට විතරයි. මට සල්ලි හම්බ වුණේ නැතිනම් සංකලනි මට ආදරේ කරන එකක් නැහැ.
ආදිත්‍ය තනිවම කල්පනා කළේය.
‘මට ඔයාගේ සල්ලි ඕන නැහැ ආදිත්‍ය. මට ඕන ඔයාව විතරයි. ඔයා මුලින් හිටිය තත්ත්වයෙන් අපි ගෙදර කට්ටිය අපි ගැන කිව්වා නම් අපි දෙන්නාට කොහෙත්ම එකතු වෙන්න ලැබෙන එකක් නැහැ. මං ඔයාව අපේ තත්ත්වයට ගත්තේ ඒකයි, මාව තේරුම් ගන්න.’
ආදිත්‍යගේ සිත තේරුම් ගත් සංකලනි බැගෑපත්ව ඉල්ලා සිටියාය.
සංකලනි කියන්නේ බොරු.

ආදිත්‍යගේ වෙන්වීමත් සමඟ සංකලනි පත් වූයේ මහත් ව්යාකූලභාවයකටය. හතර වටින්ම පැමිණෙන්නේ නින්දා අපහාසය. මේවා විඳ දරා ගනිමින් දසමසක් ආදිත්‍යගේ කිරි කැටියා කුස තුළ රක්ෂා කළේය. ඒ පුංචි ළදරුවා මෙලොව එළිය දකින දිනය උදා විය. එදින ඇය රෝහල් ගත වූයේ ලියමනක් ආදිත්‍යගේ සිතුවම් කුටියෙහි තබාය.
අවාසනාවකි.
දරුවාගේ උපන් දිනය දා සංකලනිගේ වියෝව සිදු විණ. ආදිත්‍යගේ හැඩහුරුකම ගත් හුරුබුහුටි පිරිමි කිරිකැටියා ආරක්ෂිතව වැඩෙන්නට පටන් ගත්තේය.
වසර ගණනාවකට පසු . . .
අඩ සඳ මලානිකව හෙළන කැල්ම වීදියේ අඳුර පළවා හැරීමට ප්‍රමාණවත් නොවීය. නමුදු එය බාධාවක් කර නොගත් ඔහු පියවර එස වූයේ ඉවෙන් මෙනි. ඔහුගේ දෑස විඩාබරය. ඉඳුණු හිසකෙස් සහ රැලි වැටුණු සිරුර ඔහුගේ වයස ඕනෑවටත් වඩා පිළිබිඹු කළේය. ඒ අන් කවරෙකුවත් නොව ආදිත්‍ය දේවවංශය. ඔහු දශක දෙකකට පමණ පසු මේ පැමිණෙන්නේ සෙනෙහසේ සුවඳ විඳි තම පින්බර කුටිය වෙතටය.
සියල්ලම වෙනස් වී තිබිණ. ඔහුගේ වියපත් සොභාවය ගැන දැන අසල්වාසී මවක් සහ තරුණ දියණියක් ඇප උපස්ථාන කිරීමට පෙළඹිණ. දෙදෙනාගෙන් යෞවනිය ආදිත්‍යගේ සිත් ගත්තේය. ඔහු තම ජීවිත කතාව ඇයට පැවසීය. ඒ තරුණියගේ ප්‍රේමවන්තයා ද විටින් විට ඇය හමු වෙන බව ආදිත්‍ය දිටීය.
මේ අතරවාරයේ සංකලනිගේ ආදරණීය ලියමන ආදිත්‍යගේ අතට හසු වන්නේය.
දෙයියනේ . . . එහෙනම් මගේ පුතා තමයි . . .
ආදිත්‍ය ලියමන කියවා අවසන් වෙද්දී සියලු දේ විසඳී හමාරය.
විජය කුවේණි තිරගතවීමෙන් පසු ඉසරු වීරසිංහගේ කලර් සිනමාපටය තිරගත වීමට නියමිතය. මේ එහි කතා සාරංශය වන්නේය.
රංගනය – කමල් අද්දරආරච්චි, ඇන්ජලා සෙනෙවිරත්න, සඳනි සුලක්නා, උදයන්ති කුලතුංග, ජයනි සේනානායක, ප්‍රියන්ත මංසිළු, ශ්‍රීමාල් වෙඩිසිංහ, දුෂාන් මෙන්ඩිස්
නිෂ්පාදනය - නෙත් සුඛ ෆිල්ම්ස් වෙනුවෙන් හිරාන්ති සමරසිංහ, පාලිත සමරසිංහ
කැමරාව - ප්‍රියන්ත මලවිගේ
සංගීතය - සංඛ දිනෙත්
සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර
සහය අධ්‍යක්ෂණය – චලින් මනුරංග
ගායනා - සංඛ දිනෙත්, මීනා ප්‍රසාදිනී, සමිතා මුදුන්කොටුව, කමල් අද්දරආරච්චි
ප්රචාරක සැලසුම - සිතුවිලි ක්‍රියේෂන් වෙනුවෙන් මාලක නන්දන
මෙම කතාවේ නම් ගම් මනකඞපිතය
source-http://www.sarasaviya.lk
No comments:
Post a Comment