1973 ජූලි 20 වැනිදා කොළඹ හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහල අතුරු, සිදුරු නැතිව රසික ජනයාගෙන් පිරී ගියේ ‘ස’ අසිරිය විඳ ගන්නටය. හරියටම ඒ මෙයින් තිස් නව වසරකට පෙරාතුවය. එතැන් පටන් තවමත් ‘ස’ රජ ගමනේය. නගර, ගම් දනව් සිසාරා ‘ස’ ගී මිහිර විසිර, පැතිරි ගියේ සුවහසක් රසික සිත් ප්‍රමෝදයට පත් කරමිනි. එහෙත් ඕනෑම ආරම්භයක අවසානයක් ද තිබේ. එකී සනාතන දහමට අනුව මෙම ජූලි 20 වැනි දින ‘ස’ ඇරැඹුම සනිටුහන් කළ ලුම්බිණි රඟහලේදීම එහි සමාප්ති ප්‍රසංගය පැවැත්වේ.
මෙවන් සංවේදී මොහොතක ‘ස’ ගමන් මගෙහි සුවිශේෂි මතකයන් අතරට පිවිසෙන්නට අප වික්ටර් රත්නායකයන් හට ඇරැයුම් කළෙමු.
‘ස’ ප්‍රසංගය ආරම්භ වුණේ මගේ ඕනෑකමටත් වඩා ඇත්තෙන්ම මා වටා එවකට සිටි මිතුරු පිරිසගෙ උවමනාවට කියා කිව්වොත් නිවැරැදියි. ප්‍රේමකීර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, කේ. ඩී. කේ. ධර්මවර්ධන, බණ්ඩාර කේ. විජේතුංග, චින්තන ජයසේන, ආර්. ආර්. සමරකෝන්, හරිශ්චන්ද්‍ර වීරසිංහ යන මිතුරන් සමඟ එකල මා පදිංචිව සිටි නාවල ගල්පොත්ත පාරේ නිවසේ දින කිහිපයක්ම සාකච්ඡා කරලා තමයි ප්‍රසංගයට ලක ලෑස්ති වුණේ. මේ ප්‍රසංගයට ‘ස’ කියා නම තැබුවේ චින්තන ජයසේන. හැබැයි අපි එදා ‘ස’ ආරම්භ කළේ මේ තරම් දුර ගමනක් එන්න හිතාගෙන නම් නෙවෙයි.
අපේ ඒක පුද්ගල ප්‍රසංග කලාවේ ආරම්භය හා බැඳුණු විවිධ මත තිබෙනවා. මේ ගැන පැහැදිලි කළොත්?
සමහරු අපේ රටේ ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘ස’ කියා කියන්නේ සැකයකින් වගේ. ඇත්තෙන්ම ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංග කලාව ආරම්භ කළේ මම. මේ වෙලාවේ ඒ ගැන සිහිපත් කරන්නේ ඉතා නිහතමානී ආඩම්බරයකින්.
එතකොට විශාරද නන්දා මාලිනියගේ ‘ශ්‍රවණ ආරාධනා’ ප්‍රසංගය?
නන්දා මාලිනී, අමරදේව දෙපළ එකට එකතු වී තමයි ශ්‍රවණ ආරාධනා පටන් ගත්තේ. ඒත් අමරදේවයන් පසුව එයින් ඉවත් වෙනවා. ඊට පස්සේ තමයි නන්දා මේ ප්‍රසංගය තනිව පවත්වාගෙන යන්නේ. නමුත් ඒක පුද්ගල ප්‍රසංගයක් හැටියටම තමයි ‘ස’ ආරම්භ කළේ. ඒ නිසා තමයි ‘ස’ අපේ රටේ පළමුවැනි ඒක පුද්ගල ගී ප්‍රසංගය බවට පත් වෙන්නේ.
‘ස’ මුල්ම ප්‍රසංගයේ අත්දැකීම් තවම ඔබට මතක ඇති?
විශාල රසික පිරිසක් එදා මේ ප්‍රසංගය නරඹන්න පැමිණියා. ප්‍රවේශපත් අවසන් වී තිබුණ නිසා දොරවල්, ජනෙල් කඩාගෙන රසිකයෝ ශාලාව ඇතුළට ආවා. සමහරුන්ට තුවාල පවා සිදු වුණා. හැබැයි ප්‍රසංගය ආරම්භ කළාට පස්සේ පිරිස නිහඬ වුණේ මීයට පිම්බා වගේ. ඒක සුන්දර මතකයක්.
එදා ඔබට වාදනයෙන් සහාය වූ ශිල්පීන් කවුද?
වයලීන වාදනයෙන් එම්. කේ. රොක්සාමි, එඩ්ගා පෙරේරා, මර්වින් පෙරේරා සහ අමරසිරි පීරිස්. සිතාර් වාදනයෙන් වයි. එම්. සුමනසිරි, පියදාස අතුකෝරල, චෙලෝ වාදනයෙන් සෝමපාල රත්නායක, ගිටාර් වාදනයෙන් ඩයමන්ඩ් පෙරේරා, උපේන්ද්‍ර ප්‍රනාන්දු, සර්පිනා වාදනයෙන් ඒලියන් ද සොයිසා, තාල තරංග වාදනයෙන් විජේරත්න රණතුංග, සෝමසිරි බද්දේගම, බටනලා වාදනයෙන් එම්. ඩබ්ලිව් පීරිස් සහ ග්ලොකන්ස්පියල් වාදනයෙන් සේන වීරසේකර ‘ස’ පළමු ප්‍රසංගයට දායක වූ වාද්‍ය ශිල්පීන්. ප්‍රසංගයේ නිවේදන කටයුතු සිදු කළේ ප්‍රේමකීර්ති ද අල්විස්, කේ. ඩී. කේ. ධර්මවර්ධන සහ බණ්ඩාර කේ. විජේතුංග කියන මගේ හිත මිතුරු ගීත රචකයන්. රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර, ආනන්ද වීරසිරි, රංජනී සේනාධීර, තමරා රත්නසේකර අත්වැල් ගායනයෙන් සහය වුණා.
ගේය පද රචනයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන් මෙන්ම ගායනයෙන් සහ වාදනයෙන් සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දුර ගමනක් ගිය කලා ශිල්පීන් ඒ සඳහා සිය මුල් අඩිතාලම සකසා ගත්තේ ‘ස’ ප්‍රසංගය නිසාවෙනි. එමෙන්ම ඇතැම් ප්‍රවීණ කලාකරුවන්ගේ ප්‍රතිභාව වඩාත් ඉස්මතු වූයේ ‘ස’ ප්‍රසංගය ඔස්සේය. සංගීතවේදී රෝහණ වීරසිංහයන් තම නිර්මාණ දිවියට ‘ස’ ප්‍රසංගයෙන් ලත් ආභාෂයත්, ආලෝකයත් නිබඳවම සිහිපත් කරන්නේ එබැවිනි. එවන් නිදසුන් තවත් බොහොමයකි.
කොහොම හරි ඈත ප්‍රදේශයක ‘ස’ ප්‍රසංගය තිබුණොත් කවුරුත් වැඩි කැමැත්තක්, උනන්දුවක් දක්වනවා එයට සහභාගි වෙන්න. ප්‍රේම්, බණ්ඩාර සහ කේ. ඩී. කේ. තුන් දෙනාම ඒ වගේ අවස්ථාවලට නිවේදන කටයුතුවලට එක් වෙනවා. හරියට විනෝද ගමනකට සහභාගි වෙනවා වගේ හැඟිමකින් තමයි කට්ටිය එකට එකතුª වෙන්නේ. හැමෝම යන්නේ එකම බස් රථයක. හරිම විනෝදජනකයි. ‘ස’ පිරිවර අතරේ තිබුණේ දැඩි සහෝදරත්වයක් හා ළෙන්ගතුකමක්.
ඒ යුගයේ රසිකත්වයත් මම හිතන්නේ ඉතා උසස් මට්ටමක තිබුණා?
කොයි පළාතේ ප්‍රසංගය පැවැත්වුණත් අපි ඒ කාලේ අනිවාර්යයෙන්ම දර්ශන වාර දෙකක් පවත්වනවා. ඉන් පළමු ප්‍රසංගය වෙන් වන්නේ පාසල් ළමුන් සඳහා. එදා ඔවුන් තුළ තිබූ විනය, සංවරය හා ගුණගරුක බව නම් ඇත්තෙන්ම පුදුමාකාරයි. එ වගේම හොඳ වින්දන මට්ටමකුත් ඔවුන් තුළ තිබුණා.
වර්තමානයේ ඒ තත්ත්වය පිරිහිලාද?
කනගාටුවෙන් වුණත් කියන්න ඕනෑ ඒක එහෙම තමයි. අද බොහෝ දරුවන් තමන්ගේ අම්මට, තාත්තට කතා කරන්නෙත් ‘ඔයා’, ‘මෙයා’ කියලනේ. මම මේ අද තාරුණ්‍යයට දොස් නගනවා නෙවෙයි. ඔවුන්ගේ විනය, සංවරය, සංහිඳියාව පිරිහී තියෙන්නේ ඇත්තෙන්ම මේ මාධ්‍යය සදාචාරය නොමැතිකමින්. මේ රටේ එදා තිබුණ මාධ්‍ය සංස්කෘතිය අද පිිරිහිලා. වත්මන් මාධ්‍ය සංස්කෘතිය හරහා රටේ ජනතාවගේ සකලවිධ හැසිරීම් රටාවම වෙනස් කරලා.
ජීවත්ව සිටි කාලයේ අන් කිසිදු ගායන ශිල්පියකු නොලද ජනප්‍රියත්වයක් වික්ටර්ට හිමි වූ බව නොරහසකි. ඒ රසික සමූහයා ඔහු වටා රොද බැඳ ගත්තේ අප්‍රමාණ වූ සෙනෙහසකිනි. විශේෂයෙන්ම තරුණියන්ගේ ආලය, ආදරය ඇතැම් විට උන්මාදයක් බවට පත්වන තරමට උත්සන්න විය. වික්ටර්ගේ දිගු කෙස් වැටියෙන් කෙස් ගසක් ගළවා ගන්නට ඇලුම් කළ තරුණියන් සේම ඔහු ඉවත දමන සිගරට් කොටය අහුලා ගන්නට ඉව අල්ලමින් සිටි තරුණයන් ද එකල අරුමයක් නොවීය.
ඇතැම් සොඳුරු යුවතියන් වික්ටර්ගේ ලේන්සුව ලබා ගන්නට පොර කෑහ. මේ ඉහවහා ගිය රසිකත්වය නිසා සමරු පොත් දහස් ගණනක නොව දස, දහස් ගණනක සමරු සටහන් තබන්නට ඔහුට සිදු විය. වික්ටර් මෙන් දිගට කොණ්ඩය වවන්නටත් ඇතැම් තරුණ පිරිස් එකල උනන්දුවක් දැක්වූහ.
‘ස’ ප්‍රසංගයේ ගීතාවලිය කලින් කලට වෙනස් වූ අවස්ථා අප දකිනවා. එසේ සිදු වූයේ ඇයි?
එක් එක් කාලව
ලදී අප ‘ස’ ගීතාවලියේ යම්, යම් වෙනස්කම් සිදු කළා. එසේ කළේ ප්‍රසංගයේ විවිධත්වය හා නැවුම් බව ආරක්ෂා කර ගැනීමට. නමුත් මේ තිස් නව වසර පුරාම අඛණ්ඩව ගැයූ ගීතත් සෑහෙන ප්‍රමාණයක් තිබෙනවා. ‘සම්බුද්ධ සද්ධර්ම’ ස්තෝත්‍ර ගීතය ‘ස’ ප්‍රසංගයේ ආරම්භක ගීතය විදිහට හැමදාම ගැයුණා. ‘අපි ඔක්කොම රජවරු’, දෙවුරම් වෙහෙරේ’, ඔබෙ දෙතොල් පෙති ලිහී’, ‘කුරුල්ලන්ට ගී ගයන්න’, ‘ආදරයේ උල්පත වූ අම්මා’, ‘මීන නුවන් යුගින් බලන්’, ‘හිත මිතුරු සුළඟ’, ‘බිංදුමතී’, ‘තොටුපළ අයිනේ’ වැනි ගීතත් ‘ස’ ආරම්භයේ පටන් මේ දක්වාම ගායනා කරනවා.
එදා මෙදාතුර ඔබට වඩාත් රසික ප්‍රතිචාර ලැබුණ ගීතය සඳහන් කළොත්?
මම හිතන්නේ ‘හෝපලු වන පෙත’ සහ ‘තොටුපළ අයිනේ’ ගී දෙක විශේෂයි. එම ගීත ගායනා ආරම්භ කරන මොහොතේ රසිකයන්ගේ මුවින් විශ්මය දනවන හඬවල් නිකුත් වෙනවා මං බොහෝ වර අසා තිබෙනවා. මම හිතන්නේ අසංක, ඔය ගීත දෙකට තමයි මට වැඩිම රසික ප්‍රතිචාර ලැබුණේ.
‘හෝපලු වන පෙත’ ගීතය වික්ටර් අතින් නිර්මාණය වූයේ ‘ස’ ප්‍රසංගය අතරතුෙර්ය. එය සිදු වූයේ තරමක ආන්දෝලනාත්මක සිදුවීමක් මුල් කර ගනිමිනි. වික්ටර් ‘හෝපලු වන පෙත’ට කලින් ගැයුවේ දයානන්ද ගුණවර්ධන රචිත, ලයනල් අල්ගම විසින් සංගීතවත් කළ ‘සොඳුරිය ඔබගේ වුවන මලක් නම්’ ගීයයි. ‘වික්ටර්ගේ ‘ස’ දුවන්නේ මගේ ගීතය නිසා’ යැයි වරෙක ලයනල් අල්ගම කර තිබූ ප්‍රකාශය නිසා වික්ටර් ඉන් මතුවට ඒ ගීතය නොගයන්නට තීරණය කළේය. වික්ටර් සිය මිතුරු කේ. ඩී. කේ. ධර්මවර්ධනට කියා ‘හෝපළු වන පෙත’ රචනා කර ගෙන එය සංගීතවත් කොට ගායනා කළේ ඔහු සතු අදීනත්වය හා නොනැමෙන සුළු ගතිය නිර්මාණශීලීව විදහා පාමිනි. ඒ වික්ටර්ගේ හැටිය. ඔහුට තිබුණේ කිසිවකු ඉදිරියේ නොනැමෙන කශේරුකාවකි.
‘ස’ ගමන් මගේ කඩඉම් ප්‍රසංග ගැන ආවර්ජනය කරන්න මේ හොඳ අවස්ථාවක්?
අවුරුදු දෙකකටත් අඩු කාලයකින් ඒ කියන්නේ 1975 වසරේ අප්‍රේල් 01, 02, 03 තෙදින තුළ ‘ස’ ප්‍රංසගයේ 98, 99 හා 100 යන දර්ශන ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී ඉදිරිපත් කරන්නට අපට පුළුවන් වුණා. ‘ස’ 500 වැනි ප්‍රසංගය 1978 පෙබරවාරි 18 වැනිදා මගේ 36 වැනි උපන් දිනය දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණා. ‘
ස’ දහස් ගව්ව සුවිශේෂී ප්‍රසංගය පැවැත්වුණේ 1984 වසරේ සැප්තැම්බර් 22 වැනි දින එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ‘ස’ 1300 ප්‍රසංගය එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණෙත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේමයි. ඒ 2003 වසරේ අගෝස්තු 09 වැනිදා. ‘ස’ 1400 ‘ස්වරාභිෂේකය’ රසික සහෘදයන් වෙත ඉදිරිපත් කළේ 2009 දෙසැම්බර් 15 වැනිදායි. එය පැවැත්වුණේත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී. ඒ වගේම මැලේසියාව, සිංගප්පූරුව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, අමෙරිකා එක්සත් ජනපදය, ඉතාලිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, නවසීලන්තය ඇතුළු මැද පෙරදිග රටවල් රැසක පැවැත්වුණා.
වසර තිස් නවයක් පුරා මෙවැනි සාර්ථක සෞන්දර්ය චරිකාවක නියැළි ඔබ 1450 වැනි ‘ස’ ප්‍රසංගය සමගින් එහි සමාප්තිය සටහන් කරන්නට තීරණය කළේ ඇයි?
‘ස’ ප්‍රසංගයට තවමත් ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙනවා. පසුගිය දින කිහිපයේම ලංකාවේ විවිධ පළාත්වල අපි ‘ස’ ප්‍රසංගය රැගෙන ගියා. ඒ හැම තැනකම අතුරු සිදුරු නැතිව රසික රසිකාවෝ පිරිලා, ඉතිරිලා හිටියා. එහෙම සාර්ථකත්වයක් තිබියදීයි මම ‘ස’ ප්‍රසංගයෙන් සමුගන්න තීරණය කළේ. අපේ රටේ කවුරුත් තමන්ම තීරණය කරලා ඒක පුද්ගල ගී ප්‍රසංගයක් නවත්වලා නැහැ. ඉබේම නැවතුණා මිසක.
මෙවැනි තීරණයක් ගැනීම එක්තරා විදිහකින් ඔබේ රසිකයන් හට කළ අසාධාරණයක් නෙවෙයිද?
එහෙම අසාධාරණයක් ඔවුන්ට සිදු වෙන්නේ තවදුරටත් මම ‘ස’ ප්‍රසංගයේ එල්ලීගෙන මරණ මංචකය දක්වා රැඳී සිටියොත්. බුදු දහමේත් කියා තිබෙනවානේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා. ඒක අපි කාටත් පොදුයි. මම දැන් අවුරුදු හැත්තෑ එකක මනුස්සයෙක්. හරියටම ශ්‍රැතියට ගී ගැයීමට නොහැකි වුණොත්, වචන උච්චාරණය නිසි විදිහට කළ නොහැකි වුණොත්, අප ස්වරයක් ගැයුණොත් එදාට මම ‘ස’ ප්‍රසංගයෙන් මෙතෙක් කල් ගොඩ නඟා ගෙන තිබෙන කීර්තියට, යශෝරාවයට වෙන්නේ අගෞරවයක්. ‘ස’ ප්‍රසංගයකදී මම සාමාන්‍යයෙන් ගීත විසි හයක්, විසි හතක් පමණ ගායනා කරනවා. දැන් එහෙම ගායනා කරන්නත් අපහසුයි වගේ. ඒ නිසයි මෙවැනි තීරණයකට එළඹුණේ. අර කතාවකුත් තියෙනවනේ, පුළුවන් කාලේ බැරි දේකුත් නෑ, බැරි කාලේ පුළුවන් දේකුත් නෑ’ කියලා.
අද ඇතැම් ප්‍රවීණයන් මෙවැනි ඒක පුද්ගල ගී ප්‍රසංගවලදී පටිගත කළ ගීතයට බොරුවට කට සොලවන අයුරු අප දැක තිබෙනවා. Rymiming කියන්නේ. ඒත් ඔබ කිසි දිනෙක ‘ස’ ප්‍රසංගයේදී එවැන්නක් සිදු කර නැහැ?
මම කවදාවත් මයිමින් කරලා නැහැ. මොකටද එහෙම කරන්නේ. එහෙම රසිකයෝ රවට්ටන්න මට උවමනාවක් නැහැ. බැරිදාට නම්බු පිටින් මේකෙන් අයින් වෙනවා.
නමුත් තවම ඔබට ඉතා හොඳින් ගයන්නට හැකියාව තිබෙනවා?
මම ‘ස’ ප්‍රසංගයෙන් සමු ගත්තත් දැනට ගීත ගායනයෙන් බැහැර වෙන්නේ නැහැ. ප්‍රසංග වේදිකාවේ දිගටම ගී ගයනවා. අර මුලින් කියපු දුබලතා ආවොත් එදාට නම් මම ගීත ගායනයෙන් සමුගන්න එක ස්ථිර වශයෙන්ම සිදු වේවි.
ඔබේ මේ විරාමය තවත් ප්‍රසංගයක ඇරැඹුමක් කියාත් සමහරු පවසනවා?
නැහැ, ඇත්තෙන්ම එවැනි අදහසක් හෝ අරමුණක් ඇතිව නෙවෙයි ‘ස’ නවත්වන්නේ. නැවත කිසි දිනෙක මා ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්නේ නැති බව සඳහන් කළ යුතුයි. නළුවකුට පුළුවන් වේෂ නිරූපණයෙන් ඕනෑම දෙයක් කරන්න. තරුණයකුට මහල්ලෙක් වෙන්න පුළුවන්. කොරෙක්, අන්ධයෙක් වෙන්න පුළුවන්. එහෙත් ගායන ශිල්පියා කියන්නේ කටහඬ හා බැඳුණු සංගීත අනන්‍යතාවයකින් යුතුª කෙනෙක්. ඔහුට රංගනයේදී වගේ ගායනයේදී වෙස් මාරු කරන්න බැහැ. තලාද් මෙහෙමුද්, තලාද් මෙහෙමුද්මයි, මන්නාඩේ, මන්නාඩේමයි, මොහොමඩ් රාෆි රාෆිමයි.
වික්ටර් රත්නායක, වික්ටර් රත්නායකමයි නේද?
ඔව්. . ඔව් . . ඒකත් එහෙම තමයි.
ඔබ ‘ස’ සමාප්තිය සනිටුහන් කරන්නේ ප්‍රසංග ත්‍රිත්වයකින්. අවසන් වශයෙන් ඒ පිළිබඳ සඳහන් කරන්න.?
‘ස’ මුල්ම සමාප්ති ප්‍රසංගය ජූලි 18 සවස 6.30 ට ‘නෙළුම් පොකුණ’ රඟහලේදී අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ජූලි 19 සවස 6.30 ට දෙවැනි ප්‍රසංගය සංවිධානය කර තිබෙන්නේ මහරගම තරුණ සේවා රඟහලේදීයි. එහි ප්‍රධාන ආරාධිතයා පණ්ඩිත් අමරදේවයන්. ‘ස’ කලඑලි දුටු ලුම්බිණි රඟහලේ දීම එහි සමාප්තිය සිදු වන්නේ ජූලි 20 වැනිදා සවස 6.30 ට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රධානත්වයෙන්.
ඒ දිනය ඉතාමත් සංවේදී, හැඟුම්බර දිනයක් වේවි මට වගේම ඔබ සැමටත්. බහුතරයක් රසික පිරිස ‘ස’ ප්‍රසංගයේ සමාප්තිය දකින්නට කැමැති නැහැ. එහෙත් මේ සමුගැන්ම සිදු විය යුතුයි. සමහර රසිකයන් ඉන්නවා ‘ස’ පනස් වාරයක් නරඹපු. මේ තිස් නව වසර පුරා මා සමඟ අත්වැල් බැඳන් සිටි ඒ සැමටම අනේක වාරයක් ස්තුතියි. ඉතිං ඔබට ආයුබෝවන් . . . source-http://www.sarasaviya.lk

No comments:
Post a Comment