මුතු අගී එකමුතු එයට වඩා වටී
මුවන් පැලැස්සේ කෝරළේ මහත්තයා පසුගියදා කොළඹ ජාතික රෝහල පැත්තේ ඇවිත් සිටියා. ඒ නිකම්ම නොවෙයි තවත් පිරිසක් සමඟින්. හෙමිහිට විපරම් කරලා බැලූ විට පෙනුණේ පිරිස පිරිත් සජ්ජායනයකට සූදානම් වන බව.කෝරළේ මහත්තයා ඇතුළු පිරිස ජාතික රෝහලට ඇවිත් තිබුණේ චරිත තුනක්හී ‘ඉසාව’ බලන්න. එහෙමත් නැතිනම් ඉසා ලෙස ප්‍රතිභාපූර්ණ රංගනයක් තුළින් නොමැකෙන මතක සටහන් ඉතිරි කළ සුමින්ද සිරිසේන රංගධරයාගේ සුව දුක් විමසන්න. ටික දිනක සිට අසනීප තත්ත්වයේ සිටින සුමින්ද වෙනුවෙන් කෝරළේ මහත්තයා හෙවත් විජේරත්න වරකාගොඩ ඇතුළු රංගන ශිල්පී ශිල්පිනියන් රාශියක් එදින ජාතික රෝහලට පැමිණ සිටියා.
ඊට පසු දින තවත් කලාකරුවන් පිරිසක් සුමින්දගේ රෝගාබාධය වෙනුවෙන් පිරිත් සජ්ජායනයක් ද සිදු කළා. සහෝදර කලාකරුවකුගේ රෝගාබාධයකදී එකට එක් වී සංවේදීව කටයුතු කරන කලාකරුවන්ට උත්තමාචාරය.
source- http://www.sarasaviya.lk
No comments:
Post a Comment