If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Saturday, July 14, 2012

ටොම් කෲස් නැවත දික්කසාද වෙයි

ටොම් කෲස් නැවත දික්කසාද වෙයි

විවාහ වගේම දික්කසාද හොලිවුඩ් පුරයට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.
මේ දිනවල අලුත්ම ආරංචිය හොලිවුඩ් සුපිරි නළු ටොම් කෲස් සහ කේට් හෝල්ම්ස්ගේ වසර 5 ක් වූ විවාහ ජීවිතයට සමු දෙන්නට ගත් තීරණයයි.
පසුගිය 29 වැනිදා කේට් දික්කසාද ලියවිලි ඉදිරිපත් කළා.

ඒ මඟින් ඇය ඔවුන්ගේ සය හැවිරිදි දියණිය සුරිගේ තනි භාරකාරත්වය අපේක්ෂා කරනවා. කේට් හෝල්ම්ස් ටොම් කෲස්ගේ තෙවන විවාහයේ බිරිඳයි. ඔහු මීට පෙර 1987 දී ඇමරිකානු ජාතික නිළි මිමි රොජර්ස් සමඟ විවාහ ගිවිස ගත් අතර 1990 දී එම විවාහය බිඳ වැටිණි. 1990 දී ඕස්ට්‍රේලියානු ජාතික සුපිරි නිළි නිකොලේ කිඩ්මෑන් සමඟ වූ විවාහයට 2001 වසරේදී තිත තැබිණි.
කේට් – ටොම් දික්කසාදයේ ටොම් වෙනුවෙන් ඉදිරිපත් වන්නේ මීට වසර 11 ට පෙර ටොම් හා නිකොලේ කිඩ්මෑන් දික්කසාදයේ දී ටොම් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරයා වන ඩෙනිස් වැසර් වීම විශේෂත්වයකි.
නිකොලේ කිඩ්මෑන් සමඟ විවාහයේ දරුවන් දෙදෙනාගේ භාරකාරත්වය ටොම් කෲස්ට හිමි විය. ජනප්‍රියතම හොලිවුඩ් තරුවක් ලෙස කිරුළු පැළඳි ටොම් කෲස් අද වන විට වැඩිම ආදායමක් ලබන හොලිවුඩ් නළුවන්ගේ ලැයිස්තුවේ පෙරමුණේම සිටී. ඔහු රංගනයෙන් දායක වුණ මිෂන් ඉම්පොසිබල් - ගොස්ට් ප්‍රොටෝකෝල් පසුගිය දෙසැම්බරයේදී ලොව වටා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත විය. එමෙන් ඔහුගේ තවත් විශිෂ්ට රංගනයක් රැගත් විද්‍යාත්මක චිත්‍රපටයක් වනර්‍ණඡතඪමඪධද ලබන වසරේ අප්‍රේල් මාසයේදී තිරගත වන්නට නියමිතය.
source-http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com