
ඉන්දීය ක‍්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණි ශ‍්‍රී ලංකාව සමග දෙවන එක්දින තරඟය පරාජය වීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. හම්බන්තොට සූරියවැව ක‍්‍රීඩාංගණයේ තම කණ්ඩායම ඊයේ (24) ක‍්‍රීඩා කළ තණතිල්ල මන්දගාමී එකක් බවයි ඔහු පවසන්නේ. මේ නිසා තම කණ්ඩායමේ පිතිකරුවන්ට රිසි අයුරින් පන්දුවට පහරදීමට නොහැකිවූ බව දෝණි සඳහන් කර තිබෙනවා. ඊයේ තරඟය පරාජය වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය නායකයා මෙම අදහස් පළ කළා. මාධ්‍ය හමුවට එක්වූ ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන කියා සිටියේ ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණයට හේතු වූ බවයි. තරඟ 5 කින් සමන්විත ශ‍්‍රී ලංකා ඉන්දියා එක්දින තරඟාවලියේ මේ වනවිට දෙපිලම තරඟ 1 බැගින් ජයග‍්‍රහණය කර තිබෙනවා. මීළඟ තරඟය මේ මස 28 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
http://www.hirufm.lk/
No comments:
Post a Comment