If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Tuesday, July 24, 2012

ඕස්ටේ‍්‍රලියාවෙන් 150 ක් පිටුවහල්

නීති විරෝධී ලෙස පැමිණි තවත් සංක‍්‍රමණික යාත‍්‍රා දෙකක්  ඕස්ටේ‍්‍රලියාවේ නත්තල් දිවයිනට සහ කොකෝස් දිවයිනට ඊයේ ළගා වී තිබෙනවා. ඉන් එක් බෝට්ටුවක නීති විරෝධී සංක‍්‍රමණිකයන් 123 දෙනෙකු සිටි අතර, අනෙක් බෝට්ටුවේ සංක‍්‍රමණිකයින් 36 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ. දෙවැනි බෝට්ටුව ශ‍්‍රී ලංකාවේ සිට ඍජුවම කොකෝස් දිවයිනට පැමිණ ඇති බව  ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කළා. මේ අතර  ඕස්ටේ‍්‍රලියාවේ ‘‘ද ඒජ්’’ පුවත්පත වාර්තා කරන්නේ දැනට  ඕස්ටේ‍්‍රලියාවේ සිටින නීතිවිරෝධී ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයන් 150දෙනෙකු පිටුවහල් කිරීමට එරට රජය සූදානම් වන බවයි. ඒ පිළිබඳ අවශ්‍ය මූලික ලියකියවිලි මේ වනවිට  ඕස්ටේ‍්‍රලියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතින බවයි එම පුවත්පත සඳහන් කරන්නේ. මේ වනවිට  ඕස්ටේ‍්‍රලියාවට 1500 කට ආසන්න ශ‍්‍රී ලාංකික නීතිවිරෝධී සංක‍්‍රමණිකයින් පිරිසක් පැමිණ ඇති බව ද ඒජ් පුවත්පත වැඩිදුරටත් පවසනවා.

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com