මේ ඡායාරූපය කියන්නේ අනුවේදනීය කතාවක්. පසුගිය දවසක අපේ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහරගම පිළිකා රෝහලට ගියේ සමාජ සත්කාරයකට දායක වන්නටයි.ඒ නවලෝක සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ වූ අභාවප්‍රාප්ත, දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස මහතාගේ ගුණානුස්මරණය වෙනුවෙන් පවුලේ සමාජිකයන් විසින් පරිත්‍යාග කරන ලද රෝහල් වාට්ටු ගොඩනැගිල්ල විවෘත කිරීමටයි.
නවලෝක නිර්මාතෘ ධර්මදාස මහතා වාසනා, හතර වටේ වැනි චිත්‍රපටවල සම නිෂ්පාදක වරයායි. එමෙන්ම ඔහුගේ එක් පුත්‍රරත්නයක් වූ ජයන්ත ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති හැටියටද කටයුතු කළා.
නවලෝක පවුලේ ළඟ හිතවතකු වූ රවීත් මේ සත්කාරයට එකතු වුණේ පින් සිත් ඇතිවයි. රවී කලකට ඉහත දී මෙහෙය වූ ‘ මයින්ඩ් ස්ටාර් ‘ වැඩසටහනේ දී ලක්ෂ දහයක් දිනාගත් විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයායි.රවී, වෛද්‍ය වසන්ත සමඟ පිළිකා රෝහලේ වාට්ටු තුළට ඇවිද ගියේ රෝගීන්ගේ නෙත් සිත් සතුටු කිරීමටයි. බෙහෙවින් අසාධ්‍ය ලෙඩකු රවී පැමිණ සිටිනවා දැක කතා කළා.
’ මට හරි සන්තෝෂයි, ඔබ තුමා දැකගන්න ලැබීම ‘. මේ නන්නාදුනනා රෝගියා රවීගේ අතින් අල්ලාගෙන කියා සිටියා. රෝගියාගේ තත්ත්වය දන්නා වෛද්‍ය වසන්ත රෝගියාගෙන් මෙහෙම විමසුවා. ‘ එයා රවීන්ද්‍ර නම් මම කවුද ? ‘
’ මට අඳුනන්න බෑනේ ‘ යනුවෙන් රෝගියා පැවසුවා.
මේ දිනවල උදේ සවස දකින වෛද්‍යවරයා හඳුනාගන්න බැරි උනත් රවීන්ද්‍රව හඳුනාගත් හැටි දැකලා රවීටත්, වෛද්‍ය වසන්තටත් නෙතඟට කඳුළක් ආවා.
source- http://www.sarasaviya.lk
No comments:
Post a Comment