
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ආදරණීය පුතු දමිත් ෆොන්සේකා කලක් රිදී තිරය සිය රංගන හැකියාවෙන් ඔපවත් කළා ඔබට මතක ඇති.
එහෙත් මෑතකදී ඔහුගේ රුව කිසිදු නිර්මාණයකට දායක නොවූයේ දමිත් රංගනයට තැබූ හදිසි විරාමය නිසයි. දමිත් නැවතත් රංගනයට අවතීර්ණව තිබෙනවා. ඒ කේ සෙරා සේරා චිත්‍රපටය ඔස්සේය.
මෙහි දමිත් රඟනුයේ පාතාල නායකයකුගේ චරිතයක්. නැවතත් රංගනයට පැමිණීමට අපේක්ෂා නොකළ දමිත් මෙම චිත්‍රපටයෙහි රඟපෑමට විශේෂ හේතුවක් තිබෙනවා. ඒ දමිත්ගේ විශිෂ්ට රංගන හැකියාව විදහාලූ එකදා වැහි චිත්‍රපටයේ අධ්‍යක්ෂ පරාක්‍රම ජයසිංහ කේ සෙරා සේරා චිත්‍රපටයෙත් අධ්‍යක්ෂවරයා වීමයි.
කේ සෙරා සේරා මයාලි ජයසිංහ සහ රිෂිනි ජයසිංහ නිෂ්පාදනයක්. එය මේ දිනවල බොරැල්ල අවට ප්‍රදේශයන් හී රූගත වනවා.
source- http://www.sarasaviya.lk
No comments:
Post a Comment