If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Saturday, May 26, 2012

ශ‍්‍රී ලංකාව ගැන සොයා බැලීමට අලූත් රටවල් 3 ක්.

ජගත් මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය මගින් ශ‍්‍රී ලංකාව පිළිබදව ඇගයීම සඳහා රටවල් තුනකින් සමන්විත කණ්ඩායමක් පත් කෙරෙනවා. මානව හිමිකම් මණ්ඩල වෙබ් අඩවියේ සදහන් වන පරිදි මේ වසරේ ඔක්තෝම්බර් 22 වැනිදා සිට නොවැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වෙන ඇගයීම් කමිටු සැසිය සඳහා එමගින් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇගයීම සඳහා එලෙස පත් කෙරෙන්නේ ඉන්දියාව, අප‍්‍රිකානු බෙනින් රාජ්‍යය සහ ස්පාඤ්ඤයයි.  මෙම රටවල් තුනම පසුගිය ජිනිවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීම විශේෂත්වයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 192 සඳහාම මෙසේ වසර 4 න් 4 ට නිරික්ෂණ රටවල් 3 ක් නම් කිරීම සාමාන්‍ය සම්ප‍්‍රදායයි.


මේ අතර, ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගේ නිළ කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කර තිබෙනවා. ඒ, ඇය ඊශ‍්‍රායලය විවේචනය කළ නිසා ඇමරිකාවෙන් මතු වූ විරෝධය නොතකමින්.
source- http://hirunews.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com