මොනාලිසාට සමවන අමන්දාගේ සිනහව
කර්ම
ප්‍රසන්න ජයකොඩිගේ කර්ම ගැන
සුදත් දේවප්‍රියගේ අදහස්
සිනමා කෘතියක් පිළිබඳ තවත් සිනමාකරුවකු අදහස් පළ කරන්නේ බොහෝ කලාතුරකින්. මේ එබඳු
දුර්ලභ අවස්ථාවක්. ‘අඹ යහළුවෝ’ ටෙලි නාට්‍යය නිර්මාණය කොට කීර්තියට පත් සුදත්
දේවප්‍රිය තරණය, උඩු ගං යාමය චිත්‍රපට නිර්මාණය කොට සිනමාවේ නමක් තැබුවේය. උඩුගං
යාමය, සරසවිය, ජනාධිපති සම්මාන රැසක් දිනා ගත්තේය. මේ දිනවල තිරගත වන ප්‍රසන්න
ජයකොඩිගේ කර්ම නරඹා උදම් වූ සුදත් ඒ පිළිබඳ ලියා එවූ ලිපියකි මේ.
![]() |
|
සුදත් දේවප්‍රිය
|
එය හඹා යන කාලය අල්ලා හසුකර ගැනීමට දරන්නා වූ අති වෙහෙස කර ව්‍යායාමයකි. එසේම සිනමාව යනු අපට අභිමත ලෙස එකට අමුණා, බලෙන් ඔබවා, සකසනු ලබන රූප පද්ධතියක් ද නොවේ.
එය පොදු කාල රටාවක් විසින් නිසඟයෙන්ම ඉල්ලා සිටින රූප මාලාවකි. මෙකී ගුණ සමුදාය කලා ක්ෂේත්‍රය තුළ වැඩි වශයෙන් පවතින්නේ ද සිනමාවේ පමණකි. එහෙත් මෙම අනඟි ගුණය හරි හැටි වටහා නොගත් නිසා හුදු කතන්දර කලාවක් බවට පත් වූ සිනමාව, සිනමාවේ මූලික ගුණය වන කාලය හා අවකාශය නියම ලෙස ග්‍රහණය කර ගැනීමේ හැකියාවෙන් ද අද වියුක්තව සිටී.
ප්‍රසන්න ජයකොඩි සිනමාවේදියාගේ කර්ම චිත්‍රපටය අපට වැදගත් වන්නේ මෙම පසුබිම තුළ අප සිනමාව සතු විශේෂත්වයන් ගැන විමසිලිමත් වන විටය. ඒ අනුව බලන විට කර්ම යනු සැබැවින්ම හෙළ සිනමාවට දායාද වූ අනඟි තිළිණයකි. කර්ම හුදු කතන්දර කලාව මත යැපෙන අපේ සිනමා සම්ප්‍රදායයෙන් ඔබ්බට ගොස් සිනමාව සතු සත්‍යතාවයන් මනාව හසුකර ගැනීමකි.
කර්ම සරල රේඛීයව පෙනෙන කතන්දරයක් අපට නොකියයි. ත්‍රිකෝණගත චරිත ලෙසින් පියල් හා අමන්දාත්, නදීත් අපට හමුවන අතර මෙම චරිත එකිනෙකට වෙනස් වූ බවක් දක්වයි. එකකු අනිකාගේ ජීවිතයට ඉව අල්ලන්නේ තම ජීවිතයේ දුක්ඛ දෝමනස්සයන්ගෙන් හෙම්බත්ව හිස් වූ ඉම පුරවා ගන්නටය. පියල් එවැන්නෙකි.
අමන්දා නම් වූ යුවතියගේ හෘද ස්පන්දනය මිනිස් ශාරීරික අවශ්‍යතාවයක් වන්නා වූ රතීයට පමණක් සීමා වූවක් නොවේ. ඈ ඇගෙන් පලා යන ජීවිතය යළි තුරුලු කරගන්නට කිසිවකු සොයයි. අනිකාගේ ජීවිතයේ තමාට ද සැඟවිය හැකි හිඩසක් දුටු විට ඇගේ උකුළ නිරාවරණය වේ.
නදී වත්මන් වෙළෙඳ කුලය නියෝජනයෙන් පැන නැගුණු අතුරු ඵලයක් මෙනි. සෘජු දේශපාලන මිනුම් දඬුවලින් තොරව නිර්මාණ ගැන කතා නොකරන යුගයක කර්ම චිත්‍රපටය අපට සුවිශේෂී වේදිකාවක් තනා දෙයි. මෙහි චරිත තුළින් ගලා හැලෙන අධ්‍යාත්මික දේශපාලන රටාවේ සුවය අපි මෙහිදී විඳින්නෙමු.
මෙකී තුන් කොන් චරිත අතුරින් මා දුටු කර්ම හි කතා ප්‍රවෘත්තියේ සංසිද්ධීන් මෙසේ ලඝු
කොට දක්වමි. සිය මවගේ වියෝව ගැන ස්වයං වරදකාරී හැඟීමක පසුවන අප තරුණයා, පියල්, සිය
ජීවිතයේ රික්තකය පුරවාලනු වස් යාබද නිවසේ ජීවත් වන අමන්දාගේ ජීවිතයට එබී බලයි.
අමන්දා පියයුරු පිළිකාවකින් පෙළෙන බව දැනගත් ඇගේ පෙම්වතා නදී දමා පලා යයි. තමා සමීපව යහන් ගත වූ අමන්දා පිළිකාවකින් පෙළෙන මරණාසන්න වූ රෝගියකු බව දැනගන්නා පියල් එය තමා තම මව සමඟ යහන්ගතවීමක් හා සමාන යැයි සිතා වැලපේ. එකී වරදකාරී හැඟීමෙන් ගැළවෙන්නට මෙන් ඔහු අමන්දාව ඇගේ මරණය තෙක් රැක බලා ගනියි.
එනිනෙකට සරලව ගොතන ලද රූප සමෝධනයක් මෙහි දක්නට නොලැබෙන අතර කර්මවල මා දකින සුවිශේෂී ලක්ෂණය වන්නේ එහි චරිත චෛත්‍යසිකයන් හා හැඟුම්බරව අපට බැඳෙන්නට නොදී සමස්ත කෘතියම දෙස ප්‍රේක්ෂකයකු ලෙස ඉහළින් සිට සිදු වන්නේ කුමක්දැයි ඉව අල්ලන්ට සිනමාකරුවා විසින් අපට ලබා දී ඇති අවකාශයයි.
මෙම අවකාශය තුළ අපට හැගුම්බර වීමට ඉඩ නොදෙන ප්‍රසන්න ජයකොඩි අඳුරත්, රතීයත් අතර ඇති විශ්වීයව මානව සබඳකම පරදවාලමින් දුර සිට පියල්ට හා අමන්දාට පෙම් කරන්නට අපව පොලඹවා ගනී.
එහෙත් ඔවුන් හා එකතුව එකී දුක බෙදා හදාගන්නට තවමත් අපට අවසර නොමැත. සිනමාපටය පුරාම අපි කුහුලින් බලා සිටින්නෙමු. මෙහි එන චරිත කවුරුන්ද? ඔවුන් නියෝජනය නව සමාජ සංස්කෘතික හා දේශපාලන පසුබිම කවරේද? යන්න අප විසින්ම සොයා ගැනීමට ඉඩ තබා ප්‍රසන්න බලා සිටියි. අපි අපගේ බුද්ධිය සමඟ සටන් කරමින් මෙකී චරිතයන්හි අක්මුල් සොයන්නෙමු. එය සැබැවින්ම විශ්මජනක චාරිකාවකි.
ප්‍රේක්ෂක ඇසට ඇඟිල්ලෙන් ඇන මේ අසවල් චරිත යැයි අපට නොකියා නිර්මාණකරුවා සිනමාව සතු ශිල්පීය ගුණයක් අතැඹුලක් සේ භාවිත කරමින් මෙම චරිකාව පුරා අපව ගෙනි යයි. එහි ගමනාන්තය සැබවින්ම කාව්‍යාත්මකය. අති සුන්දරය. වරක් ලෝ ප්‍රකට රුසියානු සිනමාධර ඔන්ද්‍රේ තර්කොවුස්කි ‘සිනමාව ඇත්තේ කවිය හා සංගීතය අතර යැයි’ පැවසූ බවක් මෙහිදී මගේ මතකයට නැඟේ.
එක වහළක් යට බිත්තියෙන් එහා මෙහා වෙසෙන චරිත තුනක් සිය අධ්‍යාත්මයෙන් අඳුරු අහුමුළුවල ඔඩු දුවා ඇති කුණු කන්දල් වමාරමින් ස්වයං භාවවිරේචනකයක යෙදෙති. එහි විශේෂත්වය වන්නේ ඒවා හිතාමතා නොකරන අතර එකිනෙකා අතර ඇතිවන අධ්‍යාත්මික ඝට්ටනයක් නිසාම එකී සියල්ල නිසඟව මතු වී ගෙන ඒමයි.
එසේම කර්ම සැබවින්ම සිනමාලංකාරයෙන් පොහොසත් වූ අගනා සිතුවමක් ලෙස අපට ඒත්තු ගන්වන සංකේත රූපවලින් ද පිරිපුන් වූ කෘතියකි. චිත්‍රපටය ඇරැඹෙන්නේ ජල තටාකයක වකුªටු වී ඉන්නා පියල්ගේ රූපයකිනි. විවේක බුද්ධියෙන් යුතුව බලන විට එය මවකගේ කුස තුළ ඉන්නා කලල රූපයක් සේ අපට දැනේ. මෙහි මා දකින කතා නායකයා වන්නේ පියල්ය.
ඔහු සිනමාපටය පුරාම සිය මවගේ වියෝව තමාගේ වරදින් වී යැයි සිතා වියෝවන්නෙකි. හුදු කාමස්වාදය සඳහා අමන්දා වෙත එබී බලන පියල් පසුව ඈ තුළින් දකින්නේ තම මවගේ අහිමි වූ දාරක ප්‍රේමයේ ආස්වාදයකි. අමන්දා හා යහන්ගත වූ දින ඔහු කුඩා දරුවකු සේ හඬා වැලපෙන්නේ ද එබැවිනි.
![]() |
|
ප්‍රසන්න ජයකොඩි
|
මෙකී කාරණා පසක තබා මට නිදහස්ව ලියන්නට තරම් කර්ම නිර්මාණකරුවා පොහොසත්ව සිටී. රූප රචනයත්, ආලෝකයත්, රාමුව තුළ නළු නිළියන් පෙළ ගැස්වීමත්, කැමරා ධාවනයත්, නිශ්චිත සෘතියක තබා කරන සුසංයෝගය අපගේ බොහෝ චිත්‍රපටවල නොදකින තරම්ය. නළු නිළියන් මෙහෙයවීමේදී ද ප්‍රසන්න සියලු අභියෝගයන් ජය ගන්නේ ජීවිතය පිළිබඳ අපරිමිත අත්දැකීම්වලින් පරිපූර්ණ වූ නිර්මාණවේදියකු සේය.
රූප නිර්මාණයේදී ද අඳුර හා ආලෝකය හැසිරවීමේදී ද නිර්මාණකරුවාට අනඟි සහායක් ලබාදෙන කැමරා අධ්‍යක්ෂවරයා වන පාලිත පෙරේරා ද මගේ මතකයට නැෙඟන්නේ ඔහු තම සිනමාවේදියාට තම සම්මාදම නොඅඩුව සපයා ඇති නිසාමය. අධ්‍යක්ෂවරයකුගේ මනසේ මෝදු වන රූප ඡායා නිසඟ රූප බවට පත්කළ හැක්කේ ශූර කවීත්වයක් ඇති කැමරා ශිල්පියකුට පමණි. කර්මයෙහි කැමරාකරුවා ඒ අතින් පොහොසත් වීම අපගේ අමන්දානන්දයට හේතු වේ.
කර්ම චිත්‍රපටයේ සියලු සංසිද්ධීන් එකට හකුළුවා ගන්නේ චිත්‍රපටයේ අවසාන ජවනිකාවෙනි. එහි ඇත්තේ එකම එක් රූපයක් පමණි. එය සැබවින්ම විශ්මයජනකය. අමන්දා පියයුරක් අහිමි යුවතියක බව අප දකින්නේද එහිදීය. පියල් තම මවගෙන් නොලද ප්‍රේමය ද අමන්දාගෙන් ලබන බවක් එම රූපය තුළ ඔවුන් ස්ථානගත කර ඇති ආකාරයෙන් අපට පසක් වෙයි.
කර්ම චිත්‍රපටයේ මුඛ්‍යාර්ථය ඇත්තේද එතැනය. මෙතෙක් චිත්‍රපටය නැරැඹීමේදී ප්‍රසන්න ජයකොඩි විසින් අපගේ පපු කුහර මත තබා ඇති මහා ගිරිකුල හිම කිරමක් සේ දියව පහව යන්නේ මේ රූප දැකීමෙනි. ඉන් නොනවතින අපි අපගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන්නෙමු. අපගේ ජීවිත මෙහි තබා ඇත්තේ කොතැනද යැයි සොයන්නෙමු.
අපි හෘද සාක්ෂිය අපට කතා කරන්නට පටන් ගනී. අප සිත් අඳුර හා බැඳුණු හුදු රතිය පිළිබඳ පවතින ආකල්පවලින් ලිහී ගොස් කිසියම් අධ්‍යාත්මික සුවයකින් පියල්ට හා අමන්දාට ළං වන්නෙමු. මෙලොව සෑම මිනිසකුම තම පෙම්වතියකගෙන් සොයා බලන්නේ කුමක්ද? ඇය සිය පති භාර්යාව වූ පසු ඇගෙන් පතන්නේ කිනම් රසයක්ද? එය හුදු කාමස්වාදයක් ද නොවේ. ඉන් එහාට අප කැඳවාගෙන යන මහා කරුණා රසයෙන් පිරි මාතෘ ස්නේහයකි.
අවසන් රූප රාමුවේ අමන්දාගේ මුහුණ දෙස බලන විට මට ඇගේ මඳ සිනහව අමතක කළ නොහැක. චිත්‍ර කලාවට ඩාවින්චි මැවූ මොනාලිසාගේ සිනහව කෙසේ ද, ලාංකේය සිනමාවට අමන්දාගේ සිනහවත් එසේමය. ඉන් ධ්වනිත වන අරුත කිමැයි මට නම් කිව නොහැක. එය සිනමාවේ මෙතෙක් මා දුටු කාරුණිකම සිනහව යැයි මා සඳහන් කරන්නේ නිහතමානීවමය.
source- http://www.sarasaviya.lk


පොඩි මල්ලි . . .
ඒ ප්‍රශ්නය සුනෙත්ට.
ආයෙත් මට ඇඟිල්ලෙන් ඇන්නා.
ඇය අනුත්තරා. චාම්, අහිංසක,
සංවේදී සරල ජීවිතයක් ගත
කරන තරුණියක්. අනුත්තරා
කෝටිපති ව්‍යාපාරිකයකුගේ
එකම දියණිය. මොන තරම් සැප
සම්පත්, ධනය තිබුණත් ඇය ජීවත් වෙන්නේ
කියාගන්න බැරි තරම් දුකක් හිතේ හිර
කරගෙන.
චැලෙන්ජර්ස් චිත්‍රපටයේ චරිතය සමඟ සසැඳීමේදී මෙම චරිතය නිරූපණය ගැන මොකද හිතෙන්නේ?
අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙනවා කියන්නේ ලෙහෙසි පහසු පොඩි දෙයක් නෙවෙයිනේ. මම පොඩි
කාලේ ඉඳලම ඇලුම් කළේ රංගනයට. අක්කාට නම් අධ්‍යක්ෂණ කටයුතුª සඳහා යොමු වෙන්න ආසාව
තිබුණා. ඒ වගේම එයාට තාක්ෂණික අංශය ගැන හොඳ දැනුමක් තියෙනවා. මොන දේ කරන්න වුණත් ඒ
පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕන. මම තවම ක්ෂේත්‍රයට ඇවිල්ලත් වැඩි කාලයක් ගත වෙලත්
නැහැනේ.
ජයසේකර අපොන්සු කියන අපේ නාට්‍යකරුවා ඔහුගේ නවතම වේදිකා නාට්‍යය වුණු ‘සකෝ දේවා’ ත්
සමඟ පසුගිය දවස්වල රට වටේම යන බව අපට ආරංචි වුණා. ඔහු මේ සූදානම් වෙන්නේ කොළඹ
ප්‍රදේශයෙන් ඈත රඟහලවල වේදිකා ගත කළ ‘සකෝ දේවා’ වේදිකා නාට්‍යය පළමුවරට කොළඹ
වේදිකාවක රඟ දක්වන්නයි. ඒ මෙම මස 14 වැනිදා ඉරිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න
ශාලාවේදීයි.

‘පොඩ්ඩන්ට පුළුවන්’ තරඟ වැඩසටහනක් රූගත කිරීමට සැරසෙමින් තිබුණි.










20 – 20 ලෝක ක්‍රිකට්
කුසලානයේ අවසානයේ අපට
ජය අහිමි වුවත් බටහිර ඉන්දීය
කොදෙව් ක්‍රීඩකයන්ගේ
කෞශල්‍ය හා ඔවුන්ගේ කණ්ඩායම්
හැඟීම පිළිබඳ අපේ බොහෝ දෙනා කතා
කළේ සතුටිනි. එදා තරගය අවසානයේ
ක්‍රිස් ගේල් ඇතුළු පිරිස කළ නර්තනය
කාගෙත් සිත් ගත්හ.
එය
මෙම ගීතයෙහි දර්ශනවලට දකුණු කොරියාවේ සංගීත කණ්ඩායම්වල
ශිල්පීන්, රූපවාහිනී විකට ශිල්පීන් සහ නිවේදක නිවේදිකාවන් ද රංගනයෙන් දායක වී ඇත.
මෙම ගීතයත් සමඟම ගන්ග්නාම් නර්තන ශෛලියට අති විශාල ජනප්‍රියත්වයක් හිමිවීමට ගීතයේ
රිද්මය, නර්තනය මෙන්ම තවත් කරුණක් ද බලපා ඇත. එය නම්, මෙම ගීතයට ‘හිමිකම් ඇවිරිණි’
යන සීමාව පනවා නොතිබීමයි. මෙය ලොව පුරා ඕනෑම අයකුට අනුකරණය කිරීමට ඉඩ ලැබී තිබේ.
ඇමරිකානු විකට ශිල්පිනියක වන
චෙල්සී ලේට්ලි පැවසුවේ සඉස් දකුණු ඇමරිකානු සුපිරි ගායක රිකී මාටින්ට සමාන කළ හැකි
බවය. ගන්ග්නාම් නර්තන ශෛලියට වශී වී සිටින්නේ යොවුන් පරපුර පමණක්ම නොවේ. වයෝවෘද්ධ
පිරිස් ද මෙම නර්තන ශෛලියට බෙහෙවින්ම ඇලුම් කරන බව දැනගන්නට තිබේ. පසුගිය
සැප්තැම්බර් මාසයේදී දකුණු කොරියාවේ පැරඩයිස් පාක් නම් වූ නිවහනේහි රැඳී සිටින
වැඩිහිටියන් ද මෙම නර්තනය නැරඹීමට දැඩි කැමැත්තක් දක්වන බව පැවසේ.
MEN
IN BLACK 3
FRANKENWEENIE
HOTEL
BARFI
OH
TAKEN
මේ දිග හැරෙන්නේ පවනි පුවත්පතකට ලබා දුන් පළමු පුවත්පත් සංවාදයයි.
වාහන පිට වාහන තෑගි දුන්නත් රාණි
මුඛර්ජිගේ සිත් ගැනීම නම් ආදිත්‍ය
චොප්රාට පහසු දෙයක් නොවෙන
පාටය. හැංගි හැංගි වෙස් බැන්දත්
මෙතෙක් කල් ලොවම ආදිත්‍ය චොප්රා සහ රාණි
ඉක්මනින්ම එක වහළක් යටට වනු ඇතැයි කියා
සිතූහ. යාෂ් රාජ් චිත්‍රාගාරයේ වැඩි දෙනා ඇය
අමතන්නේ ‘නංගි’ කියායි.
තමන් ශ්‍රී දේවි,
මධුරි ඩික්සිත් හෝ ජූහි චව්ලා කියා සිතන ඇය මෙහි වෙනස්ම ආකාරයක රංගනයක යෙදෙන්නීය.
රාණිගේ ‘ආයියා’ සිනමාපටය තිරගත වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 12 වැනි දිනයි.
ඔහුගේ අනන්‍යතාව වූ දිගු කෙස් කළඹට සමු දී කොණ්ඩය කොටට කපා තිබූ නිසා එකවරම ඔහු
හඳුනාගත නොහැකි වූවා. දිවයිනේ නන් දෙසින් පැමිණි අපේ පාඨක හිතවතුන් වූ,







ගිල්බට්ගේ හදපිරි සෙනෙහස.
තිරයේ ජීවත්වන
ආදරවන්තියන් ප්‍රේමයේ මිහිරෙන්,
විරහවේ වේදනාවෙන්
මුසපත් කළ ඒ කෝකිල
හඬ තවමත් තරුණය.
එහෙත් ඒ හඬෙහි
හිමිකාරිය සැප්තැම්බර්
28 වෙනි දිනට පා තබන්නේ අසූ තුන්
වැනි වියටයි.
එදින සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස හයිදර් පැවසූ අනාවැකිය පසුව සියයට
දෙසියයක් නිවැරැදි විය. ‘ඉදිරි කාලය්දී තමන්ගේ සිනමාපටයට ගී ගයන ලෙස ඉල්ලා
අධ්‍යක්ෂවරු ලතාගේ දෙපා මුල වැටී අයදිනවා’ ඒ අනාවැකියයි. 1949 තිරගත වූ ‘මහල්’
සිනමාපටයට මධුබාලාට ලතා ගැයූ ’අයේගේ ආනේ වාලා’ ගීයත් සමඟ ඒ අනාවැකිය සැබෑ විය.
ඛේම්චන්ද් ප්‍රසාද් ඇයට ඒ වරම ලබා දුන් සංගීත අධ්‍යක්ෂවරයායි. කිශෝර් කුමාර් ගී
ලොවට හඳුන්වා දුන්නේත් ඔහුමය.
1957 වසරේදී ලතා හා සචින් දේව් (එස්. ඩී.) බර්මන් අතර ද එවැනිම ගැටුමක් ඇති විය. මේ
ගැටුම කෙතරම් දුරදිග ගියා ද කිවහොත් ලතා, එස්. ඩී. සංගීත අධ්‍යක්ෂවරයාගේ තනුවලට
1962 වනතුරුම ගැයුවේ නැත.