If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Saturday, October 13, 2012

රාණිගේ වෙස් පෙරැළේ

රාණිගේ වෙස් පෙරැළේ

වාහන පිට වාහන තෑගි දුන්නත් රාණි මුඛර්ජිගේ සිත් ගැනීම නම් ආදිත්‍ය චොප්රාට පහසු දෙයක් නොවෙන පාටය. හැංගි හැංගි වෙස් බැන්දත් මෙතෙක් කල් ලොවම ආදිත්‍ය චොප්රා සහ රාණි ඉක්මනින්ම එක වහළක් යටට වනු ඇතැයි කියා සිතූහ. යාෂ් රාජ් චිත්‍රාගාරයේ වැඩි දෙනා ඇය අමතන්නේ ‘නංගි’ කියායි.
ඇය එම චිත්‍රාගාරය පරිශීලනය කරන්නේ තමන්ගේ බූදලයක් ලෙසය. චිත්‍රාගාරයේ සේවකයන් සමඟ ද රාණි ආරාවුල් ඇතිකර ගන්නීය.
රාණි මෙතරම් බලයක් පෙන්වන්නේ ආදිත්‍ය සමඟ හොර රහසේ විවාහ වී ඇති නිසාදෝ කියා සමහරු සිතන්නට පෙළැඹුණේ ඇයගේ බලපුළුවන්කාරකම් නිසයි.
රාණිගේ අලුත්ම සිනමාපටය ‘ආයියා’ ප්‍රවර්ධනය කිරීමට යාෂ් චිත්‍රාගාරය යොදා ගන්නා ලදී. මෑතකදී ඇය ආදිත්‍ය චොප්රා සමඟ විවාහ වන බවට ගෙතී තිබුණු සියලු කටකතා, වචනවලින් රාණි පුළුස්සා දැම්මේ මෙසේය. ‘මං වැදගත් පවුලක දියණියක්. පවුලේ ගෞරවය රැකෙන විවාහයක් කර ගන්නවා. විවාහයක් කර ගැනීමට සිතුණු විට එය සඟවන්නේ නැහැ. ලොවටම පවසනවා.’ රාණි දැන් පසු කරන්නේ ජීවිතයේ තිස් හතර වැනි සැතැපුම් කණුවයි. ඇය සිටින්නේ විවාහය පමා කළ යුතු වයසක නොවෙයි.
රාණිත්, ආදිත්‍යත් බොහෝ කලක් යනතුරු පැපරාසීන්ගෙන් සැඟ වී සිටියහ. එහෙත් මූම්බායි ගුවන් තොටුපලේදී දෙදෙනා කැමරාවට හසුකර ගන්නට සමත් වූ ඡායාරූප ශිල්පීහු ද සිටිති. ඔහු රාණිට රුපියල් කෝටි ගණනක් වටිනා මෝටර් රථයක් තෑගි දුන්නේ මෑතකදීයි.
ළමා වියේ සිට මිතුරියක වූ, පසුව ආදිත්‍යගේ ආදරණීය බිරිය වූ පායල් ද දික්කසාද කළේ මෑතකදීය. ඒ යාෂ්රාජ් පවුලේ බලවත් විරෝධය මැදයි.
රාණිත් ආදිත්‍යත් නිතරම සුපිරි ආපන ශාලාවල දකින්න ලැබුණු යුවළකි. එහෙත් දැන් ඇය ඔහු සමඟ විවාහ වීම ප්‍රතික්ෂේප කරන්නීය.
මේ දිනවල ෂාරුක් – කත්‍රිනා මුල්වරට එකට රඟන ‘ජබ් තක් හයි ජාන්’ සිනමාපටයේ සුන්දරත්වය වඩාත්ම විඳින්නේ ෂාරුක් ඛාන්ය.
ඔහු පවසන අන්දමට සිනමාපටය පුරාම ඇත්තේ ආදරණීය ගීතාවලියකි. මේ ගීත, ප්‍රවීණ ගීත රචක ගුල්සාර්ගේ පෑන් තුඩින් ලියැවුණු පද නොවෙයි. ඒ ආදීගේ (ආදිත්‍යගේ) හදවතින්ම රාණි වෙනුවෙන්ම ඉපදුණු කවි සංකල්පනාය.
ආදිත්‍ය චොප්රා සිය හැඟීම් සඟවා ගන්නට කැමැති අයකි. එහෙත් රාණි පිළිබඳ උතුරා යන හැඟීම් සිතෙහි සිරකර නොගෙන ඔහු පෑන් තුඩින් ගලා යාමට සලස්වා තිබේ.
එහෙත් රාණි මේ ලෙස පිටු පෑවොත් අදීගේ ප්‍රේමණීය වචන වෙනුවට, වචනවලට පෙරැළෙනු ඇත්තේ විරහාවේ කඳුළුය.
කොහොමටත් මේ දිනවල රාණිගේ හදෙහී රජු වී සිටින්නේ ‘ආයියා’ සිනමාපටයයි. ඇය එහි රඟන්නේ පිරිමින්ගේ විවිධ වූ ගන්ධයන්ට ඇලුම් කරන මරාති තරුණියකගේ චරිතයකි.
තමන් ශ්‍රී දේවි, මධුරි ඩික්සිත් හෝ ජූහි චව්ලා කියා සිතන ඇය මෙහි වෙනස්ම ආකාරයක රංගනයක යෙදෙන්නීය. රාණිගේ ‘ආයියා’ සිනමාපටය තිරගත වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 12 වැනි දිනයි.
එහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ඇයගේ බැස යන තාරකා ආලෝකය ගැන අනාවැකි පවසනු ඇත.
‘ආයියා’ තිරගත වන්නේ අභියෝග රැසක් සමඟය. කරීනා රැඟූ ‘හෙරොයින්’ (සැප්: 21), ප්‍රීති සින්තා කලකට පසු රඟන ‘ඉෂ්ක් ඉන් පැරිස්’ (ඔක්: 05), ශ්‍රී දේවි විවාහයට පසු රඟන පළමු සිනමාපටය ‘වින්ග්ලිෂ් ඉන්ග්ලිෂ්’ (ඔක්: 05), ඒ වන විට සුළු සුළු කාල පරතර ඇතිව තිරගත වී අවසන්ය.
මේ රැජනන් සිවු දෙනා අතර සුපිරි සටනක් සිදුවන බව නම් ඒකාන්තය. එයින් ජය ගන්නේ කවුරුන් වුවත්, ඒ නිසාත් රාණිගේ හද ගැස්ම වේගවත් වී ඇති බව නම් සිකුරුයි.
රාණිගේ වචනවලින්ම පැවැසුවොත් ඇය සිහින දකින්නියකි. ඇයගේ සිහින අතර අනාගත සැමියාට සාදා දෙන අංග සම්පූර්ණ මන්දිරය ද තිබේ. සිනමාවට සම්බන්ධ වී පහළොස් වැනි වසර සම්පූර්ණ කරන ඇය වෘත්තීය ජීවිතයේදී සේම සැබෑ ජීවිතයේදී ද දකින සිහින යථාර්ථයක් වේවා යන්න රසිකයන්ගේ පැතුමයි.
source- http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com