If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Saturday, October 13, 2012

බලනවා නම් චිත්‍රපට

අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.

MEN IN BLACK 3

‘මෙන් ඉන් බ්ලැක් 3’ මෙන් ඉන් බ්ලැක් චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයයි. විනෝදාත්මක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන මෙහි අධ්‍යක්ෂණය බැරී සෝනිෆීල්ඩ් විසිනි. ලෝවෙල් කනින්ග්හ්ම්ගේ ද මෙන් ඉන් බ්ලැක් හාස්‍යමය කෘති පෙළ ඇසුරින් මෙම චිත්‍රපට නිර්මාණය කර ඇත. විල් ස්මිත්, ටොම් ලී ජොන්ස්, ජෝෂ් බ්‍රෝලින් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.

FRANKENWEENIE

‘ප්‍රෑන්කන්විනි’ ත්‍රිමාණ කළු - සුදු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි. කුඩා ළමයකු වටා ගෙතුණ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ටිටි බර්ටන් විසිනි. චාර්ලි තාන්, ෆ‍්‍රෑන්ක් වේල්කර්, වියෝනා රේඩර් ඇතුළු පිරිසක් මේ සඳහා හඬ දායකත්වය ලබා දෙති.

HOTEL
TRANSYLVANIA

‘හොටෙල් ට්‍රැන්සිල්වේනියා’ ඩ්‍රැකියුලා පිළිබඳ කතා පුවතක් අඩංගු පරිගණක සජීවිකරණ විනෝදාත්මක චිත්‍රපටයකි. ජෙන්ඩි ටාර්ටාකොව්ස්කිගේ අධ්‍යක්ෂණයක් වන හොටෙල් ට්‍රැන්සිල්වේනියා හි ඇඩම් සැන්ඩ්ලර්, සෙලීනා හෝම්ස්, ඇන්ඩ් සම්බර්ග්, කෙවින් ජේමිස්, ෆ‍්‍රාන් ඩ්‍රෙස්චර්, මෝලි ඇනෝස් සහ ඩේවිඩ් ස්පෙඩ් හඬ දායකත්වය ලබා දෙති.

BARFI

අනුරාග් බාසුගේ අධ්‍යක්ෂණයක් වන ‘බාෆි’ විනෝදාත්මක හින්දි චිත්‍රපටයකි. ගොළු - බිහිරි පිරිමි තරුණයකු සහ තරුණියන් දෙදෙනකු වටා ගෙතුන අපූරු කතාවක් බාෆි හි ඇතුළත්වේ. රන්බීර් කපූර්, ප්‍රියන්කා චොප්රා සහ එලිනා ඩිකෲස් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. පසුගිය සැප්තැම්බර් 14 වැනිදා තිරගත වීම ආරම්භ කළ බාෆි 85 වැනි ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපට නාමාවලිය සඳහා නිර්දේශ වී ඇත.

OH MY GOOD

‘ඔහ් මයි ගෝඩ්’බොලිවුඩ් සිනමාවේ බිහිවුණ නවතම උපහාසාත්මක විකට චිත්‍රපටයකි. හින්දු ප්‍රතිමා අලෙවි සලක් පවත්වාගෙන යන වෙළෙන්දකු වටා මෙහි කතාව ගෙතී ඇත. උමේෂ් ෂුක්ලා අධ්‍යක්ෂණය කරන ඔහ් මයි ගෝඩ් හි ආක්ෂේ කුමාර්, පාරේෂ් රාවල්, ලුබ්නා සලීම්, මිථුන් චක්‍රබෝර්ති, පූනම් ජාවර්, මහේෂ් මන්ජේකර් ඇතුළු පිරිසක් රංගන දායකත්වය ලබා දෙති. තවද ප්‍රභූ දේවා සහ ශෝනක්ෂි සින්හා මෙහි විශේෂ ගීතමය ජවනිකාවක් සඳහා පෙනී සිටීති

TAKEN 2

‘ටේකන් 2’ සිත් කම්පා කරවන සිදුවීමක් රැගත් ක්‍රියාදාම චිත්‍රපටයකි. මේ දිනවල තිරගත වන ටේකන් 2 අධ්‍යක්ෂණය ඔලිවර් මෙගෑටෝන් විසිනි. ලියමි නීසන්, මැගේ ග්‍රේස්, ෆාමිකේ ජෙන්සන් ඇතුළු පිරිසක් මෙහි චරිත සඳහා පණ පොවති.
source- http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com