If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Monday, October 8, 2012

කරීනා සායිෆ් විවාහය උසාවියට

සායිෆීනා රාජධානිය ගොඩ නැගෙන්න ඇත්තේ තව දින කිහිපයක් පමණයි. ෂර්මිලා තාගෝර්, කරීනාගේ නැන්දණිය පවසන අන්දමට ඔක්තෝබර් 16 වැනි දිනට ඒ සුබ දිනය යෙදී තිබේ.
දෙදෙනා තෝරා ගෙන ඇත්තේ උසාවියේ ලියා පදිංචි කරන විවාහයකි. (සාම්ප්‍රදායික විවාහයක් නොවෙයි). සැප්තැම්බර් 12 වැනිදා බන්ද්‍රාහී විවාහ ලියා පදිංචි කිරීමේ කාර්යාලයට ගිය සායිෆ් විවාහ අයදුම්පත ගොනුකර තිබේ. ඉන් පසුව එළැඹෙන දින තිහේදී දෙදෙනා නීතියෙන් විවාහ විය යුතුමය.
කරීනා නම් පවසන්නේ දැනටමත් ඇය සායිෆ් සමඟ විවාහ වී අවසන් බවය. එහෙත් ඒ ඇයගේ සිතින්ය.
කරීනාගේ විවාහයෙන් පසු තිරගත වන පළමු සිනමාපටය වනු ඇත්තේ අමීර් ඛාන්ගේ ‘තලාෂ්’ය. එහි තරු නාම ලේඛනයේ කරීනා කපූර් ඛාන් ලෙස ඇයගේ නම සඳහන් වීමට බොහෝ දුරට ඉඩ ඇත.
විවාහය නිසා කරීනාගේ (බෙබෝගේ) ජීවිතයේ කිසිදු වෙනසක් සිදු නොවෙයි. ඇයගේ වාසගම, ආගම මේ කිසිවක් වෙනස් නොකිරීමට තරම් සායිෆ්ගේ ආදරය ප්‍රබලය. එහෙත් විවාහයෙන් පසු තම උපන් වාසගම ළඟට ඛාන් වාසගම එක්කර ගැනීමට කරීනා බලාපොරොත්තු වන්නීය.
ඇයගේ නම කරීනා කපූර් ඛාන් වන්නේ ඒ අනුවය. ත්‍රිත්ව ‘කේ’ (ට්‍රිබල් කේ) සිනමාවේදී ඇයගේ නම වඩාත් බබළවයි.
කපූර් වාසගම භාරත සිනමාවේ බලසම්පන්න කපූර් පරපුරෙන් ඇයට උරුම වූවකි. ඛාන් වාසගමත් සුළුකොට තැකිය නොහැක්කේ සායිෆ් යනු ෂර්මිලා තාගෝර් නම් ජනකාන්ත නිළියගේ එකම පුතු නිසාය.
එමෙන්ම ඛාන් පතාවුදි අල් නවුබ් නම් වංශවත් පෙළපත් උරුමය ද ඒ පරපුරට හිමිය.
කරීනා පවසන අන්දමට ඔවුන්ගේ විවාහය ඉන්දියානු රාජ්‍ය සභාවේ පවා වාද විවාද ඇති කරන මාතෘකාවකි. සායිෆ් කරීනාට වඩා දස වසරකින් වැඩිමල්ය. දෙදෙනා ආගම් දෙකකය.
වසරේ මහා මංගල්‍යයය ‘සායිෆීනා’ මංගල්‍යයයි. එනිසා දෙපාර්ශවයම කාර්යබහුලය. සායිෆ් සියලු සිනමා කටයුතු අතරේ එංගලන්තයට ගියේ මංගල ඇඳුම මිල දී ගැනීමටයි.
කරීනා සිය තිස් දෙවැනි උපන් දිනය සැමරුවේ සැප්තැම්බර් 21 වැනි දිනය. උපන් දින තිළිණයක් ලෙස එදින ඇය ඉතා කැමැත්තෙන් රඟපෑ, බලාපොරොත්තු අහස උසට නැංවූ ‘හෙරොයින්’ සිනමාපටය ද එදිනම තිරගත විය.
එහෙත් කරීනාගේ ‘හෙරොයින්’ ඇයගේ ඥාති සොයුරා රන්බීර් කපූර් රඟපෑ ‘බර්ෆි’ තරමට ආදරයෙන් ප්‍රේක්ෂකයන් පිළිගෙන නැත.
රන්බීර් ගොළු, බිහිරි චරිතයක් නිරූපණය කරන ‘බර්ෆි’ 2013 ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදෙස් සිනමාපටය යන අංශය සඳහා ද තරග වදින්නට නියමිතය.
‘හෙරොයින්’ යාන්තමට වියදම් වූ මුදල පියවා ගනිද්දී ‘බර්ෆි’ පිනුම් ගහන සාර්ථකත්වයක් ලබා ඇත.
කරීනා ‘හෙරොයින්’ මාධ්‍ය සාකච්ඡාවලදී විවාහය ගැන මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන්නීය.
සිනමාපටය ගැන පමණක් අසන්න යැයි පවසන ඇය විවාහය ගැන පිළිතුරු දීම පවරා ඇත්තේ මව, බබීතාටය. බබීතා ද හැත්තෑව දශකයේ ජනප්‍රිය තාරකාවකි.
සියලු කටයුතු මැද කරීනාගේ උපන් දිනය එංගලන්තයේ, දෙදෙනාගේම සුපුරුදු ආදරණීය හෝටලයකදී සැමරීමට සායිෆ් අමතක නොකළේය.
කරීනා, තමන් හා සායිෆ් අතර පමණක් පැවැතිය යුතු අතිශයින්ම රහස්‍ය කරුණු පවා නොබියව ප්‍රකාශ කරන්නීය.
ඇය පවසන්නේ දෙදෙනා පස් වසරක සිට එක වහලක් යට දිවි ගෙවන බවයි. නීතියෙන් විවාහ වීමෙන් පසු එළැඹෙන උඳුවප් මාසයේදී නව යුවළ ගත කිරීමට බලාපොරොත්තු වන්නේ 250 වැනි මධුසමය බව ද ඇය පවසා ඇත්තේ කවුරුත් පුදුමයට පත් කරමිනි.
කෙසේ වුවත් සාම්ප්‍රදායට අභියෝග නොකර උසාවි විවාහයෙන් පසු මූම්බායිහී, ටාජ් හෝටලයේ, මුස්ලිම් චාරිත්‍රයට අනුව විවාහ උත්සවයක් ද පැවැත්වෙනු ඇත. ඉන්පසු බෝපාල්හී මහ ගෙදරට දෙදෙනා පිටත්ව යාමට බලාපොරොත්තුවෙන් සිටිති.
source- http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com