If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Sunday, October 7, 2012

රෝමියෝ සහ දාන්තේ

රෝමියෝ සහ දාන්තේ සෙනසුරාදා ස්වාධීන රූපවාහිනියේ

බෙනට් රත්නායකගේ අධ්‍යක්‍ෂණයක්
ජාත්‍යන්තර සහ මෙරට සම්මානයන්ට පාත්‍ර වූ බෙනට් රත්නායක ගේ නවතම ටෙලි නාට්‍ය මාලාව ‘රෝමියෝ සහ දාන්තේ’ ඔක්තෝබර් 13 වැනි සෙනසුරාදා සිට රාත්‍රී 8.00 ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරේ.
සාර්ථක ව්‍යාපාරිකයකු තම ජීවිතයේ දී විවිධ ගැටලු වලට මුහුණ දෙන අයුරුත්, හදිසියේ සැමියාගේ මරණයෙන් සහ තිබූ සැප සම්පත් නැතිවී යාමෙන් කම්පනයට පත් ගැහැනියක්, තම පියාගේ වියෝවෙන් සහ මවගේ හිතුවක්කාර ක්‍රියාවන් නිසා ජීවිතයේ නොයෙකුත් හැල හැප්පීම්වලට මුහුණ දී ස්වාධීන ජීවිතයක් ගත කිරීමට තැත් කරන තරුණියක්, පවතින සමාජ අසාධාරණයටත්, අයුක්තියටත්, අවනීතියටත්, එරෙහිව නැගී සිටින විශ්ව විද්‍යාල තරුණයෙක් සහ බිරිඳ තමා අතහැර දැමීම නිසා කම්පනයට පත් අයකු වටා ‘රෝමියෝ සහ දාන්තේ’ කතාව ගෙතී ඇත.
පාලිත සිල්වා, කාංචනා මෙන්ඩිස්, ජනක කුඹුකගේ, ඕෂනී ලියනගේ, උදාර රත්නායක, කංචන කොඩිතුවක්කු, බුද්ධික දමයන්ත, බෙනට් රත්නායක, මධු නිත්‍යානි, ගිවන්ත අර්ථසාද්, එස්. විශ්වනාදන්, නිලූකා රාජමන්ත්‍රී, අනුරුද්ධ ගාම්භීරආරච්චි, ගාමිණී ජයලත්, තරංග ජීවන්ත, ශ්‍රීමතී ජයවීර, දයාසිරි හෙට්ටිආරච්චි, සුරේෂ් ඉලංගෝ, රාජ් මෙන්ඩිස්, අයේෂා දිසානායක සහ දයා වයමන් මෙහි රංගනයෙන් දායක වෙති.
ගරු රඟපෑම් ක්ලීටස් මෙන්ඩිස් සහ වසන්ත මොරගොඩ විසිනි.
නිෂ්පාදනය සමන්මලී හේවාමාන්න, කැමරාකරණය චන්දන ධර්මපි‍්‍රය, විධායක නිෂ්පාදනය භාග්‍යා රත්නායක, කලා අධක්‍ෂණය රුවන් ආර්. අමරසූරිය, ප්‍රදීප් ජයසිංහ සහ එම්. ඒ. ඉන්දික නිරෝෂන්, අංග රචනය ප්‍රියන්ත ඊශ්වර, සංස්කරණය විශ්වරංග වික්‍රම සුරේන්ද්‍ර සහ සහාය අධ්‍යක්‍ෂණය ප්‍රසන්න ඉත්තෑපාන විසිනි.
source- http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com