මේ දෙන්නත් DIVORCE

දික්කසාදයේ පිහිට පතන නවතම යුවළ වී සිටින්නේ කොන්කොනා සෙන් ෂර්මා සහ රන්වීර් ෂෝෙර්ය. 2010 දී විවාහ වූ දෙදෙනාට පුතකු ද සිටිති. තිස් දෙහැවිරිදි කොන්කොනා සුප්රකට නිළි, අධ්යක්ෂිකා අපර්ණා සෙන්ගේ දියණියයි. ඇය හොඳම නිළිය ලෙස ජාතික සම්මානයෙන් පවා පිදුම් ලැබූ නිළියකි.
හතළිස් හැවිරිදි නළු රන්වීර් ෂෝරේ මුලින්ම පෙම් කළේ පූජා භාත්ටය. පසුව කොන්කොනා ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූවේය. කවුරුත් සිතුවේ රන්වීර් - කොන්කොනා විවාහය කිරට පැණි එක් වූවාක් වැනි අපූරු එකතුවක් වේවායි කියායි. එහෙත් විවාහ වූ දිනයේ පටන්ම දෙදෙනාගේ නොගැළපීම්, ගැළපීම්වලට වඩා බලවත් වී ඇතිවා වාගෙයි.
විරසක වීම ගැන රසිකයන් අතර කසු කුසුවක් පැතිර ගියේ මේ වසරේ මැයි මාසයේ සිටයි. සිනමාපටයක් නැරැඹීමට වෙන වෙනම පැමිණි දෙදෙනා අසුන්ගෙන ඇත්තේ ද වෙන වෙනමය.
රන්වීර්ගෙන් මේ ගැන විමසූ විට ඔහු පවසා ඇත්තේ දෙදෙනා බද්ධ වුණු නිවුන්නු නොවන බවයි. වෙන්වීම ගැන ප්රසිද්ධියේ කොන්කොනා වචනයක්වත් නොපැවසුවත් ඇය මිතුරියන් සමඟ පවසා ඇත්තේ ඔහුගෙන් දික්කසාද වන බවයි. දැන් ඇය දික්කසාද වීමට නඩු පවරා අවසන්ය.
රන්වීර් සමඟ ජීවත්වීම පහසු නැති බව බොහෝ දෙනාගේ අදහසයි.
source- http://www.sarasaviya.lk
No comments:
Post a Comment