If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Thursday, September 20, 2012

නලීන් අමරදේවයන් සමඟ


දිගු කලක් නිහඬව සිටි මේරියන්ස් නායක නලින් පෙරේරා අලුත් වැඩකට අත ගසා තිබෙනවා. ඒ ‘ෆයිව් පොයින්ට් වන්’ තාක්ෂණයෙන් යුතු අංග සම්පූර්ණ ශබ්දාගාරයක් නිර්මාණය කිරීමයි.
ලෝකයේ ඇති අති නවීන පටිගත කිරීමේ තාක්ෂණයෙන් යුතු මෙම ශබ්දාගාරය පසුගිය අට වැනිදා විවෘත වූයේ පණ්ඩිත් ආචාර්ය ඩබ්. ඩී. අමරදේවයන්ගේ මධුර ස්වරයෙන් ගැයුන සරස්වතී අභිනන්දන ගීතයට හඬ මුසු කරමින්.
‘මේ අවස්ථාවට ජාතියේ සම්පතක් වූ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන් අසූ හතර වියේ පසු වෙද්දීත් ජවසම්පන්න තරුණයකු ලෙස හඬ මුසුකිරීම පරම්පරා දෙකක සම්බන්ධය ගොඩ නැඟීමක්. එය ඓතිහාසික අවස්ථාවක්.
මේරියන්ස් සංගීත කණ්ඩායම හැටියට මේ අවස්ථාවට එතුමන් සහභාගිවීමම අපට ආශිර්වාදයක්’ යනුවෙන් නලින් පෙරේරා හැඟුම්බරව මේ අවස්ථාව ගැන පවසයි.මෙම ශබ්දාගාරයේ සියලුම සංගීත කටයුතු හා පටිගත කිරීම් සිදු කරන්නේ සංගීතවේදී රංග දසනායකගේ සුරතින්.

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com