If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Friday, September 21, 2012

එදා හරිම කාර්යබහුල දවසක්

එදා හරිම කාර්යබහුල දවසක්

ලකී ඩයස්, රිදී තිරයේ වගේම පුංචි තිරයේත් බැබළෙන ප්‍රවීණ රංගන තරුවක්. ඔහු පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා රංග පීඨයේ පැවැති තිස් හය වැනි සිග්නීස් උත්තමාචාර උළෙලේදී නිර්මාණශීලී සහාය නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.
ඒ උදයකාන්ත වර්ණසූරියගේ ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. නමුත් කුමක් හෝ හේතුවක් මත ඔහුට එම සම්මානය ලබා ගැනීමේ අවස්ථාව මඟ හැරී ගියා. ඔහු ඒ පිළිබඳව සරසවිය සමඟ අදහස් දැක්වූයේ මේ අයුරින්.
සිග්නීස් උත්තමාචාර උළෙල සඳහා මගේ නම නිර්දේශ වුණා කියල දැනගන්නට ලැබුණා. ඒ සඳහා මට ආරාධනා ලැබුණත් එදා මම හරිම කාර්යබහුල වෙලා හිටියේ. ඒ සමඟ සම්මාන රාත්‍රිය මට සම්පූර්ණයෙන් අමතක වෙලා තිබුණේ. රාත්‍රී දහය පමණ වන විට මගේ ජංගම දුරකථනයට එක දිගට සුබපැතුම් එන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තමයි දැනගන්නට ලැබුණේ චැලෙන්ජර්ස් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මට සම්මානයක් ලැබිල කියලා. ඒ ගැන හරිම සතුටුයි.
ඒත් ලොකු කනගාටුවක් තියෙනවා. මට ඒ අවස්ථාවට සහභාගි වෙන්න නොලැබීම ගැන.ඒ වගේම එදා එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරු හිමිපාණන් සහ ගරු බෙනඩික් ජෝශප් පියතුමාගෙන් මම සමාව අයැද සිටිනවා. අගරදගුරුතුමා මට හිමි සම්මානය අතැතිව මා පැමිණෙන තෙක් වේදිකාව මත බලා සිටීම වෙනුවෙන් නැවතත් සමාව ඉල්ලා සිටිනවා.
මීට පෙර මා සම්මානයට පාත්‍ර වූ හැම සම්මාන උළෙලකටම මට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. එවැනි අවස්ථාවක් මඟ හැරුණු පළමු අවස්ථාව මෙයයි. නමුත් මා මෙම චිත්‍රපටයට තෝරා ගෙන මගේ රංගනය අධ්‍යක්ෂණය කළ උදයකාන්ත අතින් එම සම්මානය ලබා ගැනීම මට සතුටක්. උදයකාන්තයි මමයි අවුරුදු ගණනාවක පටන් හොඳ මිතුරන් වුණත් මා ඔහුගේ චිත්‍රපටයකට සම්බන්ධ වූ පළමු අවස්ථාව මෙයයි. එයට ලස්සන අතීතයක් තියෙනවා. අපි දෙන්නම කාලයක් තිස්සේ එකම ක්ෂේත්‍රයේ හිටියත්, එකට වැඩ කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. සමහර වෙලාවට මම උදයට විහිළු කරනවා ඔහුගේ චිත්‍රපටවලට මාව ගන්නේ නැහැ කියලා.
ඒ වෙලාවට ඔහු කියන්නේ ‘ලකී ඔයාට හරියන වැඩක් සෙට් වුණේ නැහැ’ කියලා. කොහොම හරි උදයගේ 16 වැනි චිත්‍රපටය වන චැලෙන්ජර්ස් චිත්‍රපටයට තමයි මට දායක වෙන්න අවස්ථාව ලැබුණේ. ඊට කලින් උදයගේ බිරිඳ මට දුරකථනයෙන් ඇමතුමක් දීලා කිව්වා ‘උදය චිත්‍රපටයක් ලියනවා ඔයා ඔළුවේ තියාගෙන’ කියලා. පස්සේ උදයත් කතා කරල කිව්වා ‘මගේ ඊළඟ ෆිල්ම් එකේ ඔයාට හොඳ චරිතයක් තියෙනවා’ කියලා. එහි පිටපත බැලුවම මටත් හරිම ආස හිතුණා.
ඒක ආදර්ශමත් පියෙකුගේ චරිතයක්. චිත්‍රපටය නැරඹූ හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. හැමෝම කිව්වේ බලදේව නම් ආදර්ශමත් සොහොයුරාගෙන් පසුව ආදර්ශවත් පිියෙක් ලෙස ඒ චරිතය නිරූපණය විශිෂ්ටයි කියලා. ඇත්තටම උදයකාන්ත සමඟ එකට වැඩ කරන්න ලැබීම ගැන සතුටුයි. ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූ ‘සෙනසුරු මාරුව‘ චිත්‍රපටයේ මා ලද චරිතය මීට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. මං හිතනවා එම චරිතයටත් මා සාධාරණයක් ඉටු කළා කියලා. ‘සෙනසුරු මාරුව’ චිත්‍රපටයත් හොඳ වාර්තාගත එකක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා
source-http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com