If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Saturday, September 22, 2012

රන්ජන් නාට්ටාමි කෙනකු වී පිටකොටුවේ

රන්ජන්, බුද්ධික, අර්ජුන් ප්‍රථමවරට එකම චිත්‍රපටයක
වෙලාව සවස පහට විතර ඇති. මං හිටියේ කොළඹ බංගසාල වීදියේ. කවුදෝ මනුස්සයෙක් කලබලයෙන් ඇවිත් වුවමනාවෙන්ම මගේ ඇඟේ හැපුණා.
කොහෙ යනවද මන්ද?
හිතට නැඟුණු ආවේගය වචනවලට පෙරළුණා.එය නෑසු ඔහු හරිම කලබලයෙන් ඉදිරියට ඇදුණා.
 ඔහුගේ පිටේ ගෝනියක්.
නාට්ටාමි කෙනෙක් ද කොහෙද?
ඔවුන්ගේ ක්‍රියා කලාපයන් දත් මගේ කේන්තිය නිවුණා. ඒත් පුංචි සැකයක්. සාමාන්‍ය නාට්ටාමිකෙනෙකුගේ වගේ ඔහුගේ සම දුර්වර්ණව තිබුණේ නැහැ. ඔහු සුදුයි, උසයි.
ඒ ගැන සිතීම අනවශ්‍ය දෙයක්. එහෙම හිතලා මං මගේ ගමන යන්න පිටත් වුණා.
මෙන්න මාවත් පෙරළාගෙන ගිය පුද්ගලයා සිමෙන්ති බැම්මක් මත වාඩි වෙලා ගිමන් හරිනවා.
හත්දෙයියනේ . . .! මේ රන්ජන් රාමනායක නේද? උඩු රැවුල වවලා ටිකක් මුහුණ කළු වෙලා. ඒ හින්දා බොහෝ දෙනෙකුට ඔහුව හඳුනා ගන්න අමාරුයි.
එතකොට මාව වැරෙන් තල්ලු කරගෙන ගියේ රන්ජන් ද? ඔහු මොකද නාට්ටාමි කෙනෙකු වගේ වෙස් වලාගෙන ඉන්නේ. යසට හිටපු රන්ජන්ට මොකද වුණේ?
ගත වූයේ මිනිත්තු කිහිපයයි. දස දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් රන්ජන්ව වටකර ගත්තා. අඬ ගසාගෙන ගොස් නැංගුවා සුදු වෑන් රථයකට.
මං පාරේ තිබූ ත්‍රීරෝද රථයකට කතා කළා.
මහත්තයා කොහෙට යන්නද?
යමු අර සුදු වෑන් එක පස්සේ.
බොහොම සීරුවෙන් රිය පදවා වෑන් රථය ලුහුබැඳීමට ත්‍රී රෝද රථ රියදුරාට පුළුවන් වුණා.
වෑන් රථය බොරැල්ල හරහා බත්තරමුල්ලටත් එතැනින් තලවතුගොඩ හන්දියටත් පිවිස ඒ හන්දියෙන් හෝකන්දර පාරට දමා හෝකන්දර හන්දියේ ඇති තරමක් විශාල ඉඩකඩක් ඇති ගරාජයක් ගාව නතර කළා.
හරි ඔයා යන්න.
නියමිත මුදල දී තුති පුදා මං ත්‍රීරෝද රථය පිටත් කොට හැරියා. වෑන් රථයෙන් රන්ජන් බැහැලා ගරාජයේ ගේට්ටුව අසලට ආවා. එතකොටම එතැනට පැමිණියේ අර්ජුන කමලනාත්. ඔහු බෝතල් අඩි තරමේ කණ්නාඩි කුට්ටමක් පළඳලා.
මං ඔවුන් දෙදෙනා වඩාත් හොඳින් පෙනෙන තැනක ඇති ලයිට් කනුවකට මුවා වුණා. දෙන්නා කතා කරන දේවල් මට හොඳට ඇහෙනවා.
අයියේ මං ගමේ ඉඳලා කොළඹට ආවෙ රස්සාවක් හොයාගෙන. මට ඉන්න තැනක් හොයලා දෙනවද?
යටහත් පහත්ව අර්ජුන රන්ජන්ට කිව්වා.
එතකොටම හිමාලි සිරිවර්ධන එතැනින් ගරාජයේ පැත්තක තිබූ කුඩා නිවසක් බඳු තැනකට දොර විවර කොට ඇතුළු වුණා.
අර්ජන හිමාලි දෙස බලා සිටියේ බොහොම ආදරයෙන්. රන්ජන්ට එය නොරිස්සුම් කරුණක් බව ඔහුගේ මුහුණ දුටු මට පෙනුණා.
දෙදෙනාගේ සුහදශිලීභාවයට වැඩි ආයුෂ නැහැ. ඔවුන් හිමාලි ගැන පවසමින් බහින් බස් වුණා. වාදය උත්සන්න වූ තැන රන්ජන් සිය ගෝනියෙන් පොල් ගෙඩියක් ගත්තේ අර්ජුනට ගහන්න. බියපත් වූ අර්ජුන ගරාජය පැත්තට දුවන්න පටන් ගත්තා.
රන්ජනුත් යකෙක් වගේ පොල් ගෙඩියකුත් අරගෙන අර්ජුනගේ පස්සේ එළවනවා. බැරිම තැන අර්ජුන හිමාලි ගිය නිවසෙහි දොර අසල නැවතුණා.
අනේ ගහන්න එපා, ගහන්න එපා.
අර්ජුනගේ කෑ ගැසීම රන්ජන් තඹයකටවත් මායිම් නොකොට පොල් ගෙඩියෙන් දමා ගැසුවා. එසැනින් නිවසෙහි දොර විවර වූයේ අර්ජුනගේ කෑ ගැසීමට. ඉන් එළියට ආවේ ආරියසේන ගමගේ. අහෝ සිදු වූ විපතක මහත!
පොල් ගෙඩිය වැදුණේ අරියසේනට. ඔහු හතර ගාතය දමා බිම ඇද වැටුණා.
අනේ, අනේ, මොකද මේ වුණේ?
දෑතම ගස්ස ගස්ස නිවසෙන් පිටතට දුව ආවේ හිමාලි. අර්ජුනගේ පයේ පැටලී හිමාලි දඩස් ගා ආරියසේනගේ ඇඟ උඩ වැටුණා.
දැන් එතන හරිම ජංජාලයක්. මගේ දෙපා ඒ පැතතට ඉබේටම එසවුණා.
මේ මේ මොකද ඔයාලට මේ වෙලා තියන්නේ?
වෙලා තියන එක මං කියන්නම්.
මගේ පිටුපසින් ඇසුණේ සැර පුරුෂ හඬක්. ඔහු පිස්තෝලයක් වැනි යමක් මගේ පිටට තිබ්බා. දඟලන්න එපා. අපි දැන් රජ හොරු කණ්ඩායමේ ඉන්නේ.
මට දෙලෝ රත් වුණා.
අපේ වෙලාව හොඳයි. මෙන්න සරසවියෙනුත් ඇවිල්ලා. සුපුරුදු කටහඬක් නිසා මං ටිකක් කූල් වුණා.
මගේ ඉදිරියට ආවේ යොවුන් අධ්‍යක්ෂ සුරංග ද අල්විස්. ඔහු ප්‍රවීණ සංගීතඥ සරත් ද අල්විස්ගේ පුතා. මේක තමා මගේ පළමුවන චිත්‍රපටය රජ හොරු.
බය වුණා නේද?
මට තර්ජනය කළ බුද්ධික ජයරත්න සිනහවෙමින් ඇසුවා.
සිදුවුණු දේවලට මටත් හිනා. රන්ජන් නාට්ටාමි වෙලා තියෙන්නේ රජ හොරු නිසා. අර්ජුනත්, බුද්ධිකත් එහෙමයි. මේ තුන්දෙනා පළමුවරට එකට රිදී තිරයෙන් හමු වන්නේ රජ හොරු හින්දාලු. රජ හොරු හි සෙසු පිරිස.
සඳුන් විජේසිරි, රොනී ලීච්, අර්ඩ්ලි වෙදමුණි, ඩී. බී. ගංගොඩතැන්න, පවිත්‍රා වික්‍රමසිංහ, ජීවාන්ද අල්විස්, නිශානි ගමගේ, ප්‍රමිලා සුරංජි.
නිෂ්පාදනය ඉවෝක් ෆිල්ම්ස් වෙනුවෙන් ප්‍රසාද් රොද්‍රිගෝ, ලහිරු වික්‍රමසිංහ
කැමරාව - සජිත් ඉලේපෙරුම. සටන් අධ්‍යක්ෂණය - සමන්ත මායාදුන්න, අංග රචනය – චාමර නිරෝෂන්, බුද්ධික වීරසිංහ, ඇඳුම් නිර්මාණය - සුරේන්ද්‍ර ප්‍රතාප්, සරච්චන්ද්‍ර ජයවීර, කලා අධ්‍යක්ෂණය - සමන් පද්මකුමාර, නිෂ්පාදන කළමනාකරු- සුරේඛ ප්‍රසාද්, තිර රචනය – නිශාන්ත වීරසිංහ, සහාය අධ්‍යක්ෂණය – ප්‍රසාද් අමරසේකර, නිරෝෂනී දිසානායක, නිෂ්පාදන සහාය – රෝලන්ද සිල්වා.
source- http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com