මේ තුන්පැය පුරා වැඩිම වාර ගණනක් විකාශය වූ ගීත කිහිපයකි. ඉන් පළමුතැනට පත්වූයේ ‘ඔබ තරම් පෙම් කළ කිසිවෙක්’ ගීතයයි.

තීක්ෂණ හමුවන්නේ කලකට පසුය. ඔහු දැන් වෙනස්ය. වෙනදාට වඩා වගකීම් වැඩිය. නමුදු ඔහුගේ එදා තිබූ නිහතමානී බව කාලයාගේ ඇවෑමෙන් මැකී ගොස් නැත.
පළමුවෙන්ම ඇරඹිය යුත්තේ මීට පෙර දිනක සාකච්ඡාවක අවසානයෙනි. ‘මං ළඟදීම අලුත් ගීත කිහිපයක් කරනවා’ ඔහු අපේ ලිපියක් අවසන් කළේ එපරිදිය.
*තීක්ෂණ ඉතිං අපි එතැනින් අරඹමු.
එදා කිව්ව වගේම අලුතෙන් ගීත කිහිපයක් නිම කළා . ඒ අතරින් ඔබ තරම් ගීතය මගේ රසිකයන් ඉතාමත් ආදරයෙන් වැලඳ ගත්තා. එය මට සතුටක්. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ පූර්ණකාලීනව යොමු වුණේ සංගීතයට. ඇත්තටම කියන්න සතුටුයි එදා මගේ තිබුණු හීනය අද වන විට හැබෑ වෙලා තිබෙනවා.
* තීක්ෂණ එදා හීන දැක්කෙ ගායකයෙක් වෙන්න. මං හිතන්නේ ඒ ගමන ඊටත් වඩා දුර ගිහිං. අද ඔබ සංගීත අධ්යක්ෂවරයෙක්.
ඔව් . . . ඒ ගැන මට තියෙන්නේ තවමත් පුදුමයක්. ඒ අවස්ථාව මට හිමිකර දුන්නේ ස්වර්ණවාහිනී ආයතනයේ බුද්ධික කුලසේකර මහත්මයා. ඔහු මගේ සංගීතය මීට පෙර අසා තිබුණේ නැහැ. නමුත් ඔහු මා කෙරේ විශ්වාසයෙන් ටෙලි නාට්‍යයක සංගීත අධ්යක්ෂණයට මට ආරාධනා කළා. ඇත්තටම ඒ වෙලාවේ ඒක මට දැනුණේ අභියෝගයක් විදියට. හැමදාමත් අභියෝග බාර ගන්න කැමති මං සංගීත අධ්යක්ෂණ කටයුත්ත ඉතාමත් ආදරයෙන් බාර ගත්තා. ආදරියේ වගේම ඉටිමල් ටෙලි නාට්‍ය සඳහා සංගීත කටයුතුවලට දායක වුණේ ඒ අයුරින්.
* ටෙලි නාට්‍ය ගැන කතා කරද්දී සේපාලිකා ගීතයට ලැබෙන ඉහළ ප්‍රතිචාර ගැන කතා නොකරම බැහැ.
ඔව් . . . සේපාලිකා කියන්නේ ස්ලෝ ගිතයක්. අද ලංකාවේ ප්‍රසංග වේදිකාව වටා රොක්වන රසික රසිකාවන් බොහෝ වෙලාවට ඉල්ලන්නේ වේග රිද්ම ගීත. නමුත් මම වේදිකාවට ගොඩ වූ වහාම අද බොහෝ දෙනෙක් ඉල්ලන්නේ සේපාලිකා ගීතය. ඒ ගැන මටම පුදුමයි.

ඇත්තටම ඔව් . . . මම හැමදාමත් වෙනස් හොඳ අර්ථවත් යමක් කරන්නට උත්සාහ දරන කෙනෙක්. මේ ක්ෂේත්රයේ මගේ ගමන බාධක කම්කටුලු මැද මං යම්තාක් දුරට ඇවිත් තියෙනවා. මේ කර්මාන්තය ගැන අසුබවාදීව දකින කෙනෙක් නෙවෙයි මං.
* අද බොහෝ ගායකයෝ, සංගීතඥයෝ ගීත හදන්නේ රින්ගින් ටෝන් මාර්කට් එකට. ඔබ ගීත හදන්නේ ඔබේ තෘප්තිමත් බව මත ද, මාර්කට් එකේ ඉල්ලුම මත ද?
පළමුවෙන්ම මම ගයන හෝ මම හදන ගීතයෙන් මා තෘප්තිමත් විය යුතුයි. මා හිතන්නේ මාර්කට් එක කියන්නේ ශ්‍රාවකයාගේ කැමැත්ත. මා නව ගීතයක් නිර්මාණය කරද්දී වගේම තෝරා ගනිද්දී මුලින්ම එය මගේ හදවතට දැනෙන නිර්මාණයක් විය යුතුයි. ඒ වගේම ඒ මට දැනෙන දේ මගේ ආදරණීය ශ්‍රාවකයාටත් දැනෙන අලංකාර අර්ථවත් දෙයක් විය යුතුමයි.
* තීක්ෂණ අද වෙද්දී ගුවන් විදුලියේ, රූපවාහිනියේ විතරක් නෙවෙයි ජංගම දුරකථනයේ පවා ඇසෙන්නේ ප්‍රේම ගීත. ප්‍රේම ගීතවලට අපේ නව පරපුර කොටු වෙලාද?
ඒක මෙහෙමයි. අද වන විට මිනිස්සු සින්දු අහන්නේ ජීවිතේට විවේකයක් ගන්න. මේ විවේකය අතරේ හැමෝම සොයන්නේ විඳින්නට හැකි ගීත. ප්‍රේමය කියන්නේ හැමෝටම පොදු මාතෘකාවක්. ඒ නිසා රසිකයන් නිරතුරුවම ඉල්ලන්නේ ප්‍රේම ගීත. මේ හේතූන් නිසාම අද බහුතරයක් ප්‍රේම ගීත තැනෙනවා.
* ළඟදී දිනයක අපූරු ආකාරයේ ගීතයක් ඔබට ලැබුණා කියලා ආරංචියි?
හිත අනන්තයට දුර රැගෙන ගිහින් නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත් මුදු සිහිල් පවන් නුඹෙ සුවඳ ගෙනත් නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන් සේපාලිකා . . . සඳ මණ්ඩලේ සඳ කැන් මැදින් නුඹ හැංගුණා මතකයි සැරයක් මුතුවැල් වගේ දිය රැල් දිගේ නුඹ දුර ගියා තව එක දවසක් සේපාලිකා . . . නිල් අම්බරේ හැඩ හංගමින් නුඹ හිනැහුණා මතකයි තවමත් හද මන්දිරේ දොරගුල් හරිමින් මං පෙම් කළේ නුඹටයි කවදත් සේපාලිකා . . . පද – බුද්ධික කුලසේකර සංගීතය – තීක්ෂණ අනුරාධ |
එතුමා පසලේ සංගීත ගුරුවරයා කැඳවලා මේ පද පෙළ ගීතයක් බවට පත්කරලා. ඉන් අනතුරුවයි මට මේ තනුව සහ පද ටික ලැබුණේ. මමත් කියවල බැලුවම හරිම ආදරණීය ගීතයක්. ඒ ගීතයේ පාසල් කාලයේ ප්‍රේමය අව්‍යාජවම ගැබ් වෙලා තිබෙනවා. ඒ නිසාම ගීතය ගයන්න මං සතුටින් ඉදිරිපත් වුණා. ළඟදී ඒ ගීතයත් මගේ රසිකයන්ට තිළිණ කරන්නට සූදානම්.
* කොහොමද ඉදිරිය?
ඔබ තරම් දෙවැනි කොටස එහෙමත් නැත්නම් පාර්ට් ටූ මේ දිනවල නිම කරලයි තියෙන්නේ. ළඟදීම ඒ ගීතය මාධ්‍ය වෙත නිදහස් කරන්නට මඟ බලාගෙනයි ඉන්නේ.
* දෙවැනි කොටසකට යන්න හිතුවේ ඇයි?
නෑ එහෙම හිතල කළ දෙයක් නෙවෙයි. අපි ගීතයක් නිර්මාණය කළා. මට දැනෙන්නේ ඒ ගීතය ඔබ තරම් ගීතයට සමීපයි කියල. ඒ නිසා ඒ ගීතය ඔබ තරම් පාර්ට් ටූ කියල හැඳින් වූවා.
* තීක්ෂණ ව්‍යාපාර පැත්තට යොමු වෙලා කියලත් ආරංචියි?
ඔව්, ව්‍යාපාර කීපයකට යොමුවෙලා ඉන්නවා. ඒ සියල්ලම කලාවට නෑකම් කියන ඒවා.
* කොහොමද පවුල් ජීවිතේ?
ඉතාමත් හොඳින් සරලව සමාකාමීව විනෝදයෙන් ගෙවිලා යනවා.
* ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න හිතක් නැද්ද?
මගේ ආයතනය තමයි ඔක්ටේවි ඉන්ටර් නැෂනල්. ඒ ආයතනය මඟින් විවිධ දේ සංවිධානය කරනවා. මගේ ආයතනයෙන් පළමුවෙන්ම මගේ ප්‍රසංගයක් කරන්නයි හිතාගෙන ඉන්නේ.
හරි තීක්ෂණ අපි එදාට ආයේ මුණ ගැහෙමු. අවසානයේ ලිපිනය කියමු.
14, ශ්‍රී බුද්ධසිංහ මාවත
කළුවැල්ල,
ගාල්ල.
source-http://www.sarasaviya.lk
No comments:
Post a Comment