If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Wednesday, September 19, 2012

ඇපල් අයි ස්ටෝර් ගැන කියන්න ගොස් නිව්ස් ෆස්ට් ඇන ගනී

පසුගියදා නිව්ස් ෆස්ට් වෙතින් වෙබ් 2.0 සංස්කරණය ලෙසින් ඔවුන්ගේ ප්‍රවෘති නැරඹීමේ පහසුකම සහිතව ඇපල් සහ ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය යටතේ ක්‍රියාත්මක වන උපාංග සඳහා ඇප්ලිකේෂන් එකක් හදුන්වා දෙනු ලැබුවා.

මෙය හදුන්වා දීමද ඔවුන් ප්‍රවෘත්ති විකාශය ඔස්සේ දිගින් දිගටම විකාශය කල අතර පසුගියදා ඔවුන් අපුරු පුවතක් "බ්‍රේකින් නිව්ස්" ලෙස වාර්තා කළා.

එම පුවත ඔවුන් වාර්තා කලේ මෙසේය.

"මෙන්න විශේෂ පුවතක්. නිව්ස් ෆස්ට් නව සංස්කරණය එලි දක්වා තවමත් ගතව ඇත්තේ දින කිහිපයක් පමණයි.


එම නිර්මාණශීලි ඇපල් ඇප් උපාංගය ඇපල් අයි ස්ටෝර් හි ශ්‍රේණිගත කිරීම් අනුව ජාත්‍යන්තරව අංක එකට පත්ව තිබෙනවා. මෙම ජයග්‍රහණය නිව්ස් ෆස්ට් වෙත ලැබී ඇත්තේ එය ගණනය කල කාල පරාසය තුල ගුගල් ක්‍රෝම් පවා අභිබවා යමින් වීම විශේෂයක්."

එහි වීඩියෝව පහතින් බලන්න.



නිව්ස් ෆස්ට් පවසන්නේ ඇපල් ස්ටෝර් හි ලෝකයෙන්ම එක බවට පත්වී ඇත්තේ ඔවුන්ගේ ඇප් එක බවය. එසේනම් ලෝකයේ වැඩි දෙනෙකු දැනටමත් නිව්ස් ෆස්ට් ඇප් එක ලබාගෙන ලංකාවේ පුවත් කියවනවා විය යුතුය.

නිව්ස් ෆස්ට් වරදවාගෙන ලෝකයේ අංක එක කිවත් සැබවින්ම ඔවුන්ගේ ඇප් එක පළමු ස්ථානයට පත්ව තිබුනේ ලංකාවේ භාවිතාකරන ඇප් අතුරිනි. එයද එතරම් විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය නොහැක්කේ ලංකාවේ අයි ෆෝන් පරිශීලනය කරන්නන් සීමිත වීමත් ලංකාවෙන් ප්‍රසිද්ධ කෙරුණු ඇප් සංඛ්‍යාවද සීමිත හෙයිනි.

ඔවුන් ෆේස්බුක් වෙත මෙම ජයග්‍රහණය දන්වා තිබුනේ මෙලෙසිනි.


No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com