If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Monday, September 3, 2012

ඉන්දියාවේ රමෝජි චිත්‍රාගාරය වටා හොල්මන් අවතාර

කණ්ණාඩිවල අමුතු අකුරු විටින් විට අඳුරු සෙවණැලි

හදවත ස්පන්දනය වෙන වේගය වැඩි වෙයි. පෙම්වතාට, පෙම්වතිය හමුවේවි ද? දුෂ්ඨයා පරදී ද? බොලිවුඩ් මසාලා සිනමාපටයක අවසානය ළං වෙන විට රසික හදගැස්ම වේගවත් වෙන්නේ මේ ප්‍රශ්න හදවතෙහි තෙරපෙන නිසයි.
එහෙත් රාමෝජි චිත්‍රාගාරයට රූගත කිරීම්වලට යන නළු නිළියන්ගේ හදතවතෙහි තිගැස්ම වැඩි වෙන්නේ ඒ කරුණු නිසානම් නොවෙයි.
හයිද්‍රාබාද්හී, රමෝජි චිත්‍රාගාරය භාරත දේශයේ අවතාර ඇති බවට ප්‍රකට ස්ථාන දහයෙන් එකකි. මේ චිත්‍රාගාරය ඉදිකර ඇත්තේ නසීම් සුල්තාන්වරුන්ගේ යුද බිමකය.
රමෝජි චිත්‍රාගාරයේ රූගත කිරීම්වලට සහභාගි වන සිනමා ශිල්පීන්ට මිය ගිය සොල්දාදුවන්ගේ කමකට නැති වැඩ නිසා සිත් බියෙන් ත්‍රස්තකර ගැනීමට සිදුවෙයි. හයිද්‍රාබාදයේ රමෝජි චිත්‍රාගාරය සමාන කරන්නේ, යුනිවර්සල් චිත්‍රාගාරයටයි.
එය දැනට ලොව විශාලම සංගෘහිත චිත්‍රාගාරය වශයෙන් ද සැලකෙයි. අක්කර 2000 කට වැඩි භූමි භාගයක ඉඳීකර ඇති චිත්‍රාගාරය සංචාරක ආකර්ෂණය ද නොමඳව දිනාගත් තැනකි.
රමෝජි රාඕ නම් ඉන්දියානු සිනමා නිෂ්පාදකයා 1996 දී රූගත කිරීම්වලට පහසුකම් ඇති කරන ලදී. දැනට තෙළිඟු, හින්දි, දෙමළ, මලයාලම්, කන්නඩ, මරාති, බෙංගාලි වැනි විවිධ භාෂාවල සිනමාපට 80 කට වැඩි ගණනක් මෙහි රූගතකර තිබේ.
එහෙත් රූගත කිරීම්වලට යන බොහෝ අධ්‍යක්ෂවරුන් මෙහිදී ලබන භූත අත්දැකීම් ගැන නම් ප්‍රසිද්ධියේ ලොවට හෙළි කිරීමට අකැමැතිය. ඒ එයින් චිත්‍රාගාරයට කළු ලකුණු එකතු වෙන නිසයි. එහෙත් රූගත කිරීම්වලදී සිවිලිම් කඩා වැටීම, බොහෝ කලා ශිල්පීන් මුහුණ දුන් අත්දැකීමකි.
උඩ සිටින ආලෝක ශිල්පීන් අදිසි හස්තයන් මඟින් තල්ලු කිරීම නිසා බිම වැටී තුවාල වුණු අවස්ථා එමටයි. කාමරවල තබා ඇති ආහාර තැන තැන අද්භූත ලෙස විසුරුණු අවස්ථා ද ඕනෑ තරම්ය. කණ්ණාඩිවල සුල්තාන්වරු භාවිත කළ උර්දු අකුරුවලට සමාන අකුරු ලියා තිබෙනු බොහෝ දෙනකු දැක තිබෙන්නෙකි.
රූගත කිරීම්වලට යන නළුවන්ට වඩා අකරතැබ්බයන්ට මුහුණ පාන්නේ නිළියන්ය. ඇඳුම් මාරු කරන කාමරවල මිනිස් සෙවණැලි, නාන කාමරවල දොරට තට්ටු කරන අදිසි මිනිසුන් හොඳ රඟපෑමකට අවශ්‍ය අත්දැකීම නිළියන්ට භූත බලවේග ලබා දෙන්නේ ඔවුනගේ සියොළඟම හිරිගඩු පිපෙන්නට සලස්වමිනි. භූතයන්ගේ පැමිණීම වළක්වන්නට විවිධ පියවර ගෙන ඇතත් තවමත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වරින් වර රූගත කිරීම්වලට යන සිනමා කණ්ඩායම්වලට අත්දකින්න ලැබෙයි.
ගෝස්ට් ත්‍රිමාන සිනමාපටය රූගත කිරීමේදීත් නීල් නිතින් මුකේෂ් නළුවා කියා සිටියේ තමන් සැබෑවටම අවතාරයක් දුටු බවයි. එහෙත් ඒ සිනමාපටය ප්‍රවර්ධනය කිරීමට කරන උපක්‍රමයක්දැයි කියා පසුව සැකයක් මතු කෙරිණි.
මලයාලම් සිනමාපටයක් වන අයිවර් විවනිතරායල් රූගත කිරීමේදී අහම්බෙන් භූතයන් වැනි රූපකායන් කැමරා ඇසට අසු වී තිබේ. අධ්‍යක්ෂ සාජි සුරේන්ද්‍රන් මේ දර්ශන සිනමාපටයේ ගීතයකට ඇතුළත්කර තිබේ.
ත්‍රාසජනක සිනමාපට රූගත කිරීමේදී සැබෑ අවතාර ගැන කතා අසන්නට ලැබීම සුලබ අත්දැකීමකි. මෑතකදී රූගත කෙරුණු ‘ආත්මා’ ද එවැන්නකි.
එහි නිෂ්පාදක අභිෂේක් පතක් පැවසුවේ ප්‍රධාන නළු නවාසුදීන් සිද්දික්ගේ ජවනිකාවක් රූගත කරද්දී ඔහුට පිටුපසින් බිත්තියේ එල්ලා තිබූ ඡායාරූපයක් සුළං හෝ කිසිදු හේතුවක් නැතිව හිටි හැටියේම කඩා වැටුණු බවයි. ඡායාරූපය බිම වැටීම රූගත කිරීම නතර කිරීමට හේතුවක්කර නොගත් ඔහු දිගටම රූගත කිරීම් කරගෙන ගියේය.
පසුව සියල්ලන්ම මවිත වූයේ ඡායාරූප බිම වැටුණ ද බිදුණු කිසිදු කිසිවක් දැකීමට නොලැබුණු නිසයි.එම සිනමාපටයේම තවත් කොටසක් වෂී හී රූගත කිරීමේදී පටිගත කිරීමේ ශිල්පී සුපර්න් හෙඩ්ෆෝනයකින් නළු නිළියන්ගේ දෙබස්වලට සවන් දෙමින් සිට ඇත. ඔහුට ඈතින් කාන්තාවක ගී ගයන හඬ ඇසී තිබේ.
පුදුමය නම් හෙඩ්ෆෝනය ඉවත් කළ පසු ඒ හඬ නොඇසීමයි. බිපාෂාට ද කාන්තා ගී හඬ ඇසී තිබේ. එහෙත් පටිගත කළ දෙබස්වලට සවන් දීමේදී ගී හඬක් පටිගත වී නොතිබුණි. බොලිවුඩ් අද්භූත සිනමාපට භූතලන්තයන් බවට පත් කෙරෙන කතා අසන්නට ලැබෙන්නේ සිනමාපටය පිළිබඳ රසික කුතුහලය වැඩි කිරිමේ ප්‍රවර්ධන උපක්‍රමයක් ලෙසින් ද යන්න නම් තවමත් අබිරහසකි.
source- http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com