If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Monday, July 9, 2012

දොස්තර ගීතාංජන මෙන්ඩිස් සදහටම සමු ගනී

දොස්තර ගීතාංජන මෙන්ඩිස් සදහටම සමු ගනී



ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ඊයේ පෙරවරුවේ සදහටම සමුගත්තේය. අග්න්‍යාශයේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙන්ඩිස් මහතා පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට තිබුණි.
ක්‍රීඩා වෛද්‍ය විෂය වඩාත් ප්‍රචලිත කරමින් ක්‍රීඩා වෛද්‍ය ආයතනය පිහිටුවීමේ පුරෝගාමියාවූ ගීතාංජන මෙන්ඩිස් මහතා පුරා වසර 22ක් එහි ප්‍රධානියා ලෙස කටයුතු කරමින් නොමැකෙන මෙහෙවරක් ඉටු කළේය.මියයනවිට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ජනාධිපති උපදේශකයෙකු ලෙස විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා කටයුතු කළේය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශ්වාසය දිනා ගනිමින් සුහද මිතුරෙකු සේ කටයුතු කළ වෛද්‍ය මෙන්ඩිස් මහතා ජාතික තහනම් උත්තේජන ආයතනය නිර්මාණය කොට තහනම් උත්තේජන චෝදනා වලින් මිදීමට මාර්ගෝපදේශ ලබා දුන්නේය.ආසියානු ක්‍රීඩා වෛද්‍ය කොමිසමේ ප්‍රධානියා ලෙසද කටයුතු කළ ඒ මහතා ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි රැසකම තහනම් උත්තේජන පරීක්ෂණ කටයුතුවල වගකීම දැරුවේය.
පාණදුරදී උපත ලද මෙන්ඩිස් මහතා කොළඹ ආනන්ද විදුහලේ දීප්තිමත් ශිෂ්‍යෙයක්ව සිට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් උපාධිය හදාරා ඇත.ආනන්ද විදුහලේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ඒ මහතා ක්‍රීඩා කිහිපයකටම දක්ෂතා දැක්වූවේය. ජාත්‍යන්තර වෛද්‍ය උපාධි කිහිපයක් හිමි මෙන්ඩිස් මහතා ස්නායු වෛද්‍ය විශේෂඥයෙකු ලෙස ජනප්‍රියත්වයට පත්විය.වසර 1985දී ලන්ඩන් හී සාන්ත තෝමස් රෝහලේ සේවය කළ ඒ මහතා පසුව වෙස්මින්ස්ටර් රෝහලේද සේවය කර ඇත. විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාගේ බිරිද විනෝදනී මෙන්ඩිස් මහත්මිය නීති සමාගමක උපදේශිකාවක් වන අතර පුතා කොළඹ රාජකීය විද්‍යාලයේ හා දියනිය බංග්ලාදේශයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටිති.ඒ මහතාගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතය.     source-http://www.dinamina.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com