If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Sunday, July 8, 2012

නැන්දම්මාගේ මඟුල් සාරිය ලේලියටත්

නැන්දම්මා සහ ලේලී අතර සැබෑ ජීවිතයේදී මෙන්ම සිනමාවේදීත් අපට දකින්න ලැබෙන්නේ එතරම් සුහද සබඳතාවක් නොවෙයි. එහෙත් සැබෑ ජීවිතයේදී දිගු කාලයක සිට සමාජයේ මුල් බැස ගත් මේ තිත්ත ඇත්ත බොරුවක් කිරීමට හිටපු සුපිරි තාරකාවක් හා දැනට සිටින සුපිරි තාරකාවක් සමත් වී තිබේ.
මේ නිළි නැන්දණිය, ෂර්මිලා තාගෝර්ය. ලේලිය කරීනා කපූර්ය. දෙදෙනා අතර කෙතරම් දැඩි ළෙන්ගතුකමක් ගොඩ නැඟී තිබෙනවා ද කිවහොත් වසර හතළිස් තුනකට පෙර ෂර්මිලා ඇන්ද මංගල ඇඳුම, තම මංගල ඇඳුම ලෙසින් තෝරා ගැනීමට කරීනා කැමැත්තෙන් සිටින්නීය.
ඔක්තෝබර් 16 වැනිදා කරීනා - සායිෆ් විවාහය පැවැත්වීමට නියමිතයි.
මේ වන විට කරීනා ඉන්දියානු රුපියල් ලක්ෂ හතළිහක රන් මාලයක් ඇනවුම් කර ඇත. පුදුමය නම් ෂර්මිලා පුතුගේත්, කරීනාගේත් විවාහය තහවුරු කරද්දී මනාල යුවළ මුනිවත රැකීමයි.
සායිෆ් අලි ඛාන්ගෙන්වත් ෂර්මිලාගෙන්වත්, කරීනාගේ රංගන ජීවිතයට නම් කිසිදු බාධාවක් එල්ල වන්නේ නැත. විවාහයෙන් පසු ඇය රඟන්නේ සංජේ ලීලා බන්සාලිගේ ‘රාම් ලීලා’ සිනමා පටයේයි. සිනමා පටයේ ඇයගේ පෙම්වතා වන්නේ රන්වීර් සිංය.
රංගනයට පමණක් නොව කරීනා අදහන හින්දු ආගමට ද බලපෑම් නොකිරීමට තරම් සායිෆ්ගේ සිත විවෘතය. ෂර්මිලාට විවාහයෙන් පසු මුස්ලිම් ආගම වැළැඳ ගැනීමට සිදු වුව ද, කරීනාට ඒ දෛවය උරුම නැත. සායිෆ් කියන්නේ ආගම් දෙකක දෙදෙනකු විවාහ වීමේදී එකිනෙකාගේ ආගම් වෙනස් නොකරන ලෙසට නීතියක් රජයෙන් ගෙන ආ යුතුª බවයි.
ෂර්මිලා මුස්ලිම් ආගම වැළැඳ ගත් පසු ඇයට අයේෂා බෙගම් ලෙස නම වෙනස් කිරීමට සිදු විය. සායිෆ්ගේ හිටපු බිරිය අම්රිතා සිං ද සායිෆ් නිසා මුස්ලිම් ආගම වැළැඳ ගත් නිළියකි.
අලි ඛාන් පවුලට කපූර් පවුල කෙතරම් සමීප ද කිවහොත්, කරීනාගේ අක්කණ්ඩිය, කරිෂ්මා සිය තිස් අට වැනි උපන් දිනය ජූනි 25 වැනි දින සැමරුවේ ද පතාවුදිලාගේ එනම් සායිෆ්ගේ මන්දිරයේයි. ෂර්මිලා, කරීනා, සායිෆ්, සංජේ කපූර්ගෙන් දික්කසාද වූ පසු පෑරුණු සිතින් සිටින කරිෂ්මා හා දරුවන් දෙදෙනා සතුටු කිරීමට ඔවුන් ලන්ඩනයේ උපන් දින සවාරියක් ද රැගෙන ගොස් තිබේ. කරිෂ්මාගේ නවතම සිනමා පටය ‘ඩේන්ජරස් ඉෂ්ක්’ එතරම් සාර්ථක නොවුණත් ඇය සිනමා පට ගණනාවකටම රඟපෑමට අස්සන් තබා අවසන්ය.
  source-http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com