If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Sunday, July 8, 2012

අවුරුදු 300 ක් තරුණකමෙන් ජීවත්වන්නේ කොහොම ද?

සල්මල් ලන්ද
පුස්කොළ පොත්වල ඇති දේශීය වෛද්‍ය ක්‍රමයත් පාරම්පරික කට්ටඩි ක්‍රමයත් ඒ හරහා සිදුවන අපූරු සිදුවීම් රැසකුත් එක්කරගත් ටෙලි නාට්‍ය කලාවට නව අරුතක් එක්කළ නැවුම් කතා පුවතක් මේ දිනවල ජාතික නාළිකාව ඔස්සේ ඔබට ඉරිදා රාත්‍රී 8.30 ට අත්දකින්නට අවස්ථාව ලැබෙනවා. ඒ විජිත මංජුල සිංහපෘතුවිගේ කුලුඳුල් ප්‍රාසාංගික ටෙලි නාට්‍ය අත්දැකීම ‘සල්මල් ලන්දයි.’
“ඇත්තටම මෙය සත්‍ය කතාවක් ඇසුරින් ගොඩනඟන්න මට අවශ්‍ය වුණා. ඒ නිසා ඒ සත්‍ය සිදුවීම් පෙළ මෙම ටෙලි නාට්‍යයට අවශ්‍ය මූල බීජය සැපයුවා කියලා මට හිතෙනවා. මෙහි රචක යූ. බී. රත්නායක ටෙලි නාට්‍යයකට උචිත ඒ කතා පසුබිම ඉතාම හොඳ තිර පිටපතක් බවට පත්කළා.
මෙතැනදි මට සමාජයට කියන්න ඕන වුණේ අපේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇති වටිනාකමත් ඒ හරහා යම් යම් රෝග සුව කරන්න හැකි බවත්, ඒ වගේම අප සංස්කෘතිය සතුව මොනතරම් පාරම්පරික කෙම් ක්‍රම, කට්ටඩි ක්‍රම, වගේම භූතයින් බැඳගෙන වැඩ ගැනීම් වගේ අපූරු සිදුවීම් ඇසුරෙන් ඒ අත්දැකීම් සමාජයට ලබා දෙන්න මට අවශ්‍ය වුණා. ඒ නිසා මම විශ්වාස කරනවා, මෙය පේ‍්‍රක්ෂකයින්ට අලුත් අත්දැකීමක් එකතු කරනවා වගේම ඔවුන් එය හොඳින් භාරගනී කියලා.
ගැමි පරිසරයේ සුන්දරත්වය එකතු කරගනිමින් වාරියපොළ, බමුණුකොටුව, තඹුත්තේගම, ලෝකා හෙට්ටිය වැනි ප්‍රදේශයන්හි රූගත කිරීම් සිදුකළ ‘සල්මල් ලන්ද’ ආදරය, සෙනෙහස, ගැමිකම වගේම සංස්කෘතික දේශපාලන කාරණා ද හසුකර ගත් ටෙලි වෘත්තාන්තයක්.
උක්කු රාල සිය ගුරුකම් හරහා යකුන් බැඳගෙන වැඩ ගැනීමට හැකි දක්ෂ කට්ටඩියෙකි. පරම්පරාවෙන් පැවතෙන බලගතු මන්තර ගුරුකම් හා වටිනා තෙල් බෙහෙත් පිළිබඳව ද ඔහු තමා සතු වූ දැනුමෙන් ජීවත්වෙයි. ඒ හා බැඳි පුස්කොළ පොත් හා ඔහු සතුව ඇති අතර අවුරුදු තුන්සීයක් ජීවත්විය හැකි බෙහෙතක් පිළිබඳ විස්තරයක් ද ඒ අතර වෙයි.
ඒ රහස දන්නේ උක්කු රාලගේ බිරිඳ ඩිංගිරි අම්මාත් සාගර නමැති ඔහුගේ පුතාත් පමණි. සාගර ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස සේවය කරන අතර රෝහලේ රූමත් හෙදියක වන උමා සාගරට පෙම් කරයි.
එහෙත් සාගර ඇය ප්‍රතික්ෂේප කරන අතර ඇයගේ සිත් දිනාගැනීමට රෝහලේම සාත්තු සේවකයකු වන පියදාස උත්සාහ කරයි.
එහෙත් පියදාස මෝඩ පහේ චරිතයක් වන අතර ඇය ඔහුගේ කරදරයෙන් මිදීමට උත්සාහ දරයි. කෙසේ හෝ උක්කු රාල අවුරුදු තුන්සීයක් ජීවත්වීමේ හා තරුණ වීමේ රහස පියදාස හරහා ඉටුකර ගැනීමට ප්‍රයත්න දරයි. ඒ අනුව පියදාස අඳුරු කාමරයක මාස තුනක් රඳවා බෙහෙත් කරයි.
මේ සියල්ල අතරේ උක්කු රාල බැඳගෙන වැඩගන්නා යක්ෂණියක් නිසා ඔහු නොසිතූ විරූ ඇබැද්දියකට මුහුණපායි. ඒ කුමක් ද? මින්පසු පියදාසට සැබෑවටම සිදුවන්නේ කුමක් ද? උමාට සාගරගේ ආදරය දිහා ගත හැකි ද? මේ සියල්ල හමුවේ උක්කු රාලට කුමක් වෙයි ද? ඒ සියලු දේට විසඳුම ඉරිදා රාත්‍රී 8.30 ට ජාතික නාළිකාවේ ‘සල්මල් ලන්ද’ ටෙලි නාට්‍යයෙන් ඔබට දැනගන්නට ඉඩකඩ සැලසේවි.
ටෝනි රණසිංහ, ජනක් පේ‍්‍රමලාල්, සුමින්ද සිරිසේන, ජගත් චමිල, කාන්චනා මෙන්ඩිස්, මොරින් චාරුනි, ජයලාල් රෝහණ, ඕෂධී හේවාමද්දුම, සුරංගි රුවන්මලි, රිචඩ් මානමුදලි ඇතුළු නළු නිළි කැලක් ‘සල්මල් ලන්ද’ට රංගනයෙන් එක්වෙති. ‘සල්මල් ලන්ද’ මාවෝ ලක්ෂිත කරුණාතිලකගේ නිෂ්පාදනයකි.
source- http://www.silumina.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com