
ඇය මේ පිළිබඳ මුලින්ම කිව්වේ සරසවියට. මව සහ දියණිය ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
දූ සිඟිත්තිය ද රැගෙන තවත් මාසයකින් පමණ උදාරි ලංකාවට පැමිණීමට නියමිතයි. සිංගප්පූරුවේ සෙන්තොසා හි පිහිටි නිවාස සංකීර්ණයක නිවාඩුව ගත කරන උදාරිගේ ජීවිතයට දියණිය නිසා මහත් ආලෝකයක් ලැබුණු බව ඇය පවසන්නේ හද පිරි සතුටින්. මෙරටට පැමිණි පසු කෙටි කලකින් සුපුරුදු පරිදි රංගන ජීවිතය යළි ආරම්භ කරන්නට සැරැසෙන වගත් තම රසික රසිකාවන්ට කියන්න කියලා උදාරි අපිට කිව්වා.
source-http://www.sarasaviya.lk
No comments:
Post a Comment