බැංකු ණය, ක්‍රෙඩිට් කාඩ් ආදිය ගෙවීම් පැහැර හැරීම් සහ වෙනත් වංචාකාරී මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් මේ පිරිස මෙසේ “Black List” ගත වී තිබේ.
ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් පැහැර හැරීම් නිසා නීතිමය ක්‍රියා මාර්ගවලට ලක්ව සිටින සංඛ්‍යාව ලක්ෂ 5 කට වැඩි වෙයි.
දැනට අධිකරණවල විසඳෙන නඩුවලින් වැඩි ප්‍රමාණයක් ක්‍රෙඩිට් කාඩ් වංචාවන්ට අදාළ ඒවා වෙයි. ණය තොරතුරු කාර්යාංශයේ “CRIB” ලේඛනගත වී ඇති දත්තයන්ට අනුව දැනට බැංකු ගනුදෙනුවලට සම්බන්ධව සිටින පුද්ගල සංඛ්‍යාව ලක්ෂ 50කි.
මහ බැංකුවෙන් අනුමත මුල්‍ය ආයතන 90කින් මේ පිරිස ණය ගනුදෙනුවලට සම්බන්ධ වී තිබේ. ණය ගනුදෙනුවලට ඇප වූ ඇපකරුවෝ සංඛ්‍යාව ද මීට ඇතුළත් වෙති. තවද 1990 ණය තොරතුරු කාර්යාංශ පනත අනුමත වීමෙන් පසු ණය ලබාගත් අය පමණක් මේ තොරතුරු කාර්යාංශ දත්තවලට ඇතුළත්ව තිබේ.
අධිකරණ වාර්තාවලට අනුව ණය හා වෙනත් මුල්‍ය කටයුතු නිසා නීතිමය ක්‍රියාමාර්ගවලට ලක්ව සිටින සංඛ්‍යාව ලක්ෂ 15ක් පමණ වුවත් එයින් විශාල පිරිසක් එම ණය ගනුදෙනුවලට ඇපවූ පිරිස වෙති.
මේ ඇපකරුවන්ට හෝ ණය කරුවන්ට මේ රටේ පිළිගත් මුල්‍ය ආයතනයකින් ණයක් හෝ වෙනත් මුල්‍යමය ගනුදෙනුවකට සම්බන්ධ විය නොහැක. එම ගනුදෙනුවලට ඇප වූ පිරිස “Black List” වීම නිසා කිසිදු බැංකු ණය කටයුත්තකට සම්බන්ධ වීමට නොහැකිව අසරණව සිටිති.
බැංකුවලින් කෝටි ගණනින් ණය ලබාගෙන ඒවා නොගෙවා මෙරටින් පලාගිය ඇතැම් පුද්ගලයෝ ද මේ අතර වෙති.
පුද්ගලයෙක් ණයක් ලබා ගත් විට ඔහුගේ හැඳුනුම්පත් අංකය සහ ඇපකරුගේ අංකය ණය තොරතුරු කාර්යාංශයේ සටහන් වෙයි. අනතුරුව ඔවුන් ණය ගෙවා අවසන්වන තෙක් සෑම වාරිකයකම ගෙවීම්, පැහැර හැරීම්, ගෙවා අවසන් කිරීම් සහ නීතිමය කටයුතු ඇතුළු සියලු දෑ ණය තොරතුරු කාර්යාංශ පරිගණක ජාලයේ සටහන් වෙයි.
රටපුරා ඇති මුල්‍ය ආයතන මේ කාර්යාංශය හා එකම පරිගණක ජාලයකින් සම්බන්ධව ඇත. පුද්ගලයකුට ණයක් ලබාගත හැකි ද නොහැකි ද යන්න මේ කාර්යාංශයේ සටහන් වී ඇති තොරතුරුවලින් තීරණය කළ හැකි වෙයි.
ඉතා රහසිගතව මෙහි තොරතුරු පවත්වාගෙන යන අතර යම් පුද්ගලයකුට තම බැංකු ගණුදෙනුවලට සම්බන්ධ තොරතුරු එහිදී දැන ගැනීමට අවස්ථාව සලසා තිබේ. source-http://www.dinamina.lk
No comments:
Post a Comment