If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Monday, July 2, 2012

හිසක් කඩාගෙන ජිප් චැසිය විසිවෙයි

කොච්චිකඩේ පොලිස් වසමට අයත් ඕවිටිවත්ත ප්‍රදේශයේ ඊයේ (1) පැවැති ජීප් රථ ධාවන තරගයකදී ඇතිවූ හදිසි අනතුරකින් නරඹන්නන් දෙදෙනකු මරණයට පත්වූ අතර බරපතළ තුවාල ලැබූ අයෙකු රෝහල් ගත කෙරිණි.
මේ අනතුරින් මියගොස් ඇත්තේ පාණදුරේ පදිංචි හේවගේ ඉරේෂ් එරංග පෙරේරා (22) සහ අනුරුද්ධ නමැති දෙදෙනෙකි.
කාර්මික දෝෂයක් හේතුවෙන් ධාවනය ඇනහිටි ජීප් රථයක් දොඹකර ආධාරයෙන් ඉවත් කිරීමට යාමේ දී ජීප් රථයේ චැසිය ගැළවී විසිවී ඇති අතර එය ජංගම දුරකතනයෙන් රූගත කරමින් සිටි එක් නරඹන්නකුගේ හිසෙහි වැදී හිසෙන් කොටසක් ගැලවී ගොස් එතැනම මියගොස් ඇති බව ද, තවත් නරඹන්නන් දෙදෙනකුගේ බෙල්ලේ සහ උදරයේ වැදීමෙන් ඔවුන් බරපතළ තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසුව තවත් අයකු මියගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
දැඩි අවදානම් සහ අනතුරු සහිත මේ ධාවන තරගය සඳහා තරගකරුවන් 40ක් සහභාගී වී ඇති අතර එයින් හත්දෙනෙක් කාන්තාවෝ වෙති.
නොයෙක් බාධක සහිත ධාවන පථයේ එක් වටයක් ගමන් කිරීම සඳහා තරගකරුවකුට උපරිම වශයෙන් විනාඩි 20 ලබා දෙන අතර එයට වැඩි කාලයක් ලබා ගන්නා තරගකරුවන් ජීප් රථය ද සමඟ තරගයෙන් ඉවත් කිරීම තරග කොන්දේසියකි. මෙම කොන්දේසියට අනුව ජීප් රථයක් ඉවත් කිරීමට යෑමේ දී මෙම අනතුර සිදුවී තිබේ.
මීගමු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
source-http://www.dinamina.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com