If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Friday, June 29, 2012

බිම්බානාගම ජූලි මස ඇරැඹෙයි




* කීර්ති රත්නායකගේ පළමුවන අධ්‍යක්ෂණය

* ශ්‍රී වික්‍රම රාජසිංහ රජ යුගයේ කතාවක්

එළඹෙන ජූලි මස සිට තවත් රසවත් ජනප්‍රවාදයක් ටෙලි සිතුවමකට නැගෙයි.
ඒය බිම්බානාගමයි. ශ්‍රී වික්‍රමසිංහ රාජ්‍ය සමයේ සැඟ වූ මැණිකක් පිළිබඳ මෙම කතාව නිර්මාණය වේ.
එහි කතා පුවත දැනගත් අයකු මැණික සොයා චාරිකාවක් අරඹයි. සිදු වන්නේ නොසිතූ සිදුවීම්ය. සෝමවීර ගමගේ ගේ තිර නාටකයක් ඇසුරෙන් තැනෙන මෙම අපූරු ටෙලි නිමැවුම කීර්ති රත්නායකගේ අධ්‍යක්ෂණයකි. සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කලක් ක්ෂේත්‍රයේ සැරිසැරූ ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වන්නේ බිම්බානාගමයි.
බුද්ධදාස විතානච්චි, ඩග්ලස් රණසිංහ, නිහාල් ප්‍රනාන්දු, වීණා ජයකොඩි, වසන්ති චතුරාණි, බිමල් ජයකොඩි, විශාකා සිරිවර්ධන, මංගල මඩුගල්ල, ගාමිණී අම්බලන්ගොඩ, සෝමවීර ගමගේ, සංජුල දිවාරත්න, බණ්ඩාර මඩුගල්ල, කුමාරි සේනාරත්න, පූජා පතිරණ, ලලනි රේණුකා බිම්බානාගම හි නළු නිළි කණ්ඩායමයි. චන්ද්‍රලාල් මනමේන්ද්‍ර කැමරා අධ්‍යක්ෂවරයාය. බුවනෙක රණවකගේ අංග රචනයකි. සමන්ත පෙරේරා සංගීත අධ්‍යක්ෂවරයාය. කලා අධ්‍යක්ෂණයෙන් බන්දුල වීරසේකර, හර්ෂණ ලාල් කුමාර, සහාය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත මල්හාමිආරච්චි, රන්ජන් ප්‍රේමතිලක යන අය එක් වෙති. නිෂ්පාදන සම්බන්ධීකරණය රංජිත් ලියනගේගෙනි.




සතුරු මිතුරු වැඩ ඇරැඹෙයි





නාලන් මෙන්ඩිස්ගේ නවතම ටෙලි සිතුවම සතුරු මිතුරු හි මුහුරත් උළෙල පසුගියදා කොට්ටාවේ පිහිටි එහි ප්‍රධාන දර්ශන තලයේදී පැවැත්විණ.
විරසක වූ පවුල් දෙකක් අතර ඇතිවන සිදුවීම් පෙළක් ඇසුරෙන් නිර්මාණය වූ එය නාලන්ගේ විසිහය වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයයි.
සතුරු මිතුරු, ශාන් රත්නායකගේ නිෂ්පාදනයක් වේ. මේ එහි පිරිවර මුහුරත් උළෙල දා සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.   source-http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com