If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Friday, June 29, 2012

ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නාට්‍යය ඇරැඹෙයි

සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයක්



අනුර හොරේෂස්ගේ ගිනි අවි සහ ගිනි කෙළි කෘති මාලාව ඇසුරෙන් සාරංග මෙන්ඩිස් නිර්මාණය කරනු ලබන ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි සිතුවමේ මුහුරත් උළෙල පසුගියදා බොරැල්ල පුංචි තියටර්හිදී පැවැත්විණි.
ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, පාලිත සිල්වා, ලකී ඩයස්, රෙක්ස් කොඩිප්පිලි, බුද්ධදාස විතානාරච්චි, සරත් කොතලාවල, නිරෝෂන් විජේසිංහ, කපිල සිගේරා, සහන් රන්වල, කුමාර තිරිමාදුර, ගාමිණී ජයලත්, වින්සන්ට් කරු, සෝමසිරි අලකොලංග, සෝමවීර ගමගේ, හේමන්ත ඊරියගම, මිහිර සිරිතිලක, බුද්ධික ලොකුකැටිය, අජිත් නානායක්කාර, නිමන්ති පෝරගේ, ශිරෝමිකා ප්‍රනාන්දු, ඉන්දිකා සුබසිංහ, අශිකා මතසිංහ සහ සුරංගි රුවන්මලී මෙහි චරිත නිරූපණය කරති.
අයිවන් මහේන්ද්‍ර ද සිල්වා සහ චාමිකා මෙන්ඩිස් නිෂ්පාදනය කරන මෙම ටෙලි සිතුවමෙහි සහාය අධ්‍යක්ෂණය ඩබ්ලිව්. රවීන්ද්‍ර, සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ, ආලෝකකරණය හා කැමරාකරණය සුරේෂ් ධම්මික, සංස්කරණය සමන් සමරවික්‍රම සහ සුදේශ් කුමාරසිංහ, කලා අධ්‍යක්ෂණය බනුර ජයමාල් මානගේ, වේශ නිරූපණය ඊබට් විජේසිංහ සහ සටන් අධ්‍යක්ෂණය අජන්ත මහන්තආරච්චි විසිනි.
මෙම අවස්ථාව සඳහා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ මහින්ද ඉලේපෙරුම, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ නළු නිළියන් රැසක් සහභාගි වූහ.
අනුර හොරේෂස් විසින් රචිත පුවත්පත් ලිපි පෙළක් ඇසුරින් ගිනි අවි සහ ගිනි කෙළි කෘති පෙළ බිහි විය.
පසුව මේ ආශ්‍රයෙන් උදයකාන්ත වර්ණකුලසූරිය විසින් ආන්දෝලනාත්මක චිත්‍රපටයක් ද නිර්මාණය කරන ලදී. පසුව අනුර සොඳුරු දඩබිම චිත්‍රපටයට පාදක කර ගත්තේ ගිනි අවි සහ ගිනි කෙළි කතාවේ කොටසකි.
source-http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com