
ඉටි මල් නම් වූ එය සුරන්ජන් විජයනාමගේ අධ්‍යක්ෂණයකි. සුරන්ජන් අතිශය ජනප්‍රිය ටෙලි නිමැවුමක් වූ යර්ස් බොස් හි අධ්‍යක්ෂවරයා වේ.
තිස්ස මෙහි රඟනුයේ දැන්වීම් ප්‍රචාරණ ආයතනයක හිමිකරුවකුගේ චරිතයයි. ඔහුගේ දියණියට පණ පොවන්නේ අනර්කලී ආකර්ෂාය. පූජා ඇගේ චරිතයේ නම වේ.
පූජාට පෙම් බඳින තරුණයා ආදිත්‍යයි. රන්ජන් ආදිත්‍යට ජීවය ලබා දෙයි. ඒ අනුව රන්ජන් සහ අනර්කලී ඉටි මල් ඔස්සේ නැවතත් සුපෙම්වතුන් යුවළක් බවට පත් වෙයි.

මෙහි කතාව, දෙබස් තිර රචනය නිහාල් බණ්ඩාර ජයතිලකගෙනි. ඩබ්ලිව්. ජයතිස්ස අංග රචනයෙන් එක් වෙයි. නිම්ෂාන් වීරක්කොඩි සහය අධ්‍යක්ෂවරයාය. ඉරොෂන් බුද්ධික නිෂ්පාදන කළමනාකරණයෙන් දායකත්වය ලබා දෙති.
සුරේන්ද්‍ර ගාමිණී කලා අධ්‍යක්ෂණයෙන් ද, තිවංක උඩගෙදර සංස්කරණයෙන් ද, චාමර සමරවික්‍රම රේඛීය නිෂ්පාදනයෙන් ඉටි මල් සඳහා එක්ව සිටිති.
අද සිට රූගත කිරීම් ඇරඹෙන මෙය රන්මිණි ක්‍රියේෂන්හි ඉදිරිපත් කිරීමකි.
source- http://www.sarasaviya.lk
No comments:
Post a Comment