රුපියල අවප‍්‍රමාණය වීම ඉදිරියේ දී ආර්ථිකයට වැඩි රුකුලක් ලබාදෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප‍්‍රකාශ කරනවා. අවිනිශ්චිත ගෝලීය පරිසරයේ බලපෑම නිසා රුපියල අවප‍්‍රමාණය යම් අවදානමක් පෙන්වන නමුත් ඉදිරියේ දී එවැන්නක් සිදුනොවනු ඇති බවයි එම අරමුදල පවසන්නේ. ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දුත මණ්ඩලය මේ බව කියා සිටියේ මහබැංකු ශ‍්‍රවණාගාරයේ අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ශ‍්‍රී ලංකාවේ උද්ධමනය තනි අංකයක් කරා වැඩිවීමක් පෙන්වන බව සඳහන් කළ ඔවුන් උද්ධමනය පීඩනය මැඬ පැවැත්වීමට නම් මූල්‍ය ප‍්‍රතිපත්තිය කෙරෙහි අවධානය යොමු විය යුතු බවත් කියා සිටියා. ජංගම ගිණුම් හිගය මෙන්ම සංචිතවල සුරක්ෂිතභාවය සඳහා ශ‍්‍රී ලංකාව දැඩි ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ග සාර්ථක ලෙස ඉදිරියට ගෙන යමින් සිටිනවා. ණය ඉහළ යාම අඩුවී ඇති අතර ආනයන පහළ ගිහින්. නම්‍යශීලී විනිමය අනුපාතය, පේ‍්‍රෂණයන් අඛණ්ඩව ශක්තිමත්වීම සහ ප‍්‍රාග්ධන ආයෝජනයන් ලබා ගැනීම සාර්ථක වී ඇති බවත් මූල්‍ය අරමුදල පවසනවා. මහබැංකුවේ ජාත්‍යන්තර සංචිත ස්ථාවර මට්ටමකට ළගා වී ඇති බව පවසන දුත මණ්ඩලය, අය වැය හිගයේ ඉලක්ක සපුරා ගැනීමට බලධාරීන් කැපවී ඇති බවත් සඳහන් කළා.
source-http://www.hirufm.lk
No comments:
Post a Comment