If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Wednesday, June 20, 2012

ඉතිහාසයේ මුල් වරට ශ්‍රී ලංකා බීච් කබඩි පිල තායිලන්තය පරදවා විශිෂ්ට ජයක් ලබයි

ආසියානු වෙරල ක්‍රීඩා උලෙළේ පෙරැලිකාර ජයක් ලැබූ ශ්‍රී ලංකා කබඩි ක්‍රීඩකයෝ බීච් කබඩි ඉතිහාසයේ මුල් වරට තායිලන්තය පරාජයට පත් කළහ. හයියෑන් වෙරළ තීරයේ කබඩි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති මේ තරගයේදී මුල සිට තම ආධිපත්‍ය පතුරුවා ගත් ශ්‍රී ලංකා පිල ලකුණු 38-52ක් ලෙස මේ විශිෂ්ට ජයග්‍රහණය සටහන් කළේය.
තරගයේ මුල් විනාඩි දහයක් තුළදී තායිලන්තය ලකුණු 15-12ක් ලෙස ඉදිරියට පැමිණි අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ කණ්ඩායම් හැගීමෙන් තරගය තමන් වෙත හරවා ගැනීමට සමත් විය.එහි ප්‍රතිළුලයක් ලෙස තරගයේ පළමු කාර්තුව නිමා වෙද්දී ශ්‍රී ලංකාව ලකුණු 22-18ක් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු කාර්තුවේ ලැබූ ජයග්‍රහණයෙන් ගොඩ නගාගත් මානසික ඒකාග්‍රතාව මතින් දෙවැනි භාගය වඩාත් තරගකාරී මට්ටමකින් නිමා කිරීමට සමත් වූහ.දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවට ලකුණු 30ක් හිමි කර ගනිද්දී තායිලන්තයේ පසු බැසීම උග්‍ර වෙමින් ලකුණු 20ක් එකතු විය.
ශ්‍රී ලංකා පිලට විශිෂ්ඨ දායකත්වයක් දුන් ප්‍රසාද් අනුරුද්ධික,ෂශීවන් රත්නකරුෂන්,සජිත් ඉන්ද්‍රකුමාර්,කේ.සින්නොතරන්,රනිදු චාමර හා ඉසුරු නුවන් කපිල බණ්ඩාර මේ තරගයේදී කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්හ.
ශ්‍රී ලංකා කබඩි පුහුණුකරු ප්‍රේමානන්ද ජයවීර මහතා තරගයෙන් අනතුරුව පැවැසූවේ තායිලන්තය, ඉන්දියා කබඩි විශේෂඥ දොස්තර බෙන්ඩා ගරී යටතේ වසර 2ක් නේවාසික පුහුණුවක් ලැබූවද,ශ්‍රී ලංකාවට ඔවුන් පරාජය කිරීම එතරම් අසීරු නොවූ බවයි.
“අපි පුහුණු වුනේ මාස දෙකයි.අපට තායිලන්ත ක්‍රීඩකයන්ට තරම් පෝෂ්‍යදායී ආහාර තිබුණේ නෑ.තාක්ෂණය හා ක්‍රීඩා විලාශය අප විසින්ම හදාගත් එකක්.ඉදිරියේදී අනුග්‍රහකයකු යටතේ හොද ක්‍රමවත් පුහණුවක් ලැබුණොත් ආසියාවේ ඉදිරියටම එන්න පුළුවන්“ ජයවීර මහතා පැවැසීය.
ශ්‍රී ලංකා කබඩි පිලට අද ඇෆ්ගනිස්ථානය හමුවන අතර එම තරගයෙන්ද ජය ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විශ්වාසය පළ කරති. ඊයේ ශ්‍රී ලංකා කබඩි කාන්තා පිලට බංග්ලාදේශය හමුවූ අතර එහිදී ලකුණු 56-49ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් විය. තරගයේ පළමු කාර්තුව ලකුනු 27-25ක් ලෙස බංග්ලාදේශය ඉදිරියෙන් සිටියේය.
source-http://www.dinamina.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com