සම්භාව්‍ය නළුවෙක්,චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්,තිර රචකයෙක් සහ ප්‍රකට වේදිකා නළුවෙක් වන හෙතෙම ජනකාන්ත පුද්ගලයෙකි.එමතු නොවේ; ඔහු තුළ දක්ෂ ගායකයෙක්,රූපවාහිනී පූරකවරයෙක් සහ චිත්‍ර ශිල්පියෙක් ද ජීවත් වේ.ඔහු ගේ නිර්මාණ ශක්‍යතාව මැන බලනු වස් ඇසළ කළුවර,ගරිල්ලා මාකටින්,අග්නිදාහය මරාසාද් සහ තාරාවෝ ඉගිලෙති වුව සෑහේ.දිගු කාලීන නිහඬතාවයකින් පසුව ටෙලි නාට්‍ය රංගනයට පිවිසි ජැක්සන් ඇන්තනී නම් සොඳුරු මිනිසා සමඟ කළ හෘද සංවාදයකි.
අවුරුදු 15 ක් තිස්සෙ මම ටෙලි නාට්‍යයෙන් ඈත් වෙලා හිටියේ ටෙලි නාට්‍ය ප්‍රතික්ෂේප කරලා හෝ ටෙලි නාට්‍යවලින් ඈත් වෙන්න හිතාගෙනවත් නෙවෙයි. ඇත්තට ම මගේ මුලු රංග ජීවිතයට ම මං රඟපාල තියෙන්නෙත් ටෙලි නාට්‍ය 10 ක් වගේ සුළු ප්‍රමාණයක්. 1983 පළිගු මැණිකේ රඟපෑමෙන් තමයි මගේ ටෙලි රංග ජීවිතය පටන් ගත්තේ. ඒ කියන්නෙ මම හෙමිහිට චරිත තෝරන කෙනෙක්.
අවුරුදු ගණනාවක් ම මම මට ගැළපෙන චරිත නැතිව ඉදලා තියෙනවා. මම රඟ නොපාපු අවුරුදු 15 දිහා නැවත හැරිලා බලද්දි මට හිතෙන්නෙ හොඳ ටෙලි නාට්‍යවල තිබුණු හිඟය තමයි ඒකට හේතුව. මුල් කාල වකවානුවෙදි ගුණාත්මක ටෙලි නාට්‍යවල හිඟයක් තිබුණෙ නෑ.ඒ වෙද්දි මං අවුරුද්දකට එකක් ගානෙ වගේ ටෙලි නාට්‍යවල රඟපෑවා.නමුත් ක්‍රම ක්‍රමයෙන් මේ කාල පරාසය ටිකෙන් ටික දිග වුණා. අවුරුද්ද දෙක වුණා, අවුරුදු දෙක තුන වුණා. අවුරුදු පහ වුණා. අන්තිමේදී පහළොවත් වුණා.
සමහර කෙනෙක් හිතනවා නම් මම කාර්යබහුල වෙලා, මට නාට්‍ය එපා වෙලා කියලා ඒක වැරදියි. මම කාර්යබහුල නෑ. මම කාල කළමණාකරණය කරන කෙනෙක්. රඟපාන්න තරම් හොඳ පිටපතක් මට මේ කාලෙ ඇතුළත ලැබුණෙ නෑ. මම ප්‍රතික්ෂේප කරපු ටෙලි නාට්‍ය පිටපත් ප්‍රමාණය අප්‍රමාණයි. මම එහෙම ප්‍රතික්ෂේප කරපු ටෙලි නාට්‍ය දැන් ප්‍රදර්ශනය වෙනවා. ඒත් ඒවා දකිද්දි මට අනේ අපොයි කියලා හිතෙන්නෑ.මට හිතෙන්නෙ මගෙ තීරණය හරියි කියලා.
ඒ ආනන්ද මට ගෙනැත් දුන්න දෙවැනි චිත්‍රපට පිටපත. ඔහු මීට පෙර ගෙනැත් දුන්නේ සයිමන් නවගත්තේගමයන්ගේ ‘ක්ෂීර සාගරය’ නමැති තිර පිටපත. මං බොහොම ආසාවෙන් හිටියා ඒකෙ රඟපාන්න. නමුත් මේ තිර පිටපත රූපගත කරන්න අධ්‍යක්ෂවරයෙක් හම්බ වුණේ නෑ. මේ කතාව රජ කෙනෙක් සහ කැරළිකරුවෙක් අතර තියෙන ෆැන්ටසියක්. රජ්ජුරුවන්ට රඟපාන්න හිටියෙ ගාමිණී ෆොන්සේකා. තරුණ කැරළිකරුවට තමයි මම රඟපාන්න හිටියේ. ඔය වගේ ම අප්පච්චී කියන චිත්‍රපටිය තැනුනෙත් නෑ. ඊට අවුරුදු 5 ට විතර පස්සේ ආනන්ද ඇවිත් මට කිව්වා අප්පච්චි චිත්‍රපටයක් කෙරෙන්නෙ නෑ ඒකෙන් ටෙලි නාට්‍යයක් කරනවා කියලා. ඊට පස්සෙ තමයි නාමල් ජයසිංහ මහ විශාල පිටපතක් මට ගැනැත් දුන්නෙ. කියවපු ගමන් ම මම හරිම කැමති වුණා තිර පිටපතට.
නාමල් ජයසිංහගේ පිටපතින් මං දකින්නෙ මෙතෙක් කල් මම දැක්කෙ නැති ගුණාත්මක පිටපතක ලක්ෂණ. මේ අලුත් පරම්පරාවලට හමු නොවූ, ඔවුන් නිතැතින් ම බලාපොරොත්තු වන වීර අප්පච්චි කෙනෙක් තමයි මේ පිටපතේ ඉන්නෙ. මේ අලුත් පරම්පරා යුද්ධෙත් එක්ක ඉපදිච්ච අයනේ. යුද පිටියක ඉපදුණාම රැකවරණයෙන් තොරයිනෙ.
එතකොට රැකවරණය පිළිබද පුදුමාකාර ප්‍රශ්නයක් මේ තරුණ පරම්පරාවට තිබ්බා. අපේ කුඩා කාලෙ අපි අලි ගාලක හැදෙන්නා වාගෙයි හිටියෙ. නමුත් අද වෙනකොට පුදුමාකාර හුදෙකලා සමාජයක් තියෙන්නෙ. එකමුතුකමක් නෑ. හරි ම තනි මිනිස්සු. තමන්ගෙ පරම්පරා උරුමයෙන්, රුධිර උරුමයෙන් බලා කියාගන්න විශ්වාසවන්ත අප්පච්චී චරිතය ගිලිහිලා ගිහිල්ලයි තිබ්බෙ. තරුණයො හරියට තනි වුණා. අනේ අපට ඉන්න තිබිච්ච අප්පච්චී නේද මේ කියන සංකල්පය තමයි ඔහු මේ ටෙලි නාට්‍යයට තේමා කරගන්නෙ. අන්න එයයි මා ආකර්ශණය කළේ.
මෙවන් වාතාවරණයක නාමල් ජයසිංහ වැනි තිර කතා රචකයෙක් සිටීම මට හරි සංතෝසෙට කාරණයක්. ඒ වගේමයි ධම්මික පීරිස් කියන තරුණ කැමරා ශිල්පියා. මං අවුරුදු 15 කින් විතර පස්සෙ ගිහින් ටෙලි නාට්‍ය පසුතලේක ඉද ගත්තම මට පේන දේ තමයි තාක්ෂණය පුදුමාකාර විදිහට දියුණු වෙලා කියන එක. අද වන විට හඬ පටිගත කිරීම, රූපගත කිරීම නමැති තාක්ෂණය යාන්ත්‍රික මට්ටමෙනුත් දියුණු වෙලා වෘත්තීය මට්ටමෙනුත් දියුණු වෙලා. ඒ නිසා නළුවෙකුට කරන්න අවශ්‍ය දේවල් අඩුයි.
මම අන්තිමට රඟපෑවෙ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අකාල සන්ධ්‍යා’ ටෙලි නාට්‍යයෙයි. ඉතින් මම ඊළඟට රඟපාන්න බලාපොරොත්තු වෙන්නෙ ඊට වඩා හොඳ එකකනෙ. ඒ නිසා මට නැවත හැරෙන්න අප්පච්චී හොඳ අවස්ථාවක්.
වෙළෙද සමාජයකදී තරඟකාරීත්වය තමයි ඕන වෙන්නෙ. තරගකාරී සමාජ ක්‍රමයකට මුහුණ දෙන්න සුදුසු සිනමා කර්මාන්තයක් නොතිබුණ නිසා ඔන්න අපි කඩන් වැටුණා. එතනින් එහාට අපිව ගොඩගන්න කිසිම කෙනෙකුට බැරිව ගියා. කර්මාන්තය අද වෙනකොට අන්තයට ම පිරිහිලා. මේ මොහොත වන විට ලෝක සිනමාව අසල ඉන්දියාව ඉන්නෙ. අපේ සිනමා කර්මාන්තය කඩන් වැටෙන්න අනිත් හේතුව තමයි ප්‍රේක්ෂයන් හිඟ වීම සහ සිනමා ශාලා විනාශ වීම. ඒ නිසා තමයි මම 2008 දී අබා නිර්මාණය කළේ. මේ කර්මාන්තමය සිනමාව ගුණාත්මකව ගොඩගන්න කරපු සත්කාරයක් තමයි ඒක. කර්මාන්තය හරහා කාම රැළි, හාස්‍ය රැළි හමා ගියා. ඉන් වෙච්ච සෙතක් නෑ. මම ඒ නිසා ඇති කළා ඉතිහාස රැල්ලක්. ඒකෙන් යහපතක් වුණේ.
කර්මාන්තය ගොඩගන්න නම් ගුණාත්මක සිනමාව ජනප්‍රිය කළ යුතුයි. ඒක තමයි මගේ මතය වෙන්නෙ. ඊට පෙර තිබ්බෙ ගුණාත්මක සිනමාව ජනප්‍රිය නෑ, ජනප්‍රිය සිනමාව ගුණාත්මක නෑ කියලා. මගේ සටන් පාඨය නම් ගුණාත්මක දේ ජනප්‍රිය විය යුතුයි කියන එක.
source- http://www.dinamina.lk/2012/06/08
l දීර්ඝ නිහැඬියාවකට පසුව ටෙලි නාට්‍යයක රඟපෑමට ඔබ තීරණය කරනවා.හරියට ම කීවොත් වසර 15 ට පසුව.මේ සා දීර්ඝ කාලයක් ටෙලි නාට්‍යයෙන් ඔබව ඈත් කර තැබූ හේතු සහ නැවත රඟපෑමට ඔබව පෙළඹ වූ හේතු කාරණා මොනවාද?

අවුරුදු ගණනාවක් ම මම මට ගැළපෙන චරිත නැතිව ඉදලා තියෙනවා. මම රඟ නොපාපු අවුරුදු 15 දිහා නැවත හැරිලා බලද්දි මට හිතෙන්නෙ හොඳ ටෙලි නාට්‍යවල තිබුණු හිඟය තමයි ඒකට හේතුව. මුල් කාල වකවානුවෙදි ගුණාත්මක ටෙලි නාට්‍යවල හිඟයක් තිබුණෙ නෑ.ඒ වෙද්දි මං අවුරුද්දකට එකක් ගානෙ වගේ ටෙලි නාට්‍යවල රඟපෑවා.නමුත් ක්‍රම ක්‍රමයෙන් මේ කාල පරාසය ටිකෙන් ටික දිග වුණා. අවුරුද්ද දෙක වුණා, අවුරුදු දෙක තුන වුණා. අවුරුදු පහ වුණා. අන්තිමේදී පහළොවත් වුණා.
සමහර කෙනෙක් හිතනවා නම් මම කාර්යබහුල වෙලා, මට නාට්‍ය එපා වෙලා කියලා ඒක වැරදියි. මම කාර්යබහුල නෑ. මම කාල කළමණාකරණය කරන කෙනෙක්. රඟපාන්න තරම් හොඳ පිටපතක් මට මේ කාලෙ ඇතුළත ලැබුණෙ නෑ. මම ප්‍රතික්ෂේප කරපු ටෙලි නාට්‍ය පිටපත් ප්‍රමාණය අප්‍රමාණයි. මම එහෙම ප්‍රතික්ෂේප කරපු ටෙලි නාට්‍ය දැන් ප්‍රදර්ශනය වෙනවා. ඒත් ඒවා දකිද්දි මට අනේ අපොයි කියලා හිතෙන්නෑ.මට හිතෙන්නෙ මගෙ තීරණය හරියි කියලා.
l ‘අප්පච්චී’ ටෙලි නාට්‍ය වෙත ඔබව ආකර්ශණය කළ හේතු කාරණා මොනවාද?වසර 15 ට පසුව ඔබ සොයමින් සිටි චරිතය ද මේ?
මේක මේ තරුණයෙක් විසින් රචනා කරපු ටෙලි නාට්‍යයක්. නාමල් ජයසිංහ කියන තරුණ පිටපත් රචකයා සහ ආනන්ද අබේනායක කියන අධ්‍යක්ෂවරයා යටතේයි මම අප්පච්චි රංගනයට එකතු වෙන්නෙ. ආනන්ද අබේනායක කියන්නෙ ටෙලි නාට්‍ය කලාව අර්බුදයට පත් වෙද්දි උඩුගං බලා පීනන්නෙක්. එහෙම ගුණාත්මක ටෙලි නාට්‍ය තනන බොහෝ ම අතලොස්සයි අද ඉන්නෙ.මේ ගොහොරු මඩේ පරිස්සමින් නෙළුමක් වගේ ඔහු පිපිලා ඉන්නවා. ඔහු මීට අවුරුදු 5 ට විතර කලින් මගේ ළඟට ගැනැත් දුන්නෙ අප්පච්චී කියන චිත්‍රපට පිටපත. 
නාමල් ජයසිංහගේ පිටපතින් මං දකින්නෙ මෙතෙක් කල් මම දැක්කෙ නැති ගුණාත්මක පිටපතක ලක්ෂණ. මේ අලුත් පරම්පරාවලට හමු නොවූ, ඔවුන් නිතැතින් ම බලාපොරොත්තු වන වීර අප්පච්චි කෙනෙක් තමයි මේ පිටපතේ ඉන්නෙ. මේ අලුත් පරම්පරා යුද්ධෙත් එක්ක ඉපදිච්ච අයනේ. යුද පිටියක ඉපදුණාම රැකවරණයෙන් තොරයිනෙ.
එතකොට රැකවරණය පිළිබද පුදුමාකාර ප්‍රශ්නයක් මේ තරුණ පරම්පරාවට තිබ්බා. අපේ කුඩා කාලෙ අපි අලි ගාලක හැදෙන්නා වාගෙයි හිටියෙ. නමුත් අද වෙනකොට පුදුමාකාර හුදෙකලා සමාජයක් තියෙන්නෙ. එකමුතුකමක් නෑ. හරි ම තනි මිනිස්සු. තමන්ගෙ පරම්පරා උරුමයෙන්, රුධිර උරුමයෙන් බලා කියාගන්න විශ්වාසවන්ත අප්පච්චී චරිතය ගිලිහිලා ගිහිල්ලයි තිබ්බෙ. තරුණයො හරියට තනි වුණා. අනේ අපට ඉන්න තිබිච්ච අප්පච්චී නේද මේ කියන සංකල්පය තමයි ඔහු මේ ටෙලි නාට්‍යයට තේමා කරගන්නෙ. අන්න එයයි මා ආකර්ශණය කළේ.
මෙවන් වාතාවරණයක නාමල් ජයසිංහ වැනි තිර කතා රචකයෙක් සිටීම මට හරි සංතෝසෙට කාරණයක්. ඒ වගේමයි ධම්මික පීරිස් කියන තරුණ කැමරා ශිල්පියා. මං අවුරුදු 15 කින් විතර පස්සෙ ගිහින් ටෙලි නාට්‍ය පසුතලේක ඉද ගත්තම මට පේන දේ තමයි තාක්ෂණය පුදුමාකාර විදිහට දියුණු වෙලා කියන එක. අද වන විට හඬ පටිගත කිරීම, රූපගත කිරීම නමැති තාක්ෂණය යාන්ත්‍රික මට්ටමෙනුත් දියුණු වෙලා වෘත්තීය මට්ටමෙනුත් දියුණු වෙලා. ඒ නිසා නළුවෙකුට කරන්න අවශ්‍ය දේවල් අඩුයි.
මම අන්තිමට රඟපෑවෙ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අකාල සන්ධ්‍යා’ ටෙලි නාට්‍යයෙයි. ඉතින් මම ඊළඟට රඟපාන්න බලාපොරොත්තු වෙන්නෙ ඊට වඩා හොඳ එකකනෙ. ඒ නිසා මට නැවත හැරෙන්න අප්පච්චී හොඳ අවස්ථාවක්.
l වර්තමාන සිනමා කර්මාන්තය ගැන ඔබේ අදහස කුමක්ද? ලෝක සිනමා සිතියමේ අපේ තැන කොතැනද? සිංහල සිනමාව ගැන අනාගත බලාපොරොත්තු තැබිය හැකිද?
බලාපොරොත්තු කොයි මොහොතකවත් කඩා වැටෙන්නෙ නෑ. කවදාවත් අසුබවාදී වෙන්න අපට කාරණා නෑ. අපේ රටේ සිනමාවේ ප්‍රශ්නය තියෙන්නෙ සිනමා කලාවේ නෙවෙයි, සිනමා කර්මාන්තයේයි. කලාත්මක කියන ගණයට වැටෙන සිනමාපට 1956 ඉදල ම අපි හදනවා. රේඛාව බිහි වෙච්ච දා සිට ගත්තම එදා ඉදන්ම වාර්ෂිකව කලාත්මක චිත්‍රපට හැදෙනවා. අවුරුද්දකට හැදෙන කලාත්මක සිනමාපට ගණන එදාට වඩා අද වැඩියි. එයිනුත් සිනමා උළෙලවල සම්මාන ලබා ගන්න සිනමාපට ප්‍රමාණය 70 දශකයට වඩා වැඩියි.මුල්ම යුගයේ ඉන්දීය සිනමාවේ ඒකාධිකාරය අහිමි වෙනවා ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවීමත් සමඟම. ජාතික සිනමාව හරහා ඩී.බී.නිහාල්සිංහයන් ගොඩනඟන විශාල ක්‍රියාවලියක් නිසා 70 දශකය ස්වර්ණමය යුගය බවට පත් වෙනවා.ඉන් එහාට ශ්‍රී ලංකාවට බලපාපු විවෘත ආර්ථිකයත් එක්ක අර හුදෙකලා කරපු සිනමාවට හැප්පෙන්න බැරිව ගියා. වෙළෙද සමාජෙට ගැළපෙන සිනමා ක්‍රමයක් අපි හදාගෙන තිබුණේ නෑ.වෙළෙද සමාජයකදී තරඟකාරීත්වය තමයි ඕන වෙන්නෙ. තරගකාරී සමාජ ක්‍රමයකට මුහුණ දෙන්න සුදුසු සිනමා කර්මාන්තයක් නොතිබුණ නිසා ඔන්න අපි කඩන් වැටුණා. එතනින් එහාට අපිව ගොඩගන්න කිසිම කෙනෙකුට බැරිව ගියා. කර්මාන්තය අද වෙනකොට අන්තයට ම පිරිහිලා. මේ මොහොත වන විට ලෝක සිනමාව අසල ඉන්දියාව ඉන්නෙ. අපේ සිනමා කර්මාන්තය කඩන් වැටෙන්න අනිත් හේතුව තමයි ප්‍රේක්ෂයන් හිඟ වීම සහ සිනමා ශාලා විනාශ වීම. ඒ නිසා තමයි මම 2008 දී අබා නිර්මාණය කළේ. මේ කර්මාන්තමය සිනමාව ගුණාත්මකව ගොඩගන්න කරපු සත්කාරයක් තමයි ඒක. කර්මාන්තය හරහා කාම රැළි, හාස්‍ය රැළි හමා ගියා. ඉන් වෙච්ච සෙතක් නෑ. මම ඒ නිසා ඇති කළා ඉතිහාස රැල්ලක්. ඒකෙන් යහපතක් වුණේ.
කර්මාන්තය ගොඩගන්න නම් ගුණාත්මක සිනමාව ජනප්‍රිය කළ යුතුයි. ඒක තමයි මගේ මතය වෙන්නෙ. ඊට පෙර තිබ්බෙ ගුණාත්මක සිනමාව ජනප්‍රිය නෑ, ජනප්‍රිය සිනමාව ගුණාත්මක නෑ කියලා. මගේ සටන් පාඨය නම් ගුණාත්මක දේ ජනප්‍රිය විය යුතුයි කියන එක.
l ‘ඇසළ කළුවර’ වැනි ටෙලි නාට්‍යයක් නැවත නිර්මාණය කරන්න අංශුමාත්‍රික හෝ අදහසක් ඔබ තුළ සැඟවී හෝ පවතිනවාද?
සමාජ ප්‍රශ්නයක් සානුකම්පිතව බැලීම ටෙලි නාට්‍යයට අයිතියි. මම ඇසළ කළුවර හරහා කළේ එවැනි දෙයක්. අපි අද මෙගා කියලා ලොකු ආරවුලක පැටලිලා ඉන්නේ. අපි වැරදි තැනකින් මේ අල්ලගෙන ඉන්නෙ. නාට්‍ය දිගද,කොටද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ.ඒක ටෙලි නාට්‍යයක්ද නැද්ද කියන එකයි. නැවත ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න මගේ විශාල බලාපොරොත්තුවක් සහ සූදානමක් තියෙනවා. ඇත්තටම මම දැන් ලෑස්තියි ඒකට. නමුත් මේ වෙළෙද ලෝකේ සූදානම් නෑ මගේ ප්‍රයත්නය සාර්ථක කරලා දෙන්න. මට අවශ්‍යයි මේ ටෙලි නාට්‍ය රැල්ල වෙනස් කරන්න. මම හිතනවා නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය කලාවට දැවැන්ත රැල්ලක් ඇති කරන්න. මම අලුත් සිනමාපටයකුත් කරන්න අදහස් කරගෙන ඉන්නෙ. මේක අබා චිත්‍රපටයටත් වඩා සංගීතය,සෞන්දර්ය,නැටුම්,ගැයුම් ,වැයුම් ආදිය අන්තර්ගත සිනමාපටයක්. මම මේකට තෝර ගත්තෙ මනෙම. මේ අවුරුද්ද ඇතුළත මම මේ චිත්‍රපටය නිම කරලා ජනකාන්ත යමක් ප්‍රේක්ෂකයාට තිළිණ කරනවා.source- http://www.dinamina.lk/2012/06/08
No comments:
Post a Comment