කහවත්ත - කොටකෙතන කාන්තාවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මෙම ප‍්‍රධාන සැකකරු රත්නපුර - විශේෂ විමර්ශන අංශයට භාරදීමෙන් අනතුරුව රහස් පොලීසිය වෙත භාර දුන් බවයි කහවත්ත පොලීසියේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීම් සිදුකරන බව සඳහන්. අත්අඩංගුවට ගත් පුද්ගලයා එම ප‍්‍රදේශයේම පදිංචි ඝාතනයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ ඥාතියෙකු වනවා. දැනට අනාවරණය වී ඇති කරුණු අනුව මෙම ඝාතනය සිදුකර ඇත්තේ පවුල් ආරවුලක් මූලික කර ගනිමින්. මීට අමතරව ඝාතනයට ලක්වූ කාන්තාවන් දෙදෙනාට අයත් ඉඩමේ මැණික් පවතින බවට පැතිර ගිය රාවයක් මෙම ඝාතනය සිදුකිරීමට හේතුවී ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ. පසුගිය දා සිය නිවස තුළ දී මෙම කාන්තාවන් දෙදෙනා පිළිස්සී මිය ගොස් සිටියා. source-http://hirunews.lk
Subscribe to:
Post Comments (Atom)
Contact Us
sricafelk@gmail.com
No comments:
Post a Comment