කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේදී මේ විස්මිත සැත්කමින් පසු ඔහු දැන් එහි සුවය ලබමින් සිටී. ඔහු පානදුරයේ කළුදෑවල 17 හැවිරිදි තරුණයෙකි.
දොස්තර තුෂාන් බෙනරගමගේ මගපෙන්වීමෙන් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අමිල සිරිවර්ධන, වෛද්‍ය සුසිල් කුමාර හා වෛද්‍ය තුෂාර මුණසිංහ යන මහත්වරු මෙම අත බද්ධ කිරීමේ සාර්ථක සැත්කමට මූලික වූහ.
”බද්ධ කිරීම් කියන්නේ ප්ලාස්ටික් ශල්‍ය විද්‍යාවේ එක කොටසක් විතරයි. තව බොහෝ විශ්මිත සැත්කම් වර්ග තියෙනවා. ඒ ගැන ජනතාව දන්නවා අඩුයි. ලංකාවේ තියෙන එකම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකය තමයි කොළඹ ජාතික රෝහලේ අප සේවය කරන මෙම ඒකකය. පහසුකම් අඩු වුවත් අපි උපරිම කැපවීමෙන් රෝගීන්ට අවශ්‍ය සියලූ සැත්කම් මෙහි සිදු කරනවා යැයි ප්ලාස්ටික් ශල්‍ය වෛ්‍ය අමිල සිරිවර්ධන මහතා පැවැසීය.
සමහර දවස්වලට පැය විසි හතරම අපි ඉන්නේ ශල්‍යාගාරයේ. එක දිගට ශල්‍යකර්ම කරනවා. අපිට හොඳ හෙද කර්ය මණ්ඩලයක් වගේම සුළු සේවක පිරිසකුත් ඉන්නවා. මෙම සැත්කම් පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීම පිළීබඳ අපි මාධ්‍යයට ස්තුතිවන්ත වෙනවා.
පූජනී ගුණසේකර හෙද සොයුරිය දිස්නා පණ්ඩිතරත්න, නිලූකා ගමගේ, ශාමා රාජපක්ෂ, අනෝමා හැන්දකුඹුර යන හෙද නිලධාරිනියෝද ජගත් පද්ම කුමාර ඇතුළු සුළු සේවක කාර්ය මණ්ඩලයද මෙම සැත්කම සඳහා විශාල මෙහෙයක් කළහ.

දොස්තර තුෂාන් බෙනරගමගේ





හෙද කාර්ය මණ්ඩලය.

No comments:
Post a Comment