If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Thursday, June 7, 2012

'ස' සමුගනී අවසන් ප්‍රසංගය ජූලි 20දා


සුවහසක් රසික ජනතාවගේ හදවත් සනසාලූ වික්ටර් රත්නායකගේ ‘ ස ‘ ප්‍රසංගයේ සමාප්තිය ‘ස’ ප්‍රසංගය ඇරැඹි හැව්ලොක් ටවුන්හි ලුම්බිණි රඟහලේ දී ජුලි 20 වැනිදා ගීතවත්වෙයි..
වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගය මෙරට ඒක පුද්ගල ගී ප්‍රසංගවල ආරම්භයයි. ඉතා සාර්ථක ලෙස පුරා වසර තිස් නවයක් තිස්සේ දෙස් - විදෙස් හී ඉදිරිපත් කළ ‘ස’ ප්‍රසංගය තරම් අන් ප්‍රසංග සාර්ථක නොවුණු බව කාටත් රහසක් නොවේ.
මේ සොඳුරු කෝකිලයාගේ සංගීත දිවියට අඩ සියවසක් සපිරෙන මොහොතේ මෙසේ නිමාව දකින ‘ස’ ප්‍රසංගය 18, 19, 20 යන තෙදිනයන්හිම පැවැත්වීමට නියමිතය.
18 වැනිදා – අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේත්
19 වැනිදා – පණ්ඩිත් අමරදේවයන්ගේ ප්‍රධානත්වයෙන් මහරගම යොවුන් රඟහලේත්
20 වැනිදා – මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ප්‍රධානත්වයෙන් ලුම්බිණි රඟහලේදීත් පැවැත්වේ.
source- http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com