If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Tuesday, May 22, 2012

විශාලතම ආවරණයෙන්, සුපිරි තාක්ෂණයෙන් හිරු ටී.වී. හෙට සිට.

මෙරට ගුවන්විදුලි සන්නිවේදන ක්ෂේත‍්‍රයේ දැවැන්තයා වන ඒ.බී.සී. මාධ්‍ය ජාලය සිය  පළමු ටෙලිවිෂන් නාලිකාව හිරු ටී.වී. නමින් හෙට (23) උදෑසන 06.02 ට යෙදෙන සුබ මොහොතින් විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. දශක 3 කට වැඩි ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ අති දැවැන්ත පෙරළියක් සිදුකරමින් පර්යේෂණ විකාශයේ සිටම මෙරට වැඩිම ආවරණ කලාපයක් හිමි ටෙලිවිෂන් නාලිකාව ලෙසටයි හිරු ටී.වී ඉතිහාස ගතවන්නේ. එමෙන්ම ශ‍්‍රී ලාංකීය ටෙලිවිෂනයට එක්වන පළමු සහ එකම ඩිජිටල් තාක්ෂණයෙන් යුත් ටෙලිවිෂන් නාලිකාව මෙන්ම, එච්.ඩී. හෙවත් හයිඩෙෆිනිෂන් තාක්ෂණය භාවිතා කරන නාලිකාව වන්නේද හිරු ටී.වී. නාලිකාවයි. ශ‍්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් ටෙලිවිෂන් නාලිකාවක් සඳහා වැය කළ වැඩිම මුදල් ආයෝජනය ද හිරු ටී.වී. සඳහා යොදවන්නට ඒ.බී.සී මාධ්‍ය ජාලය නොපැකිළව පෙරමුණ ගත්තේ ඔවුන් සෑම විටම පේ‍්‍රක්ෂකයින්ගේ උසස් රස වින්දනය ප‍්‍රමුඛ කොට සලකන නිසාවෙන්. එච්.ඩී තාක්ෂණය ඔස්සේ ශ‍්‍රී ලංකාව තුළ මෙතෙක් ටෙලිවිෂන් පේ‍්‍රක්ෂකයින් අත්විඳ නොමැති නොසිතූ විරූ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් රූප රාමු රස විඳීමේ හැකියාව හිමිකරදීමේ ගෞරවය හිමිවන්නේත් හිරු ටී.වී නාලිකාවටයි. පේ‍්‍රක්ෂක රසවින්දනය උදෙසාම පෙළ ගැසුණු විවිධත්වයෙන් යුත් දේශීය සහ විදේශීය වැඩසටහන් මාලාවක් ඔබ වෙත ගෙන එන්නට හිරු ටී.වී කටයුතු යොදා තිබෙනවා. හිරු ටී.වී ආරම්භය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශී‍්‍ර ලාංකීය විද්‍යුත් මාධ්‍යකරණය නව මානයක් ඔස්සේ අතික‍්‍රමණය කළ ඒ.බී.සී. මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා සඳහන් කළේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම සහ එකම එච්.ඩී. තාක්ෂණයෙන් යුත් ස්ටීරියෝ ඩිජිටල් විප්ලවය හිරු ටී.වී. ලෙසින් දියත් කෙරෙන බවයි.
source- http://hirunews.lk/

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com