If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Sunday, September 30, 2012

දියවැඩියාව (Diabetes mellitus)

දියවැඩියාව ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි (සින්ඩ්‍රෝමයකි).
මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව වුවද ඇතිවිය හැකිය. මෙහි ආවේනික රෝග ලක්ෂණයක් වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි. රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය.

ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන ඇති අන්දමට දියවැඩියාව ප්‍රධාන ලෙස වර්ග 3 කි.
1. පළවෙනි වර්ගයේ දියවැවියාව (Type 1 diabetes)
2. දෙවැනි වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes)
3. ගර්භනී අවස්ථාවන් වලදී ඇතිවන දියවැඩියාව (Gestational diabetes)

ගර්භනී දියවැඩියාව බොහෝ විට දරුප්‍රසූතියෙන් පසුව පහවී යන අතර පළමු හා දෙවන වර්ග යේ දියවැඩියාව කලින් කළ පවතින නිදන්ගත රෝගයන්වේ.

පළමු වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාසයේ බීටා සෛල සිරුර තුළ ස්වාභාවිකවම ඇතිවන තත්වයන් නිසා විනාශවීමෙනි. දෙවෙනි වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ ඉලක්ක අවයවයන් හෝමෝන කෙරෙහි ඇතිකරන ප්‍රතිරෝධීතාවය නිසයි. මේ නිසා අසාමාන්‍ය ලෙස ඉහළ සාන්ද්‍රණයකින් ඉන්සියුලින් දේහයට අවශ්‍ය වන අතර දිය වැඩියාව ඇති වන්නේ බීටා සෛල වලට මෙම අවශ්‍යතාවයන් සපයාදීමට අපොහොසත් වන අවස්ථාවන්හිදීය.

දියවැඩියාව නිසා ඇතිවන අතුරු ආබාධ ලෙස ඇස්වල පෙනුම අඩුවීම, වකුගඩු රෝගී වීම, අංශභාගය ඇතිවීම මේ අතර වේ. නිසි අයුරින් ප‍්‍රතිකාර නොගත හොත් අත් පා හිරි වැටීම, කල් පවතින තුවාල ඇති වීම තුවාල සනීප නොවීම නිසා ශල්‍යකර්ම මගින් අත් පා කපා ඉවත් කිරීමටද ඇතැම් අවස්ථා වලදී සිදුවේ.දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ ඇති ග්ලුකෝස් මට්ටම ඉහළ යාම හා පහළ වැටීම නිසා රෝගීන් සිහිමුර්ජා වීම සිදු විය හැක. මේ තත්ත්වය Diabetic coma ( ඩයබිටික් කෝමා ) යනුවෙන් හඳුන්වා දේ.

දියවැඩියාව නොයෙකුත් සංකූලතා ඇති කරයි. ක්ෂණිකව ඇතිවන සංකූලතාවයන් (ක්ෂණිකව සිරුරේ ග්ලුකෝස් මට්ටම පහළ යාම) ඇතිවන්නේ රෝගය නිසියාකාරව පාලනය නොකලහොත්ය. බැරෑරුම් දීර්ඝකාලීන සංකූලතාවයන් වන්නේ රුධිර සංසරණ පද්ධතියේ රෝගී තත්ත්වයන්, වකුගඩු අඩපණ වීම,දෘෂ්ටිවිතානයට හානිවීම හා අවසාන වී අන්ධතාව ඇතිවීම, ස්නායු දුර්වල වීම , කුඩා රුධිර වාහිණී වල‍ට හානිවීම නිසා සිදුවන පිරිමින්ගේ පුරුෂ ශක්තිය හීනවීයාම. හා තුවාල සුවවීම ප්‍රමාද වීමෙන් තුවාල ඔඩුදිවීම සිදුවේ. මේ නිසා සැත්කමක් මගින් පාදය කපා ඉවත්කිරීමට පවා සිදුවිය හැක.

ඔබත් දියවැඩියා රෝගියෙක් නම්
1. ඔබගේ ආහාරපාන ගැන නිතර සැලකිලිමත් වන්න.
2. මාසයකට වරක් ඔබේ රුධිරයේ සිනි මට්ටටම පරික්ෂ කර බලන්න. (පැය 10 ක් නිරාහාරව ලබාගන්න රුධිරයේ සිනි මට්ටටම 110 mg /dl වලට වඩා අඩු කර ගන්න.)
3. දියවැඩියාව පාලනය කල හැකි රෝගයක් මිස එය කිසිදා සුව කල කල නොහැකි බව මතක තබා ගන්නා. එමනිසා කිසිදිනක මොනම හේතුවකටවත් ඔබ ගන්නා පෙති හෝ ඉන්ජෙක්ෂන් අමතක කරන්න එපා.
4. ඇතිවිය හැකි සංකුලතා ගැන නිතර අවදානයකින් ඉන්න.
source- http://www.dosthara.com

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com