ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, කොළඹ වෙස්ලි විදුහල, කොළඹ රාජකීය ගොල්ෆ් පිටිය, කතානායක නිල නිවස, මරදාන දුම්රියපොළ ඇතුළු ශ්‍රී ලංකාවේ දර්ශන තල හැට පහකදී මෙම චිත්‍රපටය රූගන්වා ඇත.
විධායක අධීක්ෂණය, නිෂ්පාදන සැලසුම්, උපදේශනය, දර්ශන තල ඉදි කිරීම සහ අයවැය සැළසුම්කරණය සිදු කරනු ලැබුවේ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන එරල් කෙලී, ඒන්ස්ලි ද සිල්වා, ගෝපී ධර්මරත්නම් විසිනි.
Mid Nights Children චිත්‍රපටයේ නිෂ්පාදක ඩේවිඩ් හැමිල්ටන් එම උත්කර්ෂවත් මංගල දර්ශනයට සහභාගි වන ලෙසට Film Team ආයතනයට ආරාධනා කර තිබේ.
මෙම චිත්‍රපටයට පදනම්ව ඇත්තේ බුකර් සම්මානයෙන් පිදුම් ලද සල්මන් රුෂ්ඩිගේ ලෝ ප්‍රකට නවකතාවයි. සොනාලි ඛාන්, ශබානා ආස්මී, ශ්‍රියා සරන්, සීමා බිස්වානි, රාහුල් බෝස්, සභානා ගෝස්වාමී සහ අනුපම් කේර් මෙහි චරිත නිරූපණය කර තිබේ.
source- http://www.sarasaviya.lk
No comments:
Post a Comment