If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Tuesday, September 18, 2012

අංකුර සහිත අර්තාපල් කෑවොත් ස්නායු ආබාධ

කොළ පැහැති-තැලී පොඩි වූ- පැළවුණු අර්තාපල් කෑවොත් ස්නායු රෝග අවදානමක්- කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී. 

අර්තාපල් ආහාරයට ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කලයුතු බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසනවා.

අංකුර සහිත අර්තාපල්, කොළ වර්ණයෙන් යුත් අර්තාපල් හා තැලී පොඩි වූ අර්තාපල් ආහාරයට ගැනීම මගින් එහි අඩංගු ලයිකෝ ඇලෝකෝ ලයිම් නම් අහිතකර රසායනික ද්‍රව්‍ය ශරීරගතවීමේ අවදානමක් ඇතිවන බවයි ඔහු පවසන්නේ.


එම රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම මගින් ස්නායු පද්ධතියට බරපතල ලෙස හානි සිදුවීමේ අවදානමක් මතුවන අතර ඇතැම් වෙළදුන් එසේ ආහාරයට නුසුදුසු අර්තාපල් යොදා කෙටි ආහාර නිෂ්පාදනය කරන බවත් ඒ මගින් ජනතාවට අහිතකර බලපෑම් මතුවීමේ ඉඩකඩ ඇතිවිය හැකි බවත් ඔහු පවසනවා.

පසුගිය සතිය තුල පමණක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන ලද වැටලීම් වලදී නුසුදුසු අර්තාපල් කිලෝ ග්‍රෑම් 4000 ක් ඔවුන් භාරයට ගෙන ඇත.

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com