If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Friday, August 31, 2012

චම්පා ශ්‍රියාණි නැවතත් මිල්ලෑව වලව්ව ගෙදරට

දිගු කලකට පසු චම්පා ශ්‍රියාණිගේ රංගනයත් සමඟ තැනෙන මිල්ලෑව වලව්ව හි මුහුරත් උළෙල පසුගියදා බොරැල්ල ඕ. සී. අයි. සී ආයතන පරිශ්‍රයේදී පැවැත්විණ.
සුනෙත් මාලිංග ලොකුහේවාගේ නවතම ටෙලි සිතුවම වන එය අසූව දශකයේ අග භාගය කේන්ද්‍ර කර ගනිමින් වලව්වක සිදුවන අද්භූත සිදුවීම් පෙළක් ඇසුරෙන් නිර්මාණය වන්නකි.
ක්ලීටස් මෙන්ඩිස්, නලීන් ප්‍රදීප් උඩවෙල, මොරීන් චාරුනී, ගාමිනී හෙට්ටිආරච්චි, නිමන්ති පෝරගේ, ධනංජය සිරිවර්ධන, සහන් රන්වල, නිරෝෂා හේරත්, ගයේෂා පෙරේරා, ගුවනි චාපා, සත්සර සවන, තාරක අධිකාරි සහ අනුර ජයසේකර මිල්ගෑව වලව්ව තුළ සැරිසරන නළු නිළි කණ්ඩායමයි.
මෙය ප්‍රභාත් රෝෂන් සමඟ ඉරෝෂන ගයාන් වීරකෝන් නිෂ්පාදනය කරති. චින්තක පීරිස්ගේ රූපවාහිනී රචනයකි. ප්‍රභාත් රෝෂන් කැමරාව මෙහෙයවයි. සහාය අධ්‍යක්ෂණයෙන් ධනුෂ්ක ජයවර්ධන එක්වෙයි.
සුනිල් තිලකරත්න නිෂ්පාදන කළමනාකරුය. අජිත් හත්වැල්ල කලා අධ්‍යක්ෂවරයා වේ. තාරක අධිකාරි අංග රචනයෙන් දායක වන මෙහි සංස්කරණය භාරදී ඇත්තේ ශාන් අල්විස්ටය.
රවිහාන්ස් වැටකෙපොත පසුබිම් සංගීතය නිර්මාණය කරයි. මාධ්‍ය සම්බන්ධීකරණය ඇන්ටන් ජේ. ගෙනි.
මිල්ලෑව වලව්ව හි අධ්‍යක්ෂ සුනෙත්, සිංහාවලෝකන සිනමාපටයේ නිර්මාණකරුය.
ඔහුගේ අධ්‍යක්ෂණයෙන් යුතු ආයෙමත් ආදරෙන් චංචල රේඛා (චංචල රේඛා සිනමාපටය ඇසුරෙන්) යන ටෙලි සිතුවම් ළඟදීම විකාශයවීමට නියමිතය.
source- http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com