If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Tuesday, July 17, 2012

එස්.එල්.පී.එල්. කොන්ත‍්‍රාත්තුව ගැන බලන්නේ වාර්ෂික ගිවිසුම අත්සන් කළාට පසුවයි - මහේල ජයවර්ධන


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 තරගාවලියේ (එස්.එල්.පී.එල්.) කොන්ත‍්‍රාත්තුව සම්බන්ධයෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන පැවසීය.
එස්.එල්.පී.එල්. තරගාවලිය නිල වශයෙන් ප‍්‍රචාරය කිරීම වෙනුවෙන් අද (16) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී මහේල එසේ පැවසීය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම අත්සන් කිරීම ප‍්‍රමාදවීම එස්.එල්.පී.එල්. තරගාවලියට බලපෑමක් ඇති වී තිබේදැයි මාධ්‍යවේදීයකු නැගූ ප‍්‍රශ්නයට මහේල මෙසේ පැවසීය.
‘‘ක‍්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම මේ දක්වා අත්සන් කර නෑ. ඒ පිළිබඳව සාකච් ඡාකරමින් සිටිනවා. එය අත්සන් කිරීමෙන් පසුවයි, මෙම තරගාවලියේ (එස්.එල්.පී.එල්.) කොන්ත‍්‍රාත්තුව පිළිබඳව කටයුතු කරන්නේ’’
මෙම මාධ්‍යහමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා මහතා පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව සංචාරවලට සහභාගි වී සිටි නිසා ගිවිසුම් අත්සන් කිරීම ප‍්‍රමාද වූ බවයි.
මහේල මාධ්‍යහමුව අමතමින්...
source- http://www.lankadeepa.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com