If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Sunday, July 1, 2012

බොලිවුඩ් සියවස සමරන්න අපේ තරු එක්වෙති

ඉන්දීය සිනමාවට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙරට කලාකරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද සාදයක් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා මෙරට කලාකරුවන් රැසක් සහභාගි වී සිටියහ.

හෙළයේ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය, දමිතා අබේරත්න ගීයක රස විඳිමින්
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් පී. කුමරන්, සනත් ගුණතිලක, නිළි රැජන මාලිනී ෆොන්සේකා, චිත්‍රපට අධ්‍යක්ෂ ටී. අර්ජුන සුහද කතා බහක
ආතර් යූ. අමරසේන, අමරනාත් ජයතිලක සහ නවරත්න අත්තනායක ආ ගිය තොරතුරු විමසමින්.
නිළි රැජන මාලිනී ෆොන්සේකා සමඟ චන්ද්‍රන් රත්නම්
සුමනා අමරසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි, නිළි රැජන මාලිනී ෆොන්සේකා, ශ්‍රියානි අමරසේන, සේමිනි ඉද්දමල්ගොඩ සරසවිය කැමරා ඇසට හසු වූ මොහොත.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම් ඒ. චන්ද්‍ර මහතා ඩග්ලස් රණසිංහ සහ එඩ්වින් ආරියදාස ශූරීන් මේ විමසන්නේ ඉන්දීය සිනමාවේ අලුත් තොරතුරු ගැන ද?
ඩී. බී. නිහාල්සිංහ, නිලේන්ද්‍ර දේශප්‍රියගේ මේ කතාබහ අලුත් නිර්මාණයක් ගැන ද?
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මාලා ගමගේ, අර්ජුන කමලනාත්, රොෂාන් රණවන, සනත් ගුණතිලක, විජී ගුරුනාදන්ගේ මේ කතා බහ ඉන්දීය සිනමාව ගැන ද?
නිත්‍යවානි කන්දසාමි, රංජනී රාජ්මෝහන් එකට එක් වී.
නිලාන් මලිගස්පේ, චන්දන වික්‍රමසිංහ සැරසෙන්නේ
අලුත් නැටුමකට ද?
රියර් අද්මිරාල් සරත් වීරසේකර, ඩී. බී. නිහාල්සිංහ, නිළි රැජන මාලිනී ෆොන්සේකා, චන්න විජේවර්ධන, ටී. අර්ජුන, බුද්ධි කීර්තිසේන, රන්සිරි කීර්තිසේන, මීනා කුමාරිගේ මේ කතාබහ ගාමනී ගැන ද? මාතා ගැන ද?
කාංචනා මෙන්ඩිස්, ටී. අර්ජුන, සනත් ගුණතිලක, ලකී ඩයස්, නදීශා හේමමාලි, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික කටයුතු පිළිබඳ ලේකම් බිරේන්ද්‍ර සිං, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ,
ඕෂධී හේවාමද්දුම සුහද කතාබහක.
  source-http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com