If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Tuesday, July 17, 2012

අවිගත් ලයිලා අවියෙන්ම නසී

ලයිලා ඛාන්, වඩාත් මතකයේ රැෙඳන චරිත යක් වුයේ, 2008 වසරේදී ‘වෆා - අ ඩෙඩ්ලි ලව් ස්ටෝරි’ සිනමාපටය තිරගත වීමෙන් පසුවය. ඇය රැඟුවේ හැට පැන්න සුපිරි නළු රාජේශ් ඛන්නාගේ බිරිය ලෙසයි. ඒ වන විට ලයිලා වයස විස්සක සරාගී සුරූපිනියකි.
රාජේශ් ඛන්නාගේ සිනමා ජීවිතයේ දිගු නිහැඬියාව බිඳ දැමූ ‘වෆා’ සෑම අතින්ම අසාර්ථක විය. ඒ සමඟම ‘බීනා’ ලෙසින් රැඟූ ලයිලාගේ තරු සිහිනය ද උපන් තැනම මිය ගියේය. එහෙත් සිනමාපටයේ අධ්‍යක්ෂ රාකේශ් සාවන්ත්, ලයිලාගේ සිතෙහි කලාමැදිරි එළියක තරම් බලාපොරොත්තුවක් දැල්වූයේ තවත් සිනමාපට දෙකකට ඇය සමඟ ගිවිසුමකට අත්සන් තැබූ නිසයි. ලයිලා යනු ඇයට සිනමාවේදී ලැබුණු නමයි. උප්පැන්න සහතිකයේ ඇති නම රෙෂ්මා පටෙල්ය.
ලයිලා ඊළඟට ජීවිතයේ ජය පැතුවේ විවාහයෙනි. එහෙත් එය ද වෆා සිනමාපටයේ මෙන්ම මාරාන්තික ආදර කතාවක් වී තිබේ. ඇය විවාහ වූයේ මුනීර් ඛාන් සමඟයි. ඔහු බංග්ලා දේශයේ හර්කත් – අල් - ජිහාඩ් – අල් - ඉස්ලාම් කණ්ඩායමක සාමාජිකයකි. ඔහු නිසා ඇය ද ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකාවක වූවාය.
විසෙන් විස නැසෙනවාක් මෙන් ත්‍රස්තවාදය, ත්‍රස්තවාදයෙන්ම මිය ගොස් ඇති සේය. 2011 ජනවාරි මාසයේ රාත්‍රියකදී ලයිලා මව සෙලීනා, වැඩිමල් සොයුරිය හෂ්මිනා, නිවුන් සොයුරා සහ සොහොයුරිය වන ඉම්රාන්, සාරා සහ ඥාති සොයුරිය වන රෙෂ්මා සමඟ නිවාඩුවක් ගත කිරීමට ඉගත්පූරි නිවෙසට ගොස් තිබේ. මාසයකට පසු ලයිලාගේ මව, සිය සොයුරිය අල්බානාට පවසා තිබෙන්නේ තම තෙවැනි සැමියා පර්විස් ඉක්බාල් සමඟ දියණිය ලයිලා චන්දිගාර්වල සිටින බවයි.
මේ කතාබහෙන් පසු ලයිලා ඇතුළු ඉහත නම් සඳහන් කළ මව ඇතුළු සියලු සාමාජික සාමාජිකාවන් අතුරුදන් වී ඇත්තේ කිසිවකු ගැන දූවිල්ලක තරම්වත් සාක්ෂියක් ඉතිරි නොකරමිනි. දියණිය ලයිලා ගැන කිසිදු ආරංචියක් නැති තැන, බාප්පා (මවගේ තෙවැනි සැමියා), ඉක්බාල් මූම්බායි පොලිසියට පැමිණිලිකර තිබේ. ඔහු, ලයිලා පවුලේ සාමාජික සාමාජිකාවන් කිහිප දෙනකු සමඟ අතුරුදන් වී ඇති බව පොලිසියට කියා තිබේ. එම පැමිණිල්ලම චිත්‍රපට අධ්‍යක්ෂ රාකේශ් සාවන්ත් විසින් ද කර ඇත. රාකේශ් මේ දිනවල ඔහුගේ දෙවැනි සිනමාපටය ‘ජින්නත්’ රූගත කරමින් සිටින්නේය. ලයිලා එහි ප්‍රධාන නිළියකි. ඔහු නිතර ලයිලාට දුරකතනයෙන් අමතන්න උත්සාහ කළ ද පිළිතුරක් ලැබී නැත.
ලයිලාගේ සුළු පියා පර්විස් ඉක්බාල් ද ලෂ්කර් – ජී – කලීබා ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයකි. ඔහු මේ අතුරුදන්වීම පිටුපස සිටිනවා ද යන සැකය දැන් පොලිසියට මතු වී තිබේ. ඒ වාගේම ඇයගේ පියා, නදීර් ෂා පටෙල් ද මේ සිදුවීමට සැක කරන තවත් අයකි. දියණියගේ අතුරුදන් වීම ගැන ඔහු ද පැමිණිලි කළ අතර, තමන්ට එල්ල කරන චෝදනාව ඔහු මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.
ලැබෙන වාර්තාවන්ට අනුව මහාරාෂ්ත‍්‍රයේ ත්‍රස්ත විරෝධී ඒකකය, ලයිලා හා පකිස්තානු රහස් පරීක්ෂක ඒජන්සිය අතර සබඳතාවක් තිබුණු බවට සැක කරයි. ලයිලා පාකිස්තානයේ උපන්නියකි. ත්‍රස්තවාදී ක්‍රියා ගණනාවක් පිටුපස ලයිලාගේ නම තිබෙන බව දැන් පොලිසියට රහසක් නොවෙයි. එහෙත් මේ සියල්ලම අනාවරණයකර ගැනීමට ලයිලා ඇතුළු ප්‍රබල ජීව සාක්ෂි බොහොමයක් දැන් නැත. ඔවුන් අවසන් ගමන් ගොස් හමාරය. 2011 දී මහාරාෂ්ත‍්‍රයේදී මිනිසුන් කණ්ඩායමක් කළ වෙඩි තැබීමකින් ලයිලා ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතනය වී තිබේ. පර්විස් උත්සාහ දරන්නේ ඔවුන්ගේ මිනී සොයා ගැනීමටයි. තවමත් සමූහ මිනිස් ඝාතනය, පොලිසියට ලිහා ගත නොහැකි පඹ ගාලකි.
පොලිසියට ලයිලා හා ඇයගේ පවුලේ අය සතුව තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා රන් අබරන, දියමන්ති, මුදල් හමු වී තිබේ. ඇයගේ පියා නදීර් නම් පවසන්නේ දේපළ තණ්හාවට සුළු පියා විසින් ඇය මරා දමන්නට ඇතැයි කියායි. නදීර් මිලියනපතියකි.
කෙසේ වුවත් මේ බොලිවුඩයේ මල් අකාලයේ මිලින වන කාලයකි. මුලින්ම මීනක්ෂි තාපාය. දෙවැනුව තාරුණී සච්දේව්ය. දැන් ලයිලා ඛාන්ය.
සිනමාවට නැඟීමට සත්‍ය කතා සොයන්නන්ට ලයිලාගේ කතාව රස ගුලාවකි. ඒ ලයිලාගේ ජීවිත කතාව ද සරාගී බව, කුතුහලය, ත්‍රාසය නොඅඩුව දනවන්නක් නිසයි.
source-http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com